Bio Fuel Bacteria

ෆොසිල ඉන්ධනයක් වන ගැසොලීන් හෙවත් අප දන්නා ආකාරයට පෙට්රෝල් සීමිත බලශක්ති ප්‍රභවයකි. මෙයට ආදේශකයක් ලෙස බොහෝ රටවල් එතනෝල් නම් ජීවද්‍රව‍ය වලින් ලබාගන්නා ජීව ඉන්ධනය (bio fuel) භාවිතා කරයි. එතනෝල් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස උක්, සීනි බීට්, සෝගම් හෝ ඉරිඟු වැනි පිෂ්ඨය හා සීනි අධික ශාක කොටස් යොදාගෙන ඒවා බැක්ටීරියා ආධාරයෙන් පැසවා (ferment) එතනෝල් බවට හරවා ගනු ලැබේ. මෙහි ඇති ප්‍රධාන අවාසිය නම් මේ සියලු ද්‍රව්‍ය මනුශ්‍ය පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය වීමයි. මෙවැනි ආහාර බෝග ඉතා විශාල වශයෙන් එතනෝල් නිශ්පාදනයට යොදාගැනීම නිසා ලොව පුරා ඉරිඟු, සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ඉතා ඉහල ගොස් තිබෙනවා. අප රටේ පාන් පිටි මිල හා සීනි මිල ඉහලයාමට එක් හේතුවක් වන්නේත් එතනෝල් නිශ්පාදනය නිසා උක් හා ඉරිඟු/තිරිඟු වලට ඇති ඉල්ලුම ඉහල යාමයි.

එතනෝල් ඉන්ධනයක් ලෙස භාවිතයේදී ඇති තවත් අවාසියක් නම් එතනෝල් 10% වඩා පැට්රෝල් හා මුසු කරනවානම් වාහනයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (fuel system) විශේෂ වෙනස් කිරීම් වලට භාජනය කරයුතු වීමයි. එයට හේතුව එතනෝල් විශාල වශයෙන් ජලය උරා ගැනීම හා එම ජලය ඉන්ධන පද්ධතිය තුල ඇති සියුම් උපාංග මළ බැඳීමට හේතුකාරක වීමයි. ජීව ඉන්ධන නිශ්පාදනයේදී නිශ්පාදකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් නම් ශාකයක ස්කන්ධයෙන් (bio-mass) වැඩි කොටසක් සමන්විත වන සෙලියුලෝස් එතනෝල් බවට අඩුවියදමකින් හරවාගත හැකි ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොතිබීමෙයි. එමනිසා ඉරිඟු වැනි විශාල පඳුරකින් එතනෝල් නිශ්පාදනයට යෝදාගත හැක්කේ ආහාරයට ගතහැකි පිෂ්ඨය අඩංඟු ඉරිඟු ඇට පමණයි. අනෙක් කොටස් ඉවත දමන්නට සිදුවෙනවා. මෙය එතනෝල් නිශ්පාදනයේ වියදම ඉහල දැමීමටත් ධාන්‍ය මිල ඉහල යැවීමටත් හේතුවෙනවා.
  මේ ගැටලු සියල්ලටම පිලියම් වියහැකි තාක්ශණයක් ඇමරිකාවේ නිව් ඕර්ලින්ස් නගරයේ පිහිටි ටුලාන් විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් විසින් බිහිකොට තිබෙනවා. එනම් ශාකවල මෙන්ම ඉවතලල කඩදාසි/පත්තර වල බහුලව ඇති සෙලියුලෝස් බියුටැනෝල් නම් එත්නෝල් හා සමාන, එයට ඉතා හොඳ ආදේශකයක් ලෙස ගතහැකි ජීව ඉන්ධනයක් නිපදවීමට සමත් බැක්ටීරීයාවක් සොයාගැනීමයි.මෙම පර්යේශකයින්ගේ අරමුණ වී තිබුණේ ශාක භක්ශක සතුන්ගේ ආමාශ තුල සිටිනා සෙලියුලෝස් ජීර්ණයට උපකාරී වන බැක්ටීරියා පිලිබඳව පර්යේශණ පැවැත්වීමත් එමගින් ඉවතලන සෙලියුලෝස් ජලවිච්ඡේදනය (hydrolysis) කොට එමගින් ජීව ඉන්ධනයක් නිපදවාගත හැකිදැයි සොයා බැලීමයි. මේ සඳහා ඔවුන් ශාකභක්ශක සතුන් විශාල ප්‍රමාණයක් නේවාසිකව සිටිනා නිව් ඕර්ලීන්ස් සත්වෝද්‍යානයේ සතුන්ගේ මළ පරීක්ශාවට බඳුන්කලා. දීර්ඝ පර්යේශණ ගණනාවකට පසු ඔවුන් අප්‍රිකාවේ සීබ්‍රා (zebra) සතුන්ගේ මළද්‍රව්‍ය තුලින් සෙලියුලෝස් ජලවිච්ඡේදනයකොට බියුටැනෝල් බවට හැරවිය හැකි බැක්ටීරියාවක් සොයාගත්තා. TU-103 ලෙස නම්කොට ඇති මෙම බැක්ටීරියාව බියුටැනෝල් නිපදවිය හැකි බැක්ටීරියාවන් ගණනාවකින් එකක් බවයි සඳහන් වන්නේ. මෙම සොයාගැනීම ලාභදායි ජීව ඉන්ධන නිපැදවීමේ පර්යේශණවල කඩඉමක් සටහන් කරන වැදගත් සොයාගැනීමක් වන්නේ;

