MILITARY TECH: Russia develops Starlink jamming system | ස්ටාර්ලින්ක් ජාලය අවහිර කල හැකි තාක්ෂණයක් රුසියාවෙන්
වොල්නා කුපොල් ගැරන්ට් ලෙස රුසියානුවන් හඳුන්වන මේ නවතම ඉලෙක්ට්‍රොණික යුධ යන්ත්‍රය (Electronic Warfare Device) පිලිබඳව අනාවරණය වී ඇත්තේ යුක්‍රේන මිලිටරි තාක්‍ෂණවේදියෙකු මෙන්ම ප්‍රමුඛ උපදේශකයෙකු ද වන සර්හී බෙස්ක්‍රෙස්ට්නොව් (Serhii Beskrestnov) වෙතිනි.
2026 ජූනි මැද භාගයේ යුද බිමෙන් ලැබුණු වාර්තාවලට අනුව, යුක්‍රේනයේ 422 වන විශේෂිත නියමුවන් රහිත පද්ධති රෙජිමේන්තුව (අන්වර්ත නාමය - ලුෆ්ට්වාෆ/Luftwaffe) විසින් මෑතකදී මෙම රුසියානු ඒකක දෙකක් තිබූ ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කර දමා තිබෙනවා.
ඒ අනුව, අධික පිරිවැය සහ භෞතිකමය බාධාවන් මධ්‍යයේ වුවද, රුසියාව මේවා යුද බිමට යෙදවීමට උත්සාහ කරමින් සිටින බව මේ වන විට තහවුරු වී තිබෙනවා. රුසියාව, යුක්‍රේන හමුදාවට ලැබෙන ස්ටාර්ලින්ක් සේවා බිඳ දැමීමට බිලියන ගණනින් වියදම් කරන්නේ මුලු මහත් යුක්‍රේන යුධ වෑයමම සම්බන්ධීකරණය කරමින් සියලුම යුක්‍රේන ප්‍රහාරක, ඔත්තුබලන හා ඩ්‍රෝන මෙහෙයුම් සම්බන්ධීකරණය කරන්නේ ස්ටාලින්ක් අන්තර්ජාල පද්ධතිය හරහා වීමයි.
ප්‍රබල රුසියානු හමුදා යාන්ත්‍රණයට සාර්ථකව මුහුණ දීමට සහ ඔවුන් පසුපසට තල්ලු කිරීමට යුක්‍රේනයට ලැබුණු හැකියාව පිටුපස ඇති ප්‍රධානතම මෙන්ම තීරණාත්මක සාධකය ලෙස 'ස්ටාර්ලින්ක්' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය හඳුන්වන්න පුලුවන්. ස්ටාර්ලින්ක් පද්ධතිය නොතිබෙන්නට මුලුමහත් යුක්‍රේනයම රුසියාවට යටත්වන්නට ඉඩ තිබුණා.
"Volna Kupol Garant" Electronic Warfare System
"වොල්නා කුපොල් ගැරන්ට්" (trnaslation: Wave Dome Guarantor) ලෙස නම් කර ඇති, විශේෂිත ඉලෙක්ට්‍රොනික යුධ උපක්‍රම (EW) පද්ධතියක් රුසියානු හමුදාව විසින් මෑතකදී යුද බිමට එවා තිබෙනවා.
මෙහි එකම අරමුණ වන්නේ 'ස්ටාර්ලින්ක්' (Starlink) චන්ද්‍රිකා සන්නිවේදනය සෘජුවම අඩපණ කරමින්, යුක්‍රේන මිලිටරි සන්නිවේදන ජාලය මුළුමනින්ම බිඳදැමීමයි.
