අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

PHOTOGRAPHY : සුපිරි 125X Zoom බලයක් තියෙන Nikon P1000 : 24-3000mm



24-3000mm අවුරුදු 4කට කලින්, 2018දී එලි දක්වපු නිකොන් P-1000 කැමරාව තවමත් ඡායාරූප ලෝකයේ සුපිරිම සූම් කැමරාව. මිලිමීටර් 3000 සූම් බලයක් තියෙන DSLR ලෙන්ස් එකක් ලක්ෂ ගාණක් වෙනවා. නිකොන් P-1000 දරන්න පුලුවන් මිලකලට ඒවගේ බලයක් අපට ලබල දෙනවා.

ඒත් ඕනෙම සාමාන්‍ය (DSLR නොවන) කැමරාවක තියෙන ප්‍රධානම අවාසියක් වෙන කුඩා සෙන්සර් එක, P-1000 කැමරාවෙත් දකින්නට තියෙනවා. නිකොන් P-1000 කැමරාවේ සෙන්සර් එක 1/2.3" කුඩා සෙන්සර් එකක්. 

සෙන්සර් එක පොඩි වෙනකොට, ඒ සෙන්සර් එකෙන් ග්‍රහණය කරගන්න ආලෝක ප්‍රමාණය අඩුයි. ඒක ෆොටෝ කොලිටියට බලපානවා. DSLR කැමරාවල ෆොටෝ කොලිටිය ගොඩක් හොඳ වෙන්නෙ ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඒවාවල තියෙන විශාල සෙන්සර් එක.

ඒත් DSLR කැමරාවල තියෙන සමහර පහසුකම් මේ කැමරාවේ තියෙනවා. 

උදාහරණයක් විධියට RAW ආකෘතියෙන් ඡායාරූප සටහන් කර ගැනීම. ගොඩක් DSLR නොවන කැමරාවලින් (වගේම ස්මාර්ට් ෆෝන් කැමරාවලින් ) ලබාගන්න ඡායාරූප JPG ආකෘතියෙන් සටහන් වෙනවා. JPG ආකෘතිය ඉහල රෙසොලූෂන් එකක ඡායාරූප පොඩි ෆයිල් සයිස් එකකින් සටහන් කරගන්නවා. ඒත් ඡායාරූපයේ වෙනස් කම් කරන්න ඕනෙ වෙනකොට JPG ආකෘතියෙන් සටහන් කරගත්ත ෆොටෝ එඩිට් කරන්න පුලුවන් ආකාර සීමා සහිතයි. RAW ඊට වඩා විශාල පරාසයක එඩිට් පහසුකම් ලබලා දෙනවා.

කැමරාවේ තොරතුරු

  • 125x zoom lens that has the 35mm-equivalent focal range of 24-3000mm
  • 16-megapixel back-side illuminated CMOS sensor that has an expanded ISO range of up to 6400.
  • JPG + RAW Shoot modes
  • f/2.8-f/8 through the zoom range
  • Dual Detect Optical VR in the camera provides 5-stops of camera shake compensation
  • 2.3-million-dot OLED electronic viewfinder and a swiveling 3.2-inch 921K-dot LCD screen
  • 4K video recording, stereo audio recording, Wi-Fi/Bluetooth connectivity, quick start-up










Comments