අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජාලය පිලිබඳව අනාවැකියක් පලකල ආකාරය!!!



කාළය - 1974
ස්ථානය - යුනික්ස් (UNIX) වර්ගයේ මෙහෙයුම් පද්ධති මගින් දිවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථානයකි.
පුද්ගලයින් - ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන්, ඔස්ට්‍රේලියානු පුවත්වාර්තාකාරුවෙකු හා එම වාර්තාකරුගේ 5හැවිරිදි පුත්‍රයා.

ABC-TV ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය මගින් 1973-1974 වසරවල විකාශණය කල විද්‍යා සඟරාමය වැඩසටහනක් වූ "Perspectives" වැඩසටහන වෙනුවෙන්, විශිෂ්ඨ විද්‍යාප්‍රබන්ධ රචකයෙකු හා අනාගත වක්තෘකෙනෙකු ලෙස එවකටත් ප්‍රකටව සිටි ආතර්.සී.ක්ලාර්ක් මහතා සමග පරිගණක තාක්ශණයේ අනාගත දියුණුව පිලිබඳ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අන්තර්ජාලය වැනි ලෝකව්‍යාප්ත පරිගණක ජාලයක් පිලිබඳව අනාවැකියක් පලකෙරුනි.

සිය 5හැවිරිදි පුත්‍රයා සමගින් ක්ලාර්ක් විද්වතාණන් සමග සම්මුඛ සාකච්ඡාව ආරම්භකල ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියා, සිය පුත්‍රයාව දක්වමින්, 2001 වසරේදී සිය පුත්‍රයා ජීවත්වන ලෝකයේ පරිගණක තාක්ශණය කෙබඳුවේදැයි අසා සිටියේය.

මෙම පැනයට පිලිතුරු දුන් ක්ලාර්ක් ශ්‍රීමතාණන්...

" මෙම දරුවාගේ නිවසේ පරිගණක කොන්සෝලයක් තිබෙණු ඇත...මේ ස්ථානයේ තිබෙනවා වගේ අතිවිශාල පරිගණක නොවෙයි....ඔහුගේ නිවසේ තිබෙණුයේ ඉතා කුඩා එහෙත් බලසම්පන්න පරිගණකයකි...මෙම පරිගණකය මගින් ඔහුගේ ජීවිතයේ බොහෝ කාර්යයන් පහසු කරනු ඇත. ඔහුට අවශ්‍ය සියලුම තොරතුරු මෙම පරිගණකය හරහා ලැබෙනු ඇත...ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, ඔහු කැමති චිත්‍රපට සඳහා ටිකට්පත් පවා මෙම පරිගණකය හරහා ඔහුට ලබාගත හැකි වනු ඇත...."

" මෙවැනි කුඩා පරිගණක මගින් ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සිය රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු කරගත හැකිවනු ඇත..."

"අන්තර්ජාලය" යන නම ආතර් සී.ක්ලාර්ක් භාවිතා නොකලත් ඔහු මේ කියන්නේ අද අපට නැතුවම බැරි, අපට ඕනෑ සියලුම තොරතුරු සොයාදෙන, අපගේ බැංකු ගණුදෙනු සිදුකල හැකි, චිත්‍රපට ටිකට්, ගුවන් ටිකට්පත් හා තවත් දහසකුත් එකක් මිලදීගත හැකි අන්තර්ජාලය ගැන නොවේද?

දැන් එම සාකච්ඡාවේ වීඩියෝව නරඹන්න...




Comments

  1. මාරයි ඇත්තටම මාරයි

    ReplyDelete

  2. ගොඩක් ස්තූතියි දිගටම මේ දේවල් බෙදා ගන්න ....

    ReplyDelete
  3. ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න,

    ReplyDelete

Post a Comment