අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අපේ මුතුන්මිත්තන් පණපිටින් ගිලදැමූ කිඹුල් රාජයා!

Crocodylus thorbjarnarsoni ‭(‬Thorbjarnarson’s crocodile‭: ස්වරනැගීම-Kroc-oh-dil-us for-byar-nar-son)

ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් නම් විද්‍යාත්මක නාමය ලබාදී ඇති මේ දැවැන්ත කිඹුල් වර්ගය මීට වසර මිලියන 2-4 අතර කාලයේ අප්‍රිකාවේ කෙන්යා රාජ්‍යයේ ටර්කානා විල අසබඩ ප්‍රදේශයේ සැරිසැරූ බවට ෆොසිල සාක්ශි හමුවී තිබේ. දැනට ලොව වෙසෙන විශාලතම කිඹුල් වර්ගය වන ලවණ ජල කිඹුලා (salt water crocodile-Crocodylus porosus) මීටර් 6ක් පමණ දිගට වැඩෙන අතර ෆෝර්බ්‍යාර්නාසන් කිඹුල් වර්ගය මීටර් 8කට වඩා විශාලව (අඩි 27 පමණ) වැඩෙන්නට ඇතැයි දැනට හමුවී ඇති ෆොසිල සාක්ශි දරයි. 


කෙන්යාවේ ටර්කානා විල අසබඩ ප්‍රදේශය ආදී මානවයින්ගේ ෆොසිල විශාල වශයෙන් හමුවන ප්‍රදේශයක් වන අතර [ටර්කානා විල අසබඩින් හමුවුනු ආදි මානවයින් ගැන ලිපිය කියවන්න] එම මානවයින්හා මෙම කිඹුල් වර්ගය සමකාලීනයන් වේ. මේ අනුව මෙම දැවැන්ත කිඹුලන් ජලය ගැනීම සඳහා විලට පැමිණි ආදී මානවයින්ට පහරදී ගිල දමන්නට ඇතැයින් විද්‍යාඥයින් සැක පහල කරයි. හොඳින් වැඩුනු නූතන හෝමෝ සැපියන් මානවයෙක් සාමාන්‍යයෙන් අඩි පහකටව වඩා උස් වූවත් ආදි මානවයින්ගේ සාමාන්‍යයෙන් අඩි 4කට වඩා උස් නොවුනු නිසා ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් මෙම කුඩා මානවයින් අපහසුවකින් තොරව සම්පූර්ණයෙන්ම ගිල දමන්නට ඇතැයි සැළකේ.
මෙම කිඹුල් විශේෂය කොතරම් විශාලද යත් ඔවුන්ගේ ෆොසිලකරනය වූන් හිස් කබලක් එසවීමට මිනිසුන් 4දෙනෙකුගේ ශක්තිය අවශ්‍ය වේ!


ක්‍රොකඩයිලස් ෆෝර්බ්‍යාර්නාසන් කිඹුලාගේ ෆොසිලකරණයවූ හිස්කබලක් - ඡායාරූපය National Geographic






Comments