අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TITANOBOA [ටයිටැනොබෝවා] ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා


බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද (python) ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි. 

විශාල සර්ප වර්ග

  • බෝවා කොන්ස්ට්‍රික්ටර් (Boa constrictor): වාර්තාගත උපරිම දිග අඩි 14ක් පමණ
  • කොළපැහැ ඇනකොණ්ඩා (Green anaconda - Eunectes murinus): වාර්තාගත  උපරිම දිග අඩි 20ක් පමණ
  • ආසියාතික පිඹුරා (Asiatic reticulated python-Python reticulatus): වාර්තාගත  උපරිම දිග අඩි 23ක් පමණ

අඩි 25ක් පමණ දිගින් යුතු ඇනකොණ්ඩාවන් ගැන වාර්තාවී ඇතත් සාමාන්‍යයෙන් පිලිගන්නා ආකාරයට ලොව දිගින් වැඩිම සර්ප වර්ගය වන්නේ ආසියාතික පිඹුරාය. එහෙත් මහතින් හා ශක්තියෙන් වැඩිම සර්පයා වන්නේ ඇමේසන් වනයේ ඇනකොණ්ඩා වර්ගයයි. 

ටයිටැනබෝවා

ටයිටැනබෝවා යනු ටයිටැනික් බෝවා යන්නයි (ටයිටැනික්=අතිවිශාල). ඒ අනුව ටයිටැනබෝවා මීට වසර මිලියන 50කට පමණ පෙර ප්ලෙයෝසීන යුගයේ ජීවත්වුනු බෝවා කුළයට අයත් අතිවිශාල සර්පයෙකි.

අමෙරිකාවේ ප්‍රමුඛතම පර්යේශණ ආයතනයක් වන ස්මිත්සෝනියන් ආයතනයේ හා ෆ්ලෝරිඩා විශ්වවිශ්‍යාලයේ ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් විසින් 2004 වසරේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියා රාජ්‍යයේ ඊසානදිග ප්‍රදේශයේ කරන ලද ගවේශණයකදී ටයිටැනබෝවාගේ ෆොසිල මුල්වරට සොයාගන්නා ලදී.මෙම ෆොසිල සම්බන්ධයෙන් සිදුකල පර්යේශණ වලට අනුව ටයිටැනබෝවාට සිය මුඛය අංශක 180ක් තරම් පලලට විවෘතකල හැකි බව සොයාගැනුනු අතර ඒ අනුව ඔහුට හොඳින් වැඩුනු කිඹුලෙකු එකවර ගිලදැමීමේ හැකියාව ඇතැයි නිගමනය කෙරුණි.

ටයිටැනබෝවා හා ඔවුන්ගේ ගොදුරු බවට පත්වුනු ඩයිරසෝර් කිඹුලා (C) Jason Bourque / University Of Florida
අඩි 40කට වඩා දිගින් වැඩිවූ බවට සැක කෙරෙන ටයිටැනබෝවාගේ කඳෙහි පලල්ම ස්ථානය මීටරයකට වඩා විශ්කම්භයෙන් වැඩිවූ බවට විශ්වාස කෙරේ.


මෙම සත්වයාගේ විශාලත්වය කොතරම්ද යන්න සිතා ගැනීමට පහත ඡායාරූපය ඔබට උපකාරීවනු ඇත. මෙම ඡායාරූපයේ සිටිනා ජේසන් බර්ක් නම් විද්‍යාඥයා ටයිටැනබෝවා සොයාගත් ගවේශණ චාරිකාවේ සාමාජිකයෙකු වන අත ඔහුගේ දකුණතේ (රූපයේ වම්පස ) ඇත්තේ ටයිටැනබෝවාගේ කශේරුකාවේ එක් ෆොසිලකරණය වූ අස්ථියක් වන අතර ඔහුගේ වම් අතෙහි ඇත්තේ දැනට බරින් වැඩිම, ශක්තිමත්ම සර්පයා වන කොළපැහැති ඇනකොණ්ඩාගේ කශේරුකාවේ අනුරූප අස්ථියයි. අස්ති දෙකෙහි විශාලත්ව වෙනස බැලීමෙන් ටයිටැනබෝවා මොනතරම් විශාල සර්පයෙකු වන්නට ඇතැයිද යන්න ඔබටම සිතාගන්නට පුලුවන් නේද?

ටයිටැනබෝවා ෆොසිල කශේරුකා අස්ථියක් හා සංසන්දනය කරනවිට දැන් ලොව විශාලම සර්පයා වන ඇනකොණ්ඩාගේ කශේරුකා අස්ථි මොනතරම් කුඩාද?
ටයිටැනබෝවා ෆොසිල සොයාගත් පර්යේශණ චාරිකාව සංවිධානය කල ස්මිත්සෝනියන් ආයතනය ඔවුන්ගේ සුප්‍රසිද්ධ ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතියක් නිර්මාණය කොට මහජන ප්‍රදර්ශණයට තබා ඇති අතර ස්මිත්සෝනියන් ආයතනයට අයත් ස්මිත්සෝනියන් චැනල් නම් රූපවාහිනී නාලිකාව මෙම සර්ප විශේෂය ගැන අධ්‍යාපනික වාර්තා චිත්‍රපටයක්ද නිමාණය කොට තිබේ. ටයිටැනබෝවා බරින් ටොන් එකක් පමණ වන්නට ඇතැයි ගණන් බලා ඇත. 

ස්මිත්සෝනියන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ මහජන දැක්මට තබා ඇති ටයිටැනබෝවාගේ ජීවප්‍රමාණ ප්‍රදර්ශණාකෘතිය


Comments