 1] බියුටැනෝල් එතනෝල් වලට වඩා කාබන් අඩංගු, එබැවින්ම වැඩි ශක්තිප්‍රමාණයක් ගැබ්වී ඇති එන්ධනයක් වීම. බියුටැනෝල් ලීටරයකින් වාහනයකට ගමන් කල හැකි දුර එතොනෝල් ලීටරයකින් යාහැකි දුරට වඩා සැළකිය යුතු ලෙස වැඩිවනවා.

2] ඉවතල ටොන් මිලියන ගණනක් ශාක කොටස්, පිදුරු, පරණ පත්තර ආදිය බියුටැනෝල් නිශ්පාදනයට යොදාගත හැකි වීම

3] බියුටැනෝල් වලට ජලය උරාගැනීම එතරම් සිදු නොවන බැවින් පෙට්රෝල් වාහනවලට වෙනස් කිරීමකින් තොරව බියුටැනෝල් ඉන්ධන ලෙස යොදාගත හැකිවීම යන කරුණු නිසායි.

1 comments:

පාවෙන සුළං විදුලි බලාගාරය


සුලඟ මගින් විදුලිය නිපදවීම ගැන අපි අසා ඇත්තෙමු. කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම සුළං බලාගාරයකින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාරයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිවේදනය කෙරුණි. පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශයේ මෙම බලාගාරය පිහිටුවා ඇත. සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙය කිලෝවොට් 800ක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර විසිපහකින් සමන්විත ව්‍යාපෘතියකි. තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වී ඇත.
සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය, කළ්පිටිය
කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසියක් ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි. මේ අවාසිය නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා තිබෙනවා. High Altitude Wind Turbine ලෙස මෙම නිමැවුම නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව සිදුවේ.

පාවෙන සුළං විදුලි බලාගාරය
හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ට්‍රක් රථයක ආධාරයෙන් ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය. මෙවැනි සැකසුමක ඇති වාසි නම්;
  • අවශ්‍ය තැනකට ගෙනගොස් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව
  • වේගයෙන්ම සුලං හමන උසට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපැදවීම කාර්යක්ශම කර ගැනීමේ හැකියාව
  • නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රති-ජනනය වන ප්‍රභවයක් (renewable energy source) වන සුලං මගින් වීම
දැනට අඩි 35 විශ්කම්භයක් ඇති මූලාකෘතියක් (prototype) ලෙස නිර්මාණය කොට ඇති මෙහි පර්යේශණ කටයුතු තවමත් අවසන් කොට නැත.

අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හා Massachusetts Institute of Technology (MIT) විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වන මෙහි නිර්මාපකයින් මෙවැනි පාවෙන විදුලි බලාගාර සඳහා ඈත දුශ්කර පලාත්වල කැනීම් කටයුතු කරන ඛණිජ හා තෙල් ගවේශණ සමාගම්, ස්වාභාවික විපත් වලින් විදුලිබල පද්ධතිය විනාශවුනු ප්‍රදේශවලට සහන සැලසීමට ඉදිරිපත්වෙන රජයේ හා රාජ්‍ය නොවන ආයතන, ආරක්ශක හමුදා වැනි ආයතන මගින් ඉහල ඉල්ලුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරති.

