Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 23 February 2014

තල්මස් විශේෂයක් සොයාගත් ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල විද්වතා

ඉන්දු-පැසිපික් සාගර කලාපයේ හමුවන ලොව දුර්ලභ තල්මසුන් වර්ගයක් නව සත්ත්ව විශේෂයක් ලෙස විද්‍යාත්මක ලොවට හඳුන්වා දීමට මෙරට සිටි අද්විතීය විදුධරයකු වූ මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා කටයුතු කළේය. ඒ වර්ෂ 1963දීය. මෙරට මුහුදු වෙරළට ගසාගෙන පැමිණි ආගන්තුක තල්මස් සිරුරක් පිළිබඳ තම තියුණු අවධානය යොමු කළ මෙම කීර්තිමත් ශ්‍රී  ලාංකේය පුත්‍රයා එම තල්මස් කුණ එතෙක් ලෝකයට අනාවරණය කරගෙන නොතිබුණු නවතම ජීවී විශේෂයක් බව වටහා ගන්නට ඇත.

Mesoplodon hotaula යන විද්‍යාත්මක නාමයෙන් මෙම නව තල්මස් විශේෂය නම් කිරීමට දැරණියගල මහතා කටයුතු කළේය. Mesoplodon  යන නාමයට අයත් කරන ලද මෙම නව තල්මසාගේ විශේෂ නාමය ලෙස දැරණියගල මහතා යොදා තිබුණේ ‘හොට උල්ලා’ යන සිංහල වදන  Hotaula ලෙසය. නමුත් මෙම තල්මස් විශේෂය නව විශේෂයක් නොවන බව පසුගිය දීර්ඝ කාලය පුරාවටම විවිධ මති මතාන්තර පැවැතුණද පී. ඊ. පී. දැරණියගල සූරීන් විසින් විද්‍යාත්මකව නම් කරන ලද හොටඋල් තල්මසාගේ නාමකරණය සම්බන්ධ අපගේ අනන්‍යතාව නැවැත වරක් තහවුරු කිරීමට පර්යේෂකයෝ පිරිසක් පසුගියදා කටයුතු කළහ.

2009 වසරේදී සීෂෙල්ස් දූපතකට ගොඩ්ගැසූ මැස්ප්ලෝඩන් හොටුලා තල්මසෙක්
Ziphilidae පවුලට අයත් හොටඋල් තල්මසුන් පිළිබඳ ලෝකයේ තවමත් ඇත්තේ ඉතා විරල තොරතුරු ප්‍රමාණයක් බව සැබෑය. Mesoplodon  ගණයට අයත් ඉන්දු පැසිපික් තල්මසුන් පිළිබඳ එම දත්ත ලබාගෙන ඇත්තේ ශ්‍රී  ලංකාව, කිරිබති, හවායි, මාලදිවයින, සිචෙලීස් වැනි රටවලින් හමුවූ සත්ත්ව නිදර්ශක හතකින් පමණි. පී. ඊ. පී. දැරණියගල මහතා විසින් Mesoplodon hotaula නම් කරනු ලැබීමෙන් වසර දෙකකට පසු එනම් වර්ෂ 1965දී මෙම නව විශේෂය මීට පෙර විද්‍යාත්මකව නම් කරන ලද Mesoplodon ginkgodens විශේෂයම බව  Moore සහ Gilmore යන විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරන ලදී. පසුගිය දශක ගණනාව පුරාවටම මෙම මතයට විරුද්ධව අභියෝග කිරීමට බොහෝ දෙනකු මැළි වුවද බාහිර කායික ස්වරූපය මෙන්ම, ජාන විද්‍යාත්මක පරස්පරතාද උපයෝගි කරගෙන මෙම විශේෂ දෙක, දෙකක් බවට විද්‍යාත්මකව කරුණු දැක්වීමට දේශීය හා විදේශීය විද්වත්හු පිරිසක් පසුගියදා කටයුතු කළහ.

