ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශකරන මයික්‍රෝවේව් මිසයිලයක් බෝයිං සමාගම සාර්ථකව අත්හදා බලයි!



Counter-electronics High-powered Advanced Missile Project හෙවත් CHAMP ලෙස හඳුන්වා ඇති මෙම මිසයිලයේ ක්‍රියාකාරිත්වය සරලය. සාම්ප්‍රදායික මිසයිල මෙන් ඉලක්කය මත ගැටී පුපුරා යනු වෙනුවට මෙය සිදුකරන්නේ ඉලක්කය ඉහලින් පියාසර කරමින් ඉලක්කය වෙත ප්‍රභල මයික්‍රෝවේව් තරංග ස්පන්ධ මුදාහැරීමයි.

EMP හෙවත් Electro-Magnetic Pulse තාක්ශණයෙන් නිමවා ඇති මෙම මිසයිලය මගින්, අමෙරිකානු හමුදාවන් හට මිනිස් ඝාතනවලින් තොරව සිය සතුරන් මෙල්ලකොට ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි පැවසෙනවා මෙම මයික්‍රෝවේව් EMP තරංග ගොඩනැගිල්ල විනිවිදගොස් එහි සිටින මිනිසුන් හට හානියක් නොකොට එය තුල ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකොට දමයි. උදාහරණයක් ලෙස එම ගොඩනැගිල්ල සතුරු රටක ගුවන්හමුදා කඳවුරක පාලන මධ්‍යස්ථානයක් නම්, එහි ඇති රේඩියෝ යන්ත්‍රයේ සිට පරිගණක, රේඩාර් උපකරණ ඇතුලු සියල්ලම සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කරදමයි. එවිට මිනිසුන් හට හානියක් සිදුනොවූවත් එම පාලන මධ්‍යස්ථානයෙන් කිසිදු අන්දමක යුධමෙහෙයුම් කටයුත්තක් සිදුකල නොහැකි පරිද්දෙන් අඩපණවී යනු ඇත.


පසුගිය ඔක්තෝම්බර් 16වැනිදා බෝයිං සමාගම, මෙම මිසයිලය ඇමරිකාවේ යූටා කාන්තාරයේ පිහිටි ගුවන් කඳවුරකදී සාර්ථකව අත්හදා බලන ලදී. එම කඳවුරේ පිහිටි තට්ටු දෙකක ගොඩනැගිල්ල පරිගණක ජාල හා විවිධාකාර ඉලෙක්ට්‍රොනික උපකරණවලින් පුරවන ලද අතර ඒ සියල්ල ක්‍රියාත්මක කොට ගොඩනැගිල්ල තුල සිදුවනදේ පර්යේශකයින්ට දැකබලාගත හැකිවන පරිද්දෙන් සෑම කාමරයකම කැමරා සවිකරන ලදී. පලමු පරීක්ශණයේදී මිසයිලය ගොඩනැගිල්ල උඩින් පියාසර කරත්ම එහි පරිගණක තිර නිවීයන ආකාරය කැමරාවලින් පෙන්වන්නට විය. දෙවන වටයේදී මිසයිලයේ මයික්‍රෝවේව් තරංගය කැමරා පවා විනාශකොට දැමීම නිසා පරීක්ශණ ප්‍රථිපල සජීවීව දැකබලාගැනීමේ අවස්ථාව පර්යේශකයින්හට අහිමි විය.

Comments

  1. Isnt EMP and Microwave are two different things. EMP destroys electronics. Microwave bombs fry any living things leaving all electronics intact.

    ReplyDelete

Post a Comment