මෙම පාවෙන බලාගාරයේ ක්‍රියාකාරිත්වය පෙන්වන යූ-ටියුබ් විඩියෝව නරඹන්න

0 comments:

නියමු රහිත රොබෝ යානා මිනිස් නියමුවන් අභාවයට යවයිද?

 
වසර      : 2008
ප්‍රදේශය : කළු මුහුද අසබඩ ජෝර්ජියා/අබ්කාසියා දේශසීමාව

පැරණි සෝවියට් දේශයේ රාජ්‍යයක් වුනු ජෝර්ජියාවේ ප්‍රාන්තයක්ව තිබුණු අබ්කාසියාව රුසියාවේ යුධමය ආධාර වල ශක්තියෙන් වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත්කල අතර ජෝර්ජියාව එයට විරෝධය පාන්නට විය. එවක ජෝර්ජියාව ඊශ්‍රායලයෙන් ලබාගත් නියමු රහිත යානා උපකාරයෙන් ජෝර්ජියා/අබ්කාසියා දේශසීමා ප්‍රදේශය නිරීක්ශණය කරමින් සිටි අතර රුසියානු හමුදා අබ්කාසියාවට ඇතුලුවී ජෝර්ජියානු දේශසීමාවේ කඳවුරු බැඳගන්නා ආකාරය ජෝර්ජියානු නියමු රහිත යානාවල කැමරාවලට හසුවුනු අතර ජෝර්ජියාව මෙම ඡායාරූප ලොව පුරා මාධ්‍යවලට නිකුත් කරමින් රුසියාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපහසු තාවයට පත් කලේය.

මිසයිලයක් මුදාහරින මිග් 29 යානයක්
 මෙයින් කෝපයට පත් රුසියාව එක් ජෝර්ජියානු නියමු රහිත යානයක් රුසියානු මිග් 29 ප්‍රහාරක යානාවක් මගින් වෙඩිතබා බිඳ හෙලන ලදී. රුසියානු මිග් යානයේ ප්‍රහාරය අවසාන මොහොත වනතෙක් නියමු රහිත යානාවේ කැමරා මගින් යානා මෙහෙයුම් කරුවන්හට සජීවීව ලබාදෙන ලදී. රුසියානු මිග් 29 යානය ප්‍රහාරය සඳහා ස්ථානගත වන ආකාරයත්, තාප සංවේදක මිසයිලයක් මුදාහරින ආකාරයත් පමණක් නොව මිසයිලය විදුලිවේගයෙන් යානය වෙත ලඟාවෙන ආකාරයත් නියමුරහිත යානයෙන් පාලක මැදිරියට සජීවීව ලබාදෙන ලදී.

මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

නියමු රහිත යානාවලට ඔත්තු බැලීමේ හා භූමියේ ඉලක්ක කරා සාර්ථකව ප්‍රහාර එල්ලකිරීමේ මෙහෙයුම් කල හැකි වුවත් ඒවාවලට තමන්ගේම ආරක්ශාව සලසාගැනීමට හෝ තවත් ගුවන් යානයක් සමග ගුවන් සටනක නිරතවීමට හැකියාවක් නැති බවයි.

දැනට තිබෙන තාක්ශණයට අනුව හොඳින් පුහුණුවූ ප්‍රහාරක ජෙට් නියමුවෙක් සතු දැනුම පලපුරුද්ද හා හැකියාව පරිගණක වැඩසටහනකට ඇතුලු කිරීමට කිසිසේත්ම නොහැකිය. පරිගණක කොතරම් වේගවත් වුවත්, බලසම්පන්න වුවත් බිලියන 100කට අධික නියුරෝන සංඛයාවක් ඇති, එම නියුරෝන හා සිනැප්ස අතර වසර ගණනාවක අත්දැකීම් හා පුහුණුව ගබඩාකරගෙන ඇති මිනිස් මොලයකින් මෙහෙයවන ප්‍රහාරක යානයක් හා කරට කර සටන් වැදිය හැකිවන ලෙස ප්‍රහාරක යානයක් මෙහෙයවිය හැකි පරිගණකයක් තවම නිපදවා නැත. 