The first specimen of this new species was found in Sri Lanka in 1963. At the time, Paulus Deraniyagala, the director of the National Museums of Ceylon, believed M. hotaula to be a new species and classified it as such, giving it the name it has today.
However, several years after Deraniyagala described the species, it was reclassified as a specimen of an already-existing species, the ginkgo-toothed beaked whale (Mesoplodon ginkgodens).
"Now it turns out that Deraniyagala was right regarding the uniqueness of the whale he identified. While it is closely related to the ginkgo-toothed beaked whale, it is definitely not the same species," said Merel Dalebout of the University of New South Wales, lead author of a paper describing the once-new-again specimen in the journal Marine Mammal Science.
Source: http://www.natureworldnews.com/articles/5896/20140205/case-mistaken-identity-corrected-reveal-new-beaked-whale-species.htm

ශ්‍රී  ලංකාවේ සිටි ඉතාමත් දක්ෂ හා අද්විතීය විද්‍යාඥයකු වූ පී. ඊ. පී. දැරණියගල හෙවත් පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල මහතා කීර්තිමත් සත්ත්ව විද්‍යාඥයෙකි. පුරාවිද්‍යාඥයෙකි. කලාකරුවෙකි. ඉන්දියානු උප මහාද්වීපයේ සත්ත්ව හා මානව පොසිල පිළිබඳ ඔහු තුළ තිබූ අද්විතීය විශේෂඥතාව ප්‍රකටය. 1939 හා 1963 අතර කාලයේදී ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ධුරය හෙබැවූ ඒ මහතා 1961 හා 1969 අතර කාලයේදී විදේ‍යාදය සරසවියේ කලා පීඨයේ කුලපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.

ශ්‍රී  ලංකාවේ සිට වඳවී ගිය බවට විශ්වාස කරන සත්ත්ව විශේෂ ගණනාවක් පිළිබඳ මෙන්ම බළන්ගොඩ මානවයා ලෝකයේ හමුවන තවත් මානව උප විශේෂයක් ලෙස නම් කිරීමටද කටයුතු කරන ලද්දේ පී. ඊ. පී. දැරණියගල මහතා විසිනි.Homo sapiens balangodensis ලෙස බළන්ගොඩ මානව උප විශේෂය නම් කළ ඔහු ශ්‍රී  ලංකාවේ සිට වඳවී ගොස් ඇතැයි විශ්වාස කෙරෙන Leo leo sinhaleyus - 1939 යන ශ්‍රී  ලංකා සිංහයාද, Bibos sinhaleyus - 1962 යන ශ්‍රී  ලංකා ගවරාද, Hexaprotodon sinhaleyus - 1937 යන ශ්‍රී  ලංකා හිපපොටේමස්ද, Rhinoceros sinhaleyus - 1936 යන ශ්‍රී  ලංකා රයිනෝසිරස්ද, Rhinoceros kangavena - 1956 යන ශ්‍රී  ලංකා කඟවේනාද ඔහු විසින් විද්‍යාත්මකව නම් කරන ලද සත්ත්ව විශේෂ අතර වෙති. ඊට අමතරවPanthera tigris sudanensis - 1951 යනුවෙන් අප්‍රිකානු කොටි උප විශේෂයක් විද්‍යාත්මකව අනාවරණය කරන්නටද හෙතෙම කටයුතු කළේය.

