අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ආදි මානවයින්ට පෙර ජීවත් වුනු පූර්ව-මානවයින් හට ආයුධ නිර්මාණය කිරීමේ බුද්ධිමය හැකියාවක් තිබුණාද?




ඉතියෝපියාවේ ඇෆාර් ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරතව සිටින ප්‍රාග් ඓතිහාසික මානවයින් පිලිබඳ පර්යේශණ පවත්වන  කැලිෆෝනියානු විද්‍යා ඇකඩමියේ කණ්ඩායමකට තියුණු පාශාණ ආයුධයකින් සිදුකලා යයි සිතිය හැකි කැපුම් සලකුණු ඇති ඇන්ටිලෝප් මුවන්ගේ අස්ථි කොටස් හමුවී තිබේ. වසර මිලියන 3.39ක් පැරණි යයි කාබන් කාළනිර්ණ පරීක්සාවේදී සනාථවී ඇති මෙම අස්ථි වල කැපුම් සළකුණු සිදුවුනු කාළයේ ආදි පූර්ව මානවයෙකු (pre-human hominid) ලෙස සැළකෙන ඔස්ට්‍රාලෝපිතිකස් ඇෆරෙන්සිස් ගේ ජනාවාස මෙම ප්‍රදේශයේ තිබූ බවට සාක්ශි හමුවී ඇත. ඒ අනුව මෙම කැපුම් සළකුණු මෙම ආදි මානවයින් විසින් මස් සූරාගැනීම සඳහා භාවිතාකල පාශාණ ආයුධ වලින් සිදුවන්නට ඇතැයි එම පර්යේශකයින් නිගමණය කර ඇත. කැපුම් සළකුණු ඇති මේ අස්ථි පරීක්ශාකල වෙනත් පර්යේශකයින් බොහෝ දෙනෙකුද මෙම සළකුණු ආයුධ වලින් සිදුවන්නට ඇති ඒවා බවට විශ්වාස කරයි. මේ අනුව ආදි මිනිසාගේ ආයුධ භාවිතය කලින් අනුමාන කරනලද කාළයට වඩා වසර 800,000 තරම් කලින් සිදුවන්නට ඇති බව නිගමනය කරන්නට සිදුවේ. ආයුධ භාවිතය ආරම්භ කරනලද මුල්ම මානවයා ලෙස කලින් අනුමාන කොට තිබුනේ හෝමෝ හැබිලිස් නම් ආදි මානවයායි. හෝමෝ හැබිලිස් විසින් භාවිත කරන ලද පාශණ ආයුධ ඔවුන්ගේ ජනාවාස තිබුණු ප්‍රදේශවලින් හමුවී ඇත.

එහෙත් වසර මිලියන 3.39ක් ඈත අතීතයේදී ආදි පූර්ව මානවයින් ආයුධ භාවිතකරන්නට තරම් වන්නට බුද්ධිමත් නැතැයි විශ්වාස කරණ පර්යේශකයින්ද සිටින අතර ඔවුන් පවසන්නේ මෙවැනි කැපුම් සළකුණු ඇන්ටිලෝප් මුවන් බිලිගන්නා අප්‍රිකානු කිඹුලන්ගේ තියුණු දත් වලින් සිදුවූ ඒවා වියයුතු බවයි. තවත් අදහසක් වන්නේ මෙම අස්ථි වල කැපුම් වෙනත් කුර සහිත සතුනට මෙම අස්ථි පෑගීම නිසා සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් කැලිෆෝනියා විද්‍යා ඇකඩමි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ඔස්ට්‍රාලෝපිතිකස් ආදි මානවයා නූතන චිම්පන්සීන් තරමට හෝ බුද්ධියෙන් යුතු මානවයින් බවත් චින්පන්සීන් ගැන පර්යේශණ පවත්වන විද්‍යාඥයින් අප්‍රිකානු චිම්පන්සීන් සරල ආයුධ භාවිතා කරනා ආකාරය නිරීක්ශණය කොට වීඩියෝ ගතකොට ඇති නිසා ඔස්ට්‍රාලෝපිතිකස් ආයුධ භාවිතා කරන්නට ඇති බවට ගොඩ නැගිය හැකි තර්කය එතරම් අභව්‍ය නොවන බවයි.

හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ශිලා ආයුධ නිමැවීමේ හැකියාව පෙර අනුමානයට වඩා ඉතා ඉහලින් තිබූ බව තහවුරුවේ.


Comments