පරිගණක චෙස් වීරයා

IBM සමාගම නිර්මාණය කල Deep Blue නම් පරිගණකය 1997දී ලොව සුපිරි චෙස් ක්‍රීඩකයා වුනු ගැරී කැස්පරොෆ් පරාජයකල බව සැබෑවකි, එහෙත් මෙය පරිගණකය තනිවම කල හපන්කමක් නොව දුසිම් ගණනක් පරිගණක ඉන්ජිනේරුවන් විසින් සෑම තරඟයකටම පෙර හා පසු පරිගණකයේ වැඩසටහන සීරුමාරු කරමින් එය කලින් වටයේදී සිදුකල වැරදි නැවත නොකරන්නට ක්‍රියාකරමින් ගන්නා ලද ජයග්‍රහණයකි. තරඟය සඳහා ගැරී කැස්පරොෆ් තනිවම පැමිණි අතර Deep Blue පරිගණකය පැමිණියේ පරිවාර සේනාවක්ද සමගය.
වොට්සන් පරිගණක වැඩසටහන මිනිස් තරඟ කරුවන් දෙදෙනෙකු සමග ජෙපර්ඩි ප්‍රශ්ණ විචාරාතමක වැඩසටහනට සජීවීව සහභාගී වෙමින්.
එපමණක් නොව 2011දී IBM සමාගම නිර්මාණය කල Watson නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහන සාමාන්‍ය භාශාවෙන් (natural language) ප්‍රශ්ණ අසන ජනප්‍රිය අමෙරිකන් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් වන Jeopardy නම් වැඩසටහනෙන් මිනිස් තරඟකරුවන් අභිබවා ජයගත්තේය. එහෙත් මේ හපන්කම සඳහා වොට්සන් වැඩසටනට ටෙරාබයිට් 4කට අධික ධාරිතාවක් ඇති දෘඩතැටියක් පිරෙන්නට දත්ත සපයාදී තිබුණු අතර එම දත්ත අතර සම්පූර්ණ විකිපීඩියා විශ්වකෝශයද තිබුණු බව සඳහන් වේ.

චෙස්ක්‍රීඩා කිරීම හා ගුවන් සටන් අතර වෙනස

ගුවන් සටනකදී නියමුවා සෑම තත්පරකයදීම පූර්ණ තත්ව සම්ප්‍රජානනයක (360 degree situational awareness) සිටිය යුතුය. සතුරු යානා තෙබෙන්නේ කොහිද?, තම යානාවට සාපේක්ශව ඒවා කිනම් දිසාවකට කිනම් වේගයකින් ගමන් කරයිද? තම සගයින් සිටින්නේ කොයිබදද? ඔවුන් කෙලෙස සතුරු තර්ජනයට ප්‍රතික්‍රියා කරනවාද? යානයේ ඉන්ධන තත්වය, අවි ආයුධ සූදානම, යානයට සවිකර ඇති රේඩාර්, අධෝරක්ත සංවේදක වෙනත් උපකරණ මගින් ලැබෙන දත්ත මොනවාද? වැනි සියගණනක් වැදගත් කරුණු ගැන සෑම තත්පරයකම අවධානයෙන් සිටින අතර සතුරු යානා හා සිය සගයින්ගේ යානා සිදුකරන මාර්ග වෙනස් කිරීම් හා වෙනත් ක්‍රියාවලට නියමුවා ස්වයංක්‍රීයව ප්‍රතික්‍රියා දක්වයි. මේ සියල්ල සිදුවෙන අතරම නියමුවා (හෝ දෙදෙනා) ගුවනේ සිටින සිය සගයන් සමග, ගුවනේ රැඳී සිටිනා AWACS වැනි පියාඹන මෙහෙයුම් මධ්‍යස්ථාන, සතුරු රේඩාර් හා මිසයිල අවුල් කරන electronic counter-measures උපකරණ වලින් සන්නද්ධ යානා, ඉන්ධන සපයන ටෑංකර් යානා මෙන්ම ගොඩබිම සිටිනා අණදෙන නිළධාරීන් සමගද නිරන්තරව රේඩියෝ පණිවුඩ හුවමාරුවල යෙදී සිටියි.