තාක්ෂණික වශයෙන් සීමිත ප්‍රදේශයක් තුළ ස්ටාර්ලින්ක් සන්නිවේදනය අවහිර කිරීමට මෙම පද්ධතියට හැකියාව තිබුණද, එය ඉලෙක්ට්‍රොනික යුධ කලාවේදී අතිශය අධික පිරිවැයක් දරන්නා වූ, ප්‍රමාණයෙන් විශාල මෙන්ම උපක්‍රමශීලීව ඉතා අකාර්යක්ෂම ප්‍රවේශයක් ලෙස යුක්‍රේන හා බටහිර යුධ විශ්ලේෂකයින් මෙම පද්ධතිය විවේචනය. කෙසේ වෙතත්, ස්ටාර්ලින්ක් සේවාව අඩපන කිරීමට රුසියානු මිලිටරයට ඇති බරපතල උවමනාව මෙයින් පිලිඹිබු වෙනවා.
මෑතකදී යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම රුසියානු පද්ධති කිහිපයක්ම සාර්ථකව විනාශ කිරීමට හැකි වූ අතර, එමඟින් නූතන යුද බිම තුළ මෙවැනි පද්ධති පවතින දැඩි අනාරක්ෂිතභාවය පැහැදිලි වෙන අතරම එම ප්‍රහාර මගින් රුසියාවට දැඩි මූල්‍ය හානියක්ද කර තිබෙන්නේ වොල්නා කුපොල් ගැරන්ට් පද්ධතියක් අතිවිශාල පිරිවැයකින් නිර්මාණය කර තිබෙන නිසයි.
Volna Kupol Garant තාක්ෂණික ක්‍රියාකාරීත්වය
සාම්ප්‍රදායික ජෑමිං (Jamming) පද්ධති බොහොමයක් මඟින් ඉලක්ක කරනු ලබන්නේ පෘථිවිය මත පිහිටි ග්‍රාහක පද්ධති (භූමියේ පවතින චන්ද්‍රිකා ඇන්ටනා) ය. කෙසේ වෙතත්, "වොල්නා කුපොල් ගැරන්ට්" පද්ධතිය මීට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක් ගනිමින් සෘජුවම අභ්‍යවකාශයේ ඇති Starlink චන්ද්‍රිකා ඉලක්ක කරයි.
ක්‍රමවේදය: ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා මඟින් භූමියේ ඇති ස්ටාර්ලින්ක් ටර්මිනල් සමග සම්බන්ධ වෙන්නේ නාලිකා (Channels) අටකට බෙදා ඇති 14.0 GHz සිට 14.5 GHz අතර රේඩියෝ සංඛ්‍යාත ඔස්සේය. මෙම රුසියානු පද්ධතිය විශාල චන්ද්‍රිකා ඇන්ටනා අටක් එකට එකතු කර, එමඟින් අදාළ නාලිකා අට තුලින්ම, ඉලක්කගත ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවට සෘජුවම අධි-බලැති සංඥා බාධා (Interference) මුදාහරිනු ලබයි.
සන්නිවේදනය අඩපණ කිරීමේ බලපෑම: මෙම නාලිකා අටම එකවර දැඩි සංඥා අවහිරතාවයකට ලක් කිරීම තුළින්, අදාළ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාව සතු සන්නිවේදන ග්‍රහණ හැකියාව මුළුමනින්ම අක්‍රීය වන්නේ, එයට දරාගත නොහැකි දත්ත ප්‍රමාණයක් එකවර ලැබෙන නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස භූමියේ සිටින යුක්‍රේන ටර්මිනල් වලින් ලැබෙන නීත්‍යානුකූල සංඥා හඳුනාගැනීමට හෝ ඒවා සමග සම්බන්ධවීමට Starlink චන්ද්‍රිකාවට නොහැකි වෙනවා.
