Lexar 256GB SDXC Memory Card

SDXC යනු Secure Digital eXtended Capacity යන්නට කෙටි යෙදුමකි. දැනට වෙලඳපොලේ ඇති මෙමරි කාඩ් වලින් වැඩිම ධාරිතාව ඇත්තේ SDXC වර්ගයේ කාඩ් වලටය. SDXC කාඩ්පත් වැඩිපුරම භාවිතා කරන්නේ ඡායාරූපශිල්පීන් හා වීඩියෝ කැමරා ශිල්පීන්ය. සාමාන්‍යයෙන් භාවිතාකරන SDSC හා SDHC මෙමරි කාඩ්පත් වලට වඩා ධාරිතාව හා දත්ත හුවමාරු වේගය ඉතා ඉහල SDXC කාඩ්, විබේධනය ඉහල RAW ආකෘතියේ ඡායාරූප හා HD වර්ගයේ වීඩියෝ පටිගත කිරීම සඳහා බෙහෙවින් යොදාගැනේ.

අද වන විට SDXC කාඩ් පතකින් ලබාගත හැකි උපරිම ධාරිතාව ගිගාබයිට 64කට සීමා වී ඇතත් ලඟදීම එය වෙනස් වන බව පොපියුලර් සයන්ස් සඟරාව පවසනවා. එම සඟරාවට අනුව ලෙක්සර් නම් සමාගමක් ගිගාබයිත 256ක SDXC මෙමරි කාඩ්පතක් නිමවා තිබෙනවා. මෙය ලෝකයේ තිබෙන ඉහලම ධාරිතාව ඇති SDXC කාඩ්පත බව පැවසෙනවා. තත්පරයකට මෙගාබයිට් 400ක දත්ත හුවමාරු වේගයක් ඇති මෙම කාඩ් පත ඩොලර් 900ක් තරම් ඉහල ගණනකට මිල කොට ඇතත් ඉතා ඉක්මණින් මෙහි මිළගණන් පහල යනු ඇතැයි විචාරකයින් පවසනවා.

Comments

  1. අහන්නත් සංතෝශයි . එය, 'ප්ලැෂ් මෙමරි' ඇති කැමරා පාවිච්චි කරන 'වීඩීයෝග්‍රැපර්' ලාට ලොකු අස්වැසිල්ලක් වේවි . ඇමරිකාවේ ඇති එකම 'මෙමරි පත් ' නිශ්පාදකයන් වන "ලෙක්සාර් "සමාගම ලෝකයේ , ඒ සම්බන්ධව ඇති හොඳම ආයතනයද වෙනවා . ඔය ගණන් නං බලාගෙන ඉද්දිම පල්ලේහාට බහිවි . ඩොලර් 9 කට විතර ආවම මාත් ගන්නවා . ස්තුතියි විස්තරේට .

    ReplyDelete
  2. මටනං මදි වගේ ගාන අව්ලක් නෑ

    ReplyDelete

Post a Comment