එමපණක් නොව බොහෝ බලසම්පන්න යානා එක නියමුවෙක් නොව නියමුවන් දෙදෙනෙකු යොදා ගෙන පියාසර කල යුතු යානාවේ. නියමුවන් දෙදෙනෙකු ඇවැසි වන්නේ එම යානා එතරම්ම සංකීර්ණ නිර්මාණ වන බැවිනි. දෙදෙනෙකු (යානය පියාසර කරවන්නා හා අවිආයුධ ක්‍රියාකරවන්නා - pilot & weapons officer ) සිටින විට දෙදෙනාම ඉතා සහයෝගයෙන් එකාමෙන් ක්‍රියාත්මක විය යුතුය. එකෙකු සිතනාදෙය අනෙකා ඉවෙන් මෙන් දත යුතුය. මෙවැනි හැකියාවක් මිනිස් නියමුවන් ලබාගන්නේ පැය සිය ගණනාවක් එකට පුහුණු පියාසැරිවල නිරතවීමෙනි.

පියාසර කරවිමට නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය අති නවීන මිග්-35 ප්‍රහාරක ජෙට්යානය
මෙවැනි සුසංයෝගී ක්‍රියාවලියක් පරිගණක වැඩසටහනකට හසුකරගැනීම දැනට ඇති ඉහලම පරිගණක තාක්ශණයට වුවද තවමත් සිහිනයකි. තව අවුරුදු 20කින් පමණ එතරම් බලසම්පන්න එහෙත් ගුවන් යානයකට සවිකර හැකි ලෙස කුඩා ප්‍රමණයේ පරිගණක නිපැදවෙන ඇත. එතෙක් මිනිස් නියමුවන් ප්‍රහාරක ජෙට් යානාවල රජ කරනු ඇත.






2 comments:

2012 වසරේ ලොව වේගවත්ම සුපිරි පරිගණක


 තාක්ශණයේ වේගවත් දියුණුවත් සමග දැවැන්ත සුපිරි පරිගණකවල වේගය සුපිරි අගයන්ගෙන් ඉහල යමින් පවතී.  
 
NUMBER 1 : THE FASTEST SUPER COMPUTER IN THE WORLD (2012)

ජපානයේ කේ සුපිරි පරිගණකය
ජපානයේ ෆුජිට්සු සමාගම නිපදවා ඇති "කේ" පරිගණකය (K Computer). මෙයට "කේ" යන නම තබා ඇත්තේ "Kei" යන ජපන් යෙදුමින් විස්තර කෙරෙන ක්වඩ්‍රිලියන 10 යන තේරුම දීම සඳහායි. මෙම පරිගණකයට පෙටා ෆ්ලොප් 10ක වේගයෙන් ගණනය කිරීම් සිදුකල හැකිය.

තාක්ශණික තොරතුරු;

නිශ්පාදකයා : ෆුජිට්සු පරිගණක සමාගම
භාවිතාකරන්නා : ජපානයේ කෝබේ නුවර පිහිටි RIKEN Advanced Institute for Computational Science
ප්‍රොසෙසර වර්ගය : 8 core SPARC64 VIIIfx 2.0GHz
ප්‍රොසෙසර් ගණන : 88,128
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 10,510,000 (10.5 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : භූමිකම්පා හා සුනාමි පිලිබඳ පර්යේශණ, වෛද්‍ය පර්යේශණ, තාරකා විද්‍යාව සබැඳි ගණනය කිරීම්.


NUMBER 2 : TIANHE - 1A

සුපිරි පරිගණක ලෝකයේ දෙවැනි වේගවත්ම සුපිරි පරිගණකය ලෙස ගැනෙන්නේ චීනයේ නිශ්පාදිත ටියාන්හේ-1A සුපිරි පරිගණකයි. ටියාන්හේ යනු "ක්ශීර පථය" යන තේරුම දෙයි. චීනයේ ටියෑන්ජින් නුවර ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ සිට ටියාන්හේ ක්‍රියාත්මක වෙයි. 2011 වසරේදී ලොව වේගවත්ම සුපිරි පරිගණකය ලෙස කිරුළු පලන් ටියාන්හේ 1, කේ පරිගණකය එම වාර්තාව බිඳ දමන තෙක් සයමසක් එම කිරුළ දරාගෙන සිටියේය.