ක්‍රියාකාරී පරාසය: මෙවැනි තනි පද්ධතියක් මඟින් වර්ග කිලෝමීටර් 20 ක (වර්ග සැතපුම් 7.7 ක පමණ) ප්‍රදේශයක ස්ටාලින්ක් ආවරණය බිඳ දමන්නට පුලුවන්. දැනට රුසියාව විසින් මෙයට ප්‍රමුඛතාවය දී ඇත්තේ ස්ටාර්ලින්ක් තාක්ෂණය ඔස්සේ දුරස්ථව පාලනය වන යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් තම අත්‍යවශ්‍ය සැපයුම් මාර්ග (විශේෂයෙන් "නොවොරොසියා" (Novorossiya) මහා මාර්ගය වැනි ස්ථාන) ආරක්ෂා කරගැනීමට බවයි යුධ විශ්ලේෂකයින් පවසන්නේ.
උපායමාර්ගික දුර්වලතා
තාක්ෂණික වශයෙන් මෙම සංකල්පය සාර්ථක වුවද, එහි දිගුකාලීන උපායමාර්ගික වටිනාකම හීන කරවන බරපතල අඩුපාඩු කිහිපයකින් මෙම නිර්මාණය තුල තිබෙන බව ඉලෙක්ට්‍රොණික යුධ විශේෂඥයින් පවසනවා.
One-to-One Bottleneck: මෙම සමස්ත පද්ධතියම ක්‍රියාත්මක වීමට අතිවිශාල බලශක්තියක් අවශ්‍ය වන අතර, එකවර ඉලක්ක කළ හැක්කේ එක් චන්ද්‍රිකාවක් පමණයි.
අභ්‍යවකාෂයේ වේගයෙන් ගමන් කරන කුඩා චන්ද්‍රිකාවකට රේඩියෝ සංඛ්‍යාත නිවැරදිව ඉලක්ක කිරීම සඳහා අතිශය නිරවද්‍ය Mechanical Tracking තාක්ෂණයක් අවශ්‍ය වේ.
ස්ටාර්ලින්ක් සන්නිවේදන ජාලය යනු වේගයෙන් ගමන් කරන, පහළ කක්ෂගත (Low Earth Orbit) චන්ද්‍රිකා දහස් ගණනක විශාල චන්ද්‍රිකා ජාලයක් (Constellation) බැවින්, එයින් එක් චන්ද්‍රිකාවක් පමණක් අඩපණ කිරීමෙන් රුසියාවට ලැබෙන්නේ සීමිත ප්‍රදේශයකට පමණක් බලපාන, ඉතා කෙටි කාලීන සහනයක් පමණි.
Massive Physical Footprint: මෙම පද්ධතියේ එක් මෙහෙයුම් සංකීර්ණයක් ක්‍රියාත්මක කිරීම සඳහා, ගෝලාකාර ආවරණ (Radomes) සහිත චන්ද්‍රිකා ඇන්ටනා සවිකරන ලද විශාල ට්‍රේලර් රථ හයක් අවශ්‍ය වේ.
මේ හේතුවෙන් රේඩාර් තිර මත මෙම පද්ධතිය ඉතා පැහැදිලිව දර්ශනය වන අතර, එය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙනයෑම අතිශය මන්දගාමී වේ. එමෙන්ම ගුවන් ගවේෂණ (Aerial reconnaissance) නිරීක්ෂණවලින් මෙය සඟවා තැබීම ද මුළුමනින්ම කළ නොහැක්කකි.
Astronomical Cost: චන්ද්‍රිකා ලුහුබැඳීමේ දෘඩාංගවල පවතින සංකීර්ණතාවය සහ රුසියානු ආරක්ෂක නිෂ්පාදන ක්‍රියාවලිය පුරා වෙලාගෙන ඇති දූෂණය හේතුවෙන්, තනි "වොල්නා කුපොල් ගැරන්ට්" පද්ධතියක් නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක අතිදැවැන්ත පිරිවැයක් වැය වෙන අතර, ඉතා පහසුවෙන් හඳුනාගෙන විනාශකල හැකි නිසා මෙම පද්ධතියේ උපායමාර්ගික වාසිය පිලිබඳව සැක පවතිනවා.

).jpg)
Comments
Post a Comment