ඊශ්‍රායලයේ ටැක්ටිකල් රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන කොමරන්ට්, නියමු රහිත, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කල හැකි රොබෝ ඩ්‍රෝන් යානයකි.කොමරන්ට් වැනි නියමු රහිත රොබෝ යානයක වැදගත්කම ඊශ්‍රායල් යුධ හමුදාවට අවබෝධවූයේ 2006 වසරේ අවසන්වුනු අන්තිම ලෙබනන් යුද්ධයෙන් පසුවයි.
Landing Footprint - Helicopter vs. Cormorant |
නියමුන් සහිත විශාල, අධික ශබ්දයක් නිකුත් කරන සාම්ප්‍රදායික හෙලිකොප්ටර් යානා යොදාගෙන සිදුකල නොහැකි, සතුරු ප්‍රදේශවල අතරමන් වූ හමුදා භටයින්, තුවාලකරුවන් හා රහස් මෙහෙයුම් සඳහා සතුරු ප්‍රදේශවලට යවනු ලැබූ විශේෂ මෙහෙයුම් ක්‍රියාකරුවන් නැවත ගෙන්වාගැනීම වැනි අණතුරුදායක මෙහෙයුම් සඳහා නියමු රහිත යානයක් නිර්මාණය කල යුතුබව ලෙබනන්-ඊශ්‍රායල් යුධයෙන් පසු තහවුරු වුනා.
කොමරන්ට් යානයට පියාසර හැකියාව ලබාදෙන අවරපෙති දෙක ආවරණයකල කුටීර තුල ක්‍රියාත්මක වන අතර ඒවා, හෙලිකොප්ටරයක අවරපෙතිවලට වඩා කුඩා වනවා. ඒ නිසාම ඉතා කුඩා ඉඩක ගොඩබැසීමේ හැකියාවද ලබා තිබෙනවා. සාමාන්‍ය හෙලිකොප්ටරයක් ගොඩ බැසීමට අවශ්‍ය විශාල ඉඩකඩක් කොමරන්ට් යානයට අවශ්‍ය වන්නේ නෑ.
- නියමුවන් අවශ්‍ය නොවන නිසා අනවශ්‍ය ලෙස නියමු ජීවිත අණතුරුවලින් ආරක්ෂාකර ගැනීමට හැකිවීම
- කිලෝමීටර් 50ක දුර පරාසයක, මෙට්‍රික් ටොන් භාගයක භාණ්ඩ හෝ පිරිස් ගෙනයාමේ හැකියාව.
- අධික වේගයෙන් සුළං හමනවිටදී වුව ඉතාමත් නිවැරදිව අහසේ එක්තැනක සිටීමේ සුපිරි hover හැකියාව
- හදිසි ආපදාවක් හෝ සතුරු ප්‍රහර නිසා අවරපෙති අඩපණවුවහොත් සම්පූර්ණ යානයම නිරුපද්‍රිතව බස්ස්වාගත හැකි පැරිශූට් පද්ධතියක් තිබීම.
- අමතර උපාංග ගෙනයාමේ හැකියාව.
Comments
Post a Comment