ටියාන්හේ - 1A සුපිරි පරිගණකය
තාක්ශණික තොරතුරු;

නිශ්පාදකයා : ආරක්ශක තාක්ශණය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාලය, චීනය
භාවිතාකරන්නා : ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය, ටියෑන්ජින්
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 14,336  nVidia Tesla 7168
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 2,500,000 (2.5 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : පෙට්‍රෝලියම් ගවේශණය හා ගගනවිද්‍යා පර්යේශණ


NUMBER 3 : JAGUAR

ලොව තුන්වැනියට වේගවත්ම සුපිරි පරිගණකය වන්නේ අමෙරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේශණායතනයේ ක්‍රියාත්මක වන ජගුවර් නම් සුපිරි පරිගණකයයි. 2009 නොවැම්බර් සිට 2010 ජූනි මාසය පමණවන තෙක් ජගුවර් ලොව වේගවත්ම සුපිරි පරිගණකය වූ අතර චීනයේ ටියාන්හේ-1 2010 ජූනි මාසයෙන් පසුව ලෝව වේගවත්ම පරිගණකය විය.

තාක්ශණික තොරතුරු;

නිශ්පාදකයා : ක්‍රේ පරිගණක සමාගම, එක්සත් ජනපදය. (Cray Inc.)
භාවිතාකරන්නා : ඕක් රිජ් ජාතික පර්යේශණායතනය, ටෙනසී ප්‍රාන්තය, එකසත් ජනපදය.
ප්‍රොසෙසර වර්ගය : 6 Core AMD Opteron 2.6 GHz

ප්‍රොසෙසර් ගණන : 224,256 
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 2,330,000 (2.33 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : තාරකා විද්‍යා පර්යේශණ, භූමිකම්පා පිලිබඳ පර්යේශණ, ජීව විද්‍යා පර්යේශණ, න්‍යශ්ඨික විලයනය පිලිබඳ පර්යේශණ


NUMBER 4 : DAWNING NEBULAE

වේගවත්ම සුපිරි පරිගණක ලයිස්තුවේ 4වැනි තැන උසුලන්නේ චීනයේ ෂෙන්සෙන් නුවර ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ පිහිටි නෙබියුලා නම් සුපිරි පරිගණකයයි. මෙය නිශ්පාදනය කර ඇත්තේ ඩෝනින් නම් අමෙරිකානු සමාගමයි.



තාක්ශණික තොරතුරු;

නිශ්පාදකයා : ආරක්ශක තාක්ශණය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාලය, චීනය
භාවිතාකරන්නා : ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය, ටියෑන්ජින්
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 9280  nVidia Tesla 4640
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 1,270,000 (1.27 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : චීන ආරක්ශක හමුදා සඳහා සිදුකෙරෙන පර්යේශණ


NUMBER 5 :TSUBAME 2.0

සුබාමේ 2.0 ජපානයේ ටෝකියෝ තාක්ශණික ආයතනයේ සේවයේ යොදවා ඇති සුපිරි පරිගණකයකි. ජපානයේ NEC සමාගම හා අමෙරිකාවේ HP සමාගම ඒකාබද්ධව නිර්මාණය කොට ඇති සුබාමේ 2.0 පරිගණකය කාළගුණ ආනාවැකි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ගණිතමය අනුරූ නිර්මාණය (mathematical modelling of weather), සුනාමි ගැන පර්යේශණ වැනි ස්වාභාවික විපත් වලින් වන හානිය පිලිබඳ අනාවකි නිවැරදිව කල හැකි තාක්ශණයන් බිහිකිරීම සඳහා භාවිතා වේ.



නිශ්පාදකයා : NEC Japan, HP USA
භාවිතාකරන්නා : ජපානයේ ටෝකියෝ තාක්ශණික ආයතනය
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 2816  nVidia Tesla 4224
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 1,1920,000 (1.19 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux / Windows
යොදාගනු ලබන්නේ : කාළගුණ හා ස්වාභාවික විපත් පිලිබඳ පර්යේශණ






1 comments:

අයිස් යුගයේ ජීවත්වුනු දැවැන්තයින් වඳවී ගියේ ඇයි?


Grapic - Science Illustrated, May-June 2012, Page 39
පසුගිය වසර මිලියනය තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකොට ඇත. සාමාන්‍යයෙන් වසර ලක්ශයක් පමණ පවතින එක් අයිස් යුගයකට පසු වසර 20,000ත් 30,000 අතර කාළයක් උණුසුම් යුගයක් උදාවෙයි. දැන් අප මේ පසු කරන්නේ හොලෝසීන යුගය ලෙස හැඳින්වෙන තවත් එවන් උණුසුම් යුගයකි. මෙය තවