අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පාවෙන සුළං විදුලි බලාගාරය


සුලඟ මගින් විදුලිය නිපදවීම ගැන අපි අසා ඇත්තෙමු. කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම සුළං බලාගාරයකින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාරයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිවේදනය කෙරුණි. පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශයේ මෙම බලාගාරය පිහිටුවා ඇත. සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙය කිලෝවොට් 800ක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර විසිපහකින් සමන්විත ව්‍යාපෘතියකි. තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වී ඇත.
සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය, කළ්පිටිය
කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසියක් ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි. මේ අවාසිය නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා තිබෙනවා. High Altitude Wind Turbine ලෙස මෙම නිමැවුම නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව සිදුවේ.

පාවෙන සුළං විදුලි බලාගාරය
හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ට්‍රක් රථයක ආධාරයෙන් ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය. මෙවැනි සැකසුමක ඇති වාසි නම්;
  • අවශ්‍ය තැනකට ගෙනගොස් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව
  • වේගයෙන්ම සුලං හමන උසට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපැදවීම කාර්යක්ශම කර ගැනීමේ හැකියාව
  • නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රති-ජනනය වන ප්‍රභවයක් (renewable energy source) වන සුලං මගින් වීම
දැනට අඩි 35 විශ්කම්භයක් ඇති මූලාකෘතියක් (prototype) ලෙස නිර්මාණය කොට ඇති මෙහි පර්යේශණ කටයුතු තවමත් අවසන් කොට නැත.

අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හා Massachusetts Institute of Technology (MIT) විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වන මෙහි නිර්මාපකයින් මෙවැනි පාවෙන විදුලි බලාගාර සඳහා ඈත දුශ්කර පලාත්වල කැනීම් කටයුතු කරන ඛණිජ හා තෙල් ගවේශණ සමාගම්, ස්වාභාවික විපත් වලින් විදුලිබල පද්ධතිය විනාශවුනු ප්‍රදේශවලට සහන සැලසීමට ඉදිරිපත්වෙන රජයේ හා රාජ්‍ය නොවන ආයතන, ආරක්ශක හමුදා වැනි ආයතන මගින් ඉහල ඉල්ලුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරති.

මෙම පාවෙන බලාගාරයේ ක්‍රියාකාරිත්වය පෙන්වන යූ-ටියුබ් විඩියෝව නරඹන්න

Comments

  1. Defesa um excelente site sobre forças armadas do mundo inteiro.

    ReplyDelete

Post a Comment