- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
AUTOMOBILE TECHNOLOGY : ටෙස්ලා දැන් ලොකු ළමයෙක් | ලෝකයේ විශාලම ඉලෙක්ට්‍රික් කාර් සමාගම් අතර චීන සමාගම් 3ක්!!!
- Get link
- X
- Other Apps
චීනයේ BAIC, BYD හා Cherry ලෝකයේ විශාලම අලෙවියක් ඇති ඉලෙක්ට්‍රික් සමාගම් පහට ඇතුලත් වී ඇත. අනෙක් දෙක වන්නේ ඇමරිකාවේ ටෙස්ලා හා ජපානයේ නිසාන් සමාගමයි.
ටෙස්ලා දැන් ලොකු ළමයෙක්!
මේ අතර ටෙස්ලා, ලෝකයේ විශාලම කොටස් වෙළඳපොල වටිනාකම් ඇති සමාගම් දහය අතරින් සතරවැනි ස්ථානය ලබා ඇත. ඩොලර් බිලියන 190ක් වටින ටොයෝටා ඉහලින්ම ඇති අතර ඩොලර් බිලියන 80ක් වටිනා වොක්ස්වැගන් දෙවැනියටද, ඩොලර් බිලියන 57ක් වටිනා ජර්මනියේ ඩේම්ලර් තුන්වැනි ස්ථානයේද පසුවන අතර ඩොලර් බිලියන 54ක් වටින ටෙස්ලා සතරවැනි තැන දිනාගැනීමට සමත්ව ඇත.
මේ දැවැන්ත මෝටර් රථ සමාගම් දහයෙන් නවයක්ම වසර 100කට වඩා පැරණි ඉතිහාසයන් ඇති සමාගම් වන අතර 2003දී ආරම්භවූ ටෙස්ලා මෝටර් ලෝකයේ අතදරුවෙකි.
ටෙස්ලා ලෝකයේ ලොකුම මෝටර් රථ වෙළඳ පොල වන ඇමරිකා එක්සත් ජනපදයේ පස්වැනියට ජනප්‍රියම වාහන මාදිලිය බවටද පත්වෙලා.
ටොයෝටා කොරොල්ලා ඇමරිකාවේ ජනප්‍රියම මාදිලිය වන අතර, ටොයෝටා කැම් රි දෙවැනි ජනප්‍රියම මාදිලියයි. තුන්වැනි සතරවැනි තැන් හොන්ඩා අකෝඩ් හා සිවික් දිනාගෙන ඇති අතර ටෙස්ලා මොඩල් 3, ඇමරිකානු ජනතාව අතර පස්වැනියට ජනප්‍රියම මෝටර් රථ මාදිලියවේ. වසර පහලොවක ළදරු ඉතිහාසයක් ඇති සමාගමකට මෙය කොතරම් විශාල ජයග්‍රහණයක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .
POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com .
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments
අනාගතය කොහොමත් ඉලෙක්ට්‍රික් වාහන වේවි
ReplyDelete