අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

UKRAINE WAR : U.S. To Sell Ukraine Armed MQ-1C Gray Eagle Drones | ඇමරිකාවෙන් යුක්‍රේනයට ප්‍රහාරක ඩ්‍රෝන යානා

 


යුක්‍රේනයට MQ-1C Gray Eagle සන්නද්ධ ඩ්‍රෝන යානා ලබාදීමට ජනාධිපති බයිඩන් එකඟවී තිබෙනවා. දැනට යුක්‍රේනය සතුව තුර්කියේ නිෂ්පාදිත බේරැක්ටර් TB2 ප්‍රහාරක ඩ්‍රෝන තිබෙන අතර ඒවා ඉතාමත් සාර්ථක ලෙස රුසියානු හමුදා ඉලක්ක විනාශ කිරීමට යොදාගෙන තිබෙනවා. එහෙත්, ග්‍රේ ඊගල් යානයෙන් ඊට වඩා ප්‍රභල ප්‍රහාරක හැකියාවක් යුක්‍රේනයට ලැබෙනවා. දීර්ඝ කාලයක් අහසේ රැඳී සිටිමින් (long endurance loitering) ඉලක්ක නිරීක්ෂණය කරමින් ප්‍රභල හෙල් ෆයිර් මිසයිල වලින් පහරදීමට ග්‍රේ ඊගල් යානයට හැකියි.

ස්ටින්ජර් ගුවන්යානා/හෙලිකොප්ටර් නාෂක මිසයිල 8ක් හෝ යුධ ටැංකි නාෂක හෙල්ෆයිර් මිසයිල 4ක් රැගෙන කිලෝමීටර් 8 ඉහල අහසේ පැය 25ක් කල් බලමින් රැඳී සිටින්නට මෙයට හැකියි.

එමෙන්ම බේරැක්ටර් 2 යානයට වඩා සංවේදී කැමරා හා සෙන්සර් මෙයට රැගෙන යාහැකියි. යුක්‍රේනෙයට ග්‍රේ ඊගල් යානා 4ක් ලබාදීමට කටයුතු කරන බවට රොයිටර් වාර්තා කරනවා.


Comments