අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler

3ඩූඩ්ලර් යනු ත්‍රිමාණ මුද්‍රණයේ, එනම් ත්‍රිමාණ වස්තූන් අවකාශයේ නිර්මාණය කල හැකි මුද්‍රණ යන්ත්‍රවල විප්ලවීය වෙනසක් සිදුකල හැකි නිර්මාණයකි. පෑනක් මෙන් පෙනෙන හා ක්‍රියාකල හැකි ආකාරයට නිර්මාණය කොට ඇති මෙම ත්‍රිමාණ නිර්මාණ පෑන අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් දෙදෙනාගේ නිර්මාණයකි.

නිර්මාණ ශිල්පීන් හට කොළයක් ගෙන පැන්සලක නිර්මාණයක් කරනවාක් මෙන් පහසුවෙන් ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා නිපදවා ඇති 3ඩූඩ්ලර් ත්‍රිමාණ මුද්‍රණ පෑනෙන් අවකාශයේ නිර්මාණ සිදුකල හැකිව තිබෙන්නේ ඉතා විශේෂිත ප්ලාස්ටික් වර්ගයක් එම පෑනේ තුඩින් ඉතා ක්‍රමාණුකූලව වැගිරෙන්නට සැලැස්වීමෙනි. පෑන් තුඩෙන් පිටවන විට ද්‍රව තත්වයේ පසුවන මෙම ප්ලාස්ටික් වර්ගය තුඩින් පිටවුනු වහාම ක්ශණිකව ඝනීභවනය වේ. ඒ අනුව අවකාශයේ නිර්මාණය සෑදෙයි.

මෙම ත්‍රිමාණ පෑනට දමන ප්ලාස්ටික් වර්ගය හැඳින්වෙන්නේ "ඇක්‍රිලෝනයිට්‍රයිල් බියුටඩීන් ස්ටයිරීන්" හෙවත් "ABS" ලෙසිනි. විශ්කම්භය මිලිමීටර් 3ක් වන ප්ලාස්ටික් කම්බි ලෙස එන මෙම ප්ලාස්ටික් වර්ගය විවිධ වර්ණ වලින් සැපයිමට 3ඩූඩ්ලර් නිර්මාණ සමාගම සැළසුම් කරයි.

3ඩූඩ්ලර් ත්‍රිමාණ පෑනට යොදන ABS ප්ලාස්ටික් කම්බි
තවමත් සංවර්ධනය කෙරෙමින් පවතින 3ඩූඩ්ලර් පෑනේ වැඩිදියුණු කිරීම් වල පර්යේශණ හා නිශ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නා ආකාරයද 3ඩූඩ්ලර් පෑන මෙන්ම අපූර්ව ක්‍රමයකි. Crowd Funding ලෙස හැඳින්වෙන මෙම ප්‍රාග්ධන සෙවුම් ක්‍රමයේදී ප්‍රාග්ධනය අවශ්‍ය සමාගම ඒවා ලබාගන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ ආයෝජනයන් සිදුකරන සාමාන්‍ය මහජනතාවගෙනි.

දැනට අමෙරිකාවේ ප්‍රචලිත වෙමින් යන මෙම ප්‍රාග්ධන උපැයුම් ක්‍රමයේදී ඩොලර් 1ක් වැනි සුලු මුදලක් පවා ආයෝජනය කිරීමට ආයෝජකයින්ට පුලුවන. එක් අයෙකුගෙන් ලැබෙන මුදල සුලුවුවත් ආයෝජකයින් අතිවිශාල සංඛයාවකගෙන් මුදල් එකතු කරගන්නා නිසා සමාගමට සෑහෙන ප්‍රාග්ධනයක් එක් රැස් කරගැනීමට හැකියාව ලැබේ.

3ඩූඩ්ලර් පෑන වැඩිදියුණු කිරීම සඳහා නිර්මාපකයින් වොබල්වර්ක්ස් (WobbleWorks) නම් සමාගමක් ලියාපදිංචි කොට ඇති අතර මෙම සමාගම කික්ස්ටාටර් (Kickstarter) නම් සමාගමක් හරහා සිය ප්‍රාග්ධන ඉල්ලුම සිදුකොට ඇත. කික්ස්ටාටර් සමාගම 3ඩූඩ්ලර් වෙනුවෙන් වෙන් කොට ඇති වෙබ් පිටුවේ සඳහන් වන ආකාරයට දැනටමත් ආයෝජකයින් 23,565 දෙනෙකු ඩොලර් මිලියන 2.1 ආයෝජනය කොට ඇති අතර තවත් දින 17ක් යනතුරු (එනම් මාර්තු 20 දින තෙක් ) ආයෝජකයින්ට මෙම සමාගමේ ප්‍රාග්ධනය සඳහා දායක විය හැකිය. එපමණක් නොව ඩොලර් 75කට වඩා සමාගමේ ආයෝජනය කරන සෑම අයෙකුටම 3ඩූඩ්ලර් පෑනක් නොමිලේ ලබාදීමටද සමාගමේ අයිතිකරුවන් හා 3ඩූඩ්ලර් නිමාපකයින් වන පීටර් ඩිල්වර්ත් හා මැක්ස්වෙල් බෝර්ග් ගිවිසුම් ප්‍රකාරව එකඟවී ඇත.

3ඩූඩ්ලර් පෑනේ ක්‍රියාකාරිත්වය විස්තර කෙරෙන වීඩියෝව නරඹන්න

Comments

  1. ලොකු පුහුණුවක්, ගොඩකාලයක් කරන්න වෙයි. තාක්ෂණයේ තවත් නැම්මක්.

    ReplyDelete
  2. හොඳ තොරතුරක්!
    ස්තූතියි

    ReplyDelete

Post a Comment