වර්තමානයේ තරම් සූක්ෂ්ම හා දියුණු තාක්ෂණික උපකරණ හා කායඡේද විද්‍යාවක් නොතිබුණු යුගයක තමන්ගේ තීක්ෂණ ඇස හා හසළ දැනුම් උපයෝගී කර ගනිමින් මෙසේ නව සත්ත්ව විශේෂ ගණනාවක් විද්‍යාත්මක ලෝකයට අනාවරණය කරන්නට තරම් පී. ඊ. පී. දැරණියගල මහතා සතුව පැවැති හැකියාව අගය කළ යුතුය. ඔහු විසින් නාමකරණය කරන ලද ඇතැම් සත්ත්ව විශේෂවල නිදර්ශක සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වර්තමාන බුද්ධිමතුන්, විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් එම සත්ත්ව විශේෂ ශ්‍රී  ලංකාවේ සත්ත්ව නාම ලේඛනවලින් ඉවත් කර තැබීමටද කටයුතු කර ඇත. නමුත් එවැනි පසුබිමක මහාචාර්ය පී. ඊ. පී. දැරණියගලයන් විසින් මීට අඩසියවසකටත් පෙර විද්‍යාත්මකව නාමකරණය කරන ලද හොටඋල් තල්මසාගේ අනන්‍යතාව නැවැත වරක් තහවුරු වීම මෙරට වර්තමාන විද්‍යාත්මක ප්‍රජාවටද අභියෝගයක් බව අපි සිතමු. එබැවින් එතුමන්ගේ සොයා ගැනීම් දෙස නැවැත වරක් විමර්ශනාත්මකව බැලීමට කාලය එළැඹ තිබේ.

ආචාර්ය දැරණියගල මහතා විසින් 1963දී Mesoplodon hotaula තල්මස් ගණය Mesoplodon ginkgodens තල්මස් ගණයෙන් වෙනස් බවට පලකල මතය නැවත තහවුරු කරමින් අන්තර්ජාතික තල්මස් කොමිසමට (International Whaling Commission) ඉදිරිපත් කරනලද පර්යේෂණ නිබන්ධනය (research paper) මෙතනින් කියවන්න.

ආචාර්ය දැරණියගල මහතා පිලිබඳව දිවයින පුවත්පතේ පළවූ දීර්ඝ ලිපිය..

ශ්‍රී ලංකාවට විශාල කීර්තියක්‌ මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව හා ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව උදෙසා අතිමහත් සේවයක්‌ කළ දැරණියගල මහතා පිළිබඳ ඔබට සුළු විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම මේ ලිපියේ මූලික අරමුණ වේ. මෙම ලිපියට අදාළව එතුමා පිළිබඳව සුළු විස්‌තරයක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළ නමුදු ඔහු සම්බන්ධව සුවිසල් ග්‍රන්ථයක්‌ පළ කිරීමට තරම් කරුණු මේ වන විට මා සතුව ඇත. 1980 දීමා හට මුණගැසුණු පුංචි බණ්‌ඩා කරුණාරත්න සහ 1985දී  මුණගැසුණු පී.බී. සරනේලිස්‌ යන නැසීගිය මහතුන් දෙපළ මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් හඳුන්වා දීමට කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන් දැරණියගල මහතා පිළිබඳව බොහෝ පෞද්ගලික කරුණු කාරණා මා වෙත ලබාදුන් නිසාවෙනි. කරුණාරත්න මහතා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර ඔහු ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය සිරාන් දැරණියගල සමඟ සමීප ඇසුරක්‌ දක්‌වමින් ඔවුන් සමඟ පර්යේෂණවල නිරත වූ ස්‌වභාව විද්‍යාඥයෙකි. සරනේලිස්‌ මහතා පී.ඊ.පී. දැරණියගල මහතා සමඟ ඔහුගේ කැණීම්, ගවේෂණ හා සතුන් එකතු කිරීමේ චාරිකාවලට සහභාගී වෙමින් එතුමා සමඟ සමීප ඇසුරක්‌ පැවැත්වූ අයෙකු විය. මෙම දෙපළ විසින් පී.ඊ.පී. දැරණියගල පිළිබඳව බොහෝ කරුණු මා වෙත යොමු කළද මෙහි අඩංගුව ඇත්තේ එයින් අල්පයකි ....

සම්පූර්ණ ලිපියට මෙතනින් පිවිසෙන්න..
Related Posts Plugin for WordPress, Blogger...