- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
පසුගිය වසරේ (2018) ෆින්ලන්ත රජය අලුත් මහජන අධ්‍යාපන ව්‍යාපෘතියකට අතගැසුවා. ඒ, ෆින්ලන්තයේ සියලුම පුරවැසියන්ට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳවත්, ඉන් වැඩගැනීම පිලිබඳවත් උගන්වන අධ්‍යාපන වැඩසටහනකට සහභාගීවීමට අවස්ථාව ලබාදීමයි.
ElementsofAI ලෙස හඳුන්වන මෙම අධ්‍යාපන වැඩසටහන ෆින්ලන්තයේ හෙල්සිංකි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ අදහසක් අනුව නිර්මාණය කල එකක්. දැනට කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දැවැන්තයින් බවට පත්ව සිටින්නේ ඇමරිකාව හා චීනයයි. ඔවුන් එකිනෙකා පරයමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෙවලම් හා රොබෝවරුන් නිර්මාණය කරමින් සිටිනවා.
ඩොලර් බිලියන ගණනින්වන විශාල ආයෝජන මතින් ගොඩනැගෙන මේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට කුඩා රාජ්‍යයක් වන ෆින්ලන්තයට නොහැකි බව අවබෝධකරගත් එරට රජය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණකරණයට උත්සහකරනවා වෙනුවට, ප්‍රායෝගිකව හා ඵලදායිලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය එරට කර්මාණ්ත හා සේවා නිෂ්පාදනයට දායක කරගැනීම සිය ඉලක්කය කරගෙන සිටිනවා. දැනට සිදුකොට ඇති පර්යේෂණ අනුව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඵලදායිව යොදවා ගැනීමෙන් අතිවිශාල ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි බව හෙලිවී තිබෙනවා.
ලන්ඩනයේ MI6 මූලස්ථානයේ E ඩිවිෂනය තිබූ 12 වැනි තට්ටුවේ කාර්යාල සංකීර්ණයට ඇතුලුවූ විගසම එහි පිලිගැනීමේ නිළධාරිණිය වූ ඇනීටා ට්‍රැවිස්, සිනහමුසු මුහුණින් අකිල්ව පිලිගත්තා. #srilanka #lka #sri #colombo #srilankan #srilankatravel #srilankadaily https://t.co/X0LixGodMW pic.twitter.com/VTOU7g5nzm— t.arachchi (@TKarachchi) January 21, 2019
ෆින්ලන්ත රජයේ අරමුණ වෙන්නේ ඉතාමත් ඉක්මණින් හා ඵලදායි ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආර්ථික වර්ධනයට දායක කරගන්නා ප්‍රමුඛපෙලේ රටක් බවට ෆින්ලන්තය පත් කිරීමයි. සිය පුරවැසියන්ට නොමිලයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳව හැදෑරීමේ පහසුකම් ලබා දෙන්නට ඔවුන් සූදානම් වෙන්නේ ඒ අනුවයි.
ෆින්ලන්ත රජයේ අරමුණ කෘත්‍රිම බුද්ධි ඉන්ජිනේරුවන් හෝ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නිර්මාණය කල හැකි මෘදුකාංග ඉංජිනෙරුවන් බිහිකිරීම නොව, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් වල තාක්ෂණය ගැන යම් අවබෝධයක් ඇති, එම තාක්ෂණයෙන් හොඳින් වැඩගත හැකි පුරවැසියන් බිහිකිරීමයි. වර්තමානයේ පරිගණක සාක්ෂරතාවය ඇති සේවක සේව්කාවන්ට ඇති ඉල්ලුමට සමාන හෝ ඊටත් වඩා විශාල ඉල්ලුමක් තව වසර කිහිපයකින් කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණ සාක්ෂරතාවයට ඇතිවන බව ෆින්ලන්ත රජය පැහැදිලිව අවබෝධකරගෙන තිබෙනවා.
සිය පුරවැසියන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයහොඳින් දැනුවත්වී එම තාක්ෂණය භාවිතාකිරීමේ දක්ෂයන් වුවහොත් ෆින්ලන්ත සමාගම් වලට එම තාක්ෂණයෙන් උපරිම පල නෙලාගත හැකි බවත්, එමෙන්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ සේවක සේවිකාවන් සොයමින් සිටින ඇමරිකානු හා යුරෝපීය බහුජාතික සමාගම් විශාල ලෙස ෆින්ලන්තයේ ආයෝජනයට පෙලෙබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.
නුදුරු අනාගතයේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග වැඩකල හැකි, ඒ පිලිබඳව හොඳ අවබෝධයක් ඇති ශ්‍රමිකයින්ට අතිවිශාල ඉල්ලුමක් ඇතිවන බව ලෝක ආර්ථික සමුලුව, ලෝක බැංකුව හා OECD සංවිධානය විසින් සිදුකොට ඇති සමීක්ෂණ වලින් තහවුරුවී තිබෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps

Comments
Post a Comment