අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අලුත්ම ලම්බෝගිනී සුපිරි කාර් -New Super Cars from Lamborghini

Lamborghini Veneno (Limited Edition)



එන්ජිම : අශ්වබල 750, V12
නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
උපරිම වේගය : පැයට කිලෝමීටර් 355
මිල : ඩොලර් මිලියන 3.9
නිමවන රථ ප්‍රමාණය : 3ක් පමණි, ඒවා රතු, සුදු හා කොළ වර්ණවලින් නිමැවෙනු ඇති අතර එම වර්ණ මගින් ලම්බෝගිනි මෝටර් රථ සමාගමේ මවු රට වන ඉතාලියේ ජාතික කොඩියේ වර්ණ තුන සංකේතවත් කෙරේ.


Lamborghini Urus

ලම්බෝගිනි සමාගම නිපදවන ප්‍රථම SUV මාදිලියේ රථය "යූරස්" ලෙස නම් තබා ඇත. 




එන්ජිම : අශ්වබල 600, V10 සමග ක්ලච් 2ක (Dual Clutch) ටිප්ට්‍රොනික් ගියර පද්ධතිය
රෝදවලට බල සැපයුම : Permanenet All Wheel Drive System
නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
උපරිම වේගය :  - නොදනී -
මිල : - තීරණය කොට නොමැත -


Lamborghini Sesto Elemento (Limited Edition)



එන්ජිම : අශ්වබල 570, 5.2 litre V10
රෝදවලට බල සැපයුම : 6 speed semi-automatic with paddle shift
නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
උපරිම වේගය :  පැයට කිලෝමීටර් 300+
මිල : ඩොලර් මිලියන 2.2
නිමවන රථ ප්‍රමාණය : 20ක් පමණි


Comments

  1. වටිනවා. බොහොම වටිනවා මේ විස්තර . ස්තුතියි .

    ReplyDelete
  2. ඕවගේ tax අයින් කරපු එකේ වාසිය ගන්ඩත් එක්ක අර car 3ම ගන්ඩ ඕනේ.....
    :)

    ReplyDelete

Post a Comment