රුසියාවෙන් එන අලුත්ම රුසියා: මරුස්යා B2 සුපිරි රේසින් කාරය


මරුස්යා බී, රුසියාවේ නිර්මාණය කරන ලද පලමුවන සුපිරි කාරයයි. මෙහි නවතම මාදිලිය වන B2 මෑතකදි එලි දැක්වුනු අතර මෙය නිර්මාණය කරන ලද මරුස්යා සමාගම පවසන පරිදි ඔවුන් මෙම මාදිලියේ නිශ්පාදනය කාර් රථ 500කට සීමා කරන බව පවසන අතර, යුරෝ 100,000කට මිලකොට ඇති මෙම කාර් 500ම සඳහා මේ වනවිට ඇණවුම් ලැබී ඇති බවද සමාගම පවසයි.

තාක්ශණික තොරතුරු

එන්ජිම

ලීටර් 2.8 V6 ටර්බෝ එන්ජිම
අශ්වබල 420

චැසිය

සෙමි-මොනොකෝක් තාක්ශණයට අනුව නිර්මාණය කල ඇලුමිනියම් චැසිය

ඉන්ධන

ඔක්ටේන් 95 පෙට්‍රෝල් (ලීටර් 80 ධාරිතාවයේ ඉන්ධන ටැංකිය)

වේගය

0 සිට පැ.කි. 100ක වේගයක් තත්පර 3.2දී ලබාගත හැකිය
උපරිම වේගය පැ.කි. 250







Comments

  1. බලලාවත් සැනසෙමු

    ReplyDelete
  2. ෂඃ කදිමයි !! පට්ට පෙනුමක් නේ තියෙන්නේ . ඉස්සර රුසියාවේ බඩු හරිම අවලස්සනයි . තාක්ශනයෙන් ඉහල උනාට පෙනුම මදි. ( රේඩියෝ , ටී.වී ,ෆ්‍රිජ්, එහෙම හරියට පකිස් පෙට්ටි වගේ. ) කාලේකට ඉහත මෙහෙ තිබුන 'ලාඩා' කාර් එහෙම මතක ඇති නේද ? දැන් නම් 'මරු'.

    ReplyDelete

Post a Comment