අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

තත්පර 60ක් තුල පරිගණක ලෝකයේ සිදුවන විස්මිත දෑ.....



ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.

පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේ

CD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes)  දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.

වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.

වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්‍රයත්න 416ක් විනාඩියක් තුල ලොව පුරා සිදුවේ.

Redbox.com අඩවිය හරහා චිත්‍රපට DVD 1400ක් කුලියට (බලා ආපසු භාරදෙන පදනමට) ගැනේ

ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.

ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.

ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.

මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.

තත්පරක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ

මෙම තත්පර 60තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.

මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.



Comments