NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

TOP GUN / AIR COMBAT : Fox codes in air combat : ගුවන් සටන්වලදී FOX යන්නෙන් නියමුවන් අදහස් කරන්නේ මොකක්ද?


Top Gun Maverick වැනි ගුවන්හමුදා මෙහෙයුම් පෙන්වන සිනමා පටවල, සටන් පවතින අවස්ථාවලදී "Fox" යන වචනය නිතරම ඇසෙනවා. මෙය බොහෝ දෙනෙක් "Foxtrot" යන්නෙහි කෙටි යෙදුමක් හෝ සරලව "වෙඩි තැබීම" (fire) යන්න අදහස් කරන වචනයක් ලෙස වැරදියට තේරුම් ගත්තත්, නූතන ගුවන් සටන්වලදී මෙම සංඥාවට ඉතා නිශ්චිත ආරම්භයක් සහ කාර්යභාරයක් තිබෙනවා.

පොදු මතයට පටහැනිව, "Fox" යන්න නිර්මාණය වී ඇත්තේ "Foxtrot" යන ෆොනටික් හෝඩියේ වචනයෙන් නෙවෙයි.  Foxtrot වචනයෙන් F ශබ්දය හෝ F අකුරෙන් නම්කල ධාවන පථයක් වැනි යමක් අදහස් කෙරෙනවා.

E.g; "TOWER, EAGLE ONE. READY FOR DEPARTURE RUNWAY TWO-FOUR (runway 24). CLEARANCE ALPHA-BRAVO-CHARLIE (clearance abc) RECEIVED. DEPARTING VIA FOXTROT TAXIWAY (taxiway F). OVER."

NATO ගුවන් හමුදා භාවිතා කරන කේත ක්‍රමය යටතේ Fox යන්න Firing One X (එසේත් නැතිනම් ඓතිහාසිකව Firing One eXperimental/eXplosive) යන යෙදුමෙහි සංක්ෂිප්තයක් (acronym) ලෙස ආරම්භවී තිබෙනවා. 

ගුවන්විදුලි සංඥා හුවමාරුවේදී සිදුවන පටලැවිලි මගහරවා ගැනීමටත්, "Guns, Guns, Guns" ලෙස හඳුන්වන සාම්ප්‍රදායික තුවක්කු ප්‍රහාරවලින් මිසයිල ප්‍රහාර වෙන්කර හඳුනා ගැනීමටත් මෙම විශේෂිත යෙදුම හිතාමතාම නිර්මාණය කරනු ලැබුවා.

ප්‍රහාරක යානයක සිට තවත් සතුරු යානයකට (air-to-air) එල්ල කලහැකි රොකට් හෝ මිසයිල භාවිතය දෙවන ලෝක යුධ සමයේ අවසාන භාගයේ පරීක්ෂණ මට්ටමින් ඇරබුන නිසා ඒවා එකල experimental ලෙස හැඳින්වුනා.

දැන් ස්ථාපනය වී ඇති ආකාරයට නේටෝ (NATO) සම්මත කෙටි සංඥා පද්ධතියට අනුව, ගුවනින්-ගුවනට එල්ල කරන මිසයිලයක් නිකුත් කිරීම නිල වශයෙන් දැනුම් දෙන්නේ "Fox" යන ගුවන්විදුලි සංඥාව මගින්. එකට සටන් කරන මිතුරු ගුවන්යානාවලට නිවැරදි තොරතුරු ලබාදීම සඳහා, නියමුවන් මෙම වචනය සමඟ මිසයිලයේ ඉලක්කගත මාර්ගෝපදේශන පද්ධතිය (guidance system) හඳුනාගැනීමට අංකිත කේතයක්ද භාවිත කරනවා:

Fox One: AIM-7 Sparrow වැනි අර්ධ-සක්‍රීය රේඩාර් මගින් මඟපෙන්වන (semi-active radar-guided) මිසයිලයක් නිකුත් කිරීම අඟවනවා. මෙහිදී මිසයිලය ඉලක්කයට යන තෙක් ප්‍රහාරය එල්ල කළ යානයේ රේඩාර් කිරණ දිගටම ඉලක්කය මත පවත්වා ගත යුතුයි.

Fox Two: AIM-9 Sidewinder වැනි අධෝරක්ත කිරණ හෝ තාපය ඔස්සේ ඉලක්කය සොයායන (heat-seeking) මිසයිලයක් එල්ල කිරීම දැනුම් දෙනවා.

Fox Three: AIM-120 AMRAAM වැනි සක්‍රීය රේඩාර් මගින් මඟපෙන්වන මිසයිලයක් නිකුත් කිරීම සංඥා කරනවා. මෙම මිසයිලවලට ඉලක්කය සොයාගැනීම සඳහා ඒ තුළම ඇති රේඩාර් පද්ධතිය භාවිත කළ හැකියි.



Comments