NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

MILITARY TECH: තායිවානයට අලුත්ම F-16 වයිපර් යානා ලැබෙයි | Taiwan receives latest F-16 Viper Jets


තායිවානයට ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කරන ලද F-16V Block 70 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 66 න් පළමු දෙක ලැබී තිබෙනවා. 

 මේවා නවීකරණය කරන ලද පැරණි ජෙට් යානා නොවන අතර මෙම යානා APG-83 AESA රේඩාර් පද්ධතිය, නවීනතම ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධති සහ පියාසර පැය 12,000 ක ආයු කාලයකින් සමන්විත, අලුතෙන්ම නිෂ්පාදනය කරන ලද Viper යානාය. 

 තායිවානය දැනටමත් F-16 යානා 140 කට වඩා පියාසර කරනවන අතර මේ ලැබෙන්නේ අලුත්ම අලුත් තාක්ෂණයෙන් හෙබි බටහිර ලෝකයේ හොඳම 4-Gen ප්‍රහාරක යානයක්.

F-16C/D Block 70 (F-16V) : 7th Tactical Fighter Wing at Chihhang Air Base, Taiwan

Conformal Fuel Tanks (CFTs): තායිවානයට ලැබෙන අලුත්ම  F-16C/D Block 70 ගුවන් යානා, CFTs සහිතවම නිෂ්පාදනය කර තිබෙනවා. යානයේ අත්තටු වලට ඉහලින් බඳවටා දෙපැත්තෙන් එතෙන ලෙස මෙම ටැංකි සවිකර තිබෙනවා. 

CFTs මගින් තටු යට ඇති අවි ගබඩා රඳවන (hardpoints) අත්පත් කර නොගෙන, අමතර ඉන්ධන රාත්තල් 3,000 ක් (ගැලුම් 450 ක්) පමණ වැඩියෙන් එකතුවෙනවා. මෙය ගුවන් යානාවේ දුර ප්‍රමාණය සහ සටන් කලාපයේ රැඳී සිටීමේ කාලය සැලකිය යුතු ලෙස පුළුල් කරනවා.

Heavy Stores & Ordnance: මෙම Block 70 ගුවන් රාමු (airframes), පැය 12,000 ක සේවා කාලයක් ලබාදීමට ශක්තිමත් කරන ලද බඳක් සහිතව සහ බර අවි රඳවන (heavy weapon pylons) වලින් සමන්විත වේ. ඒවා ගුවනේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල කරන දුරස්ථ අවි රැගෙන යාමට සුදුසු ලෙස සකස්කර තිබෙනවා.

ගෙනයා හැකි බර-අවි

AGM-84 Harpoon සහ SLAM-ER නෞකා නාශක / ප්‍රහාරක මිසයිල 
AGM-154 JSOW (Joint Standoff Weapon) දුරස්ථ ප්‍රහාරක අවිය 
AGM-88 HARM විකිරණ නාශක මිසයිල 
රාත්තල් 2,000 ක බරැති JDAM  බෝම්බ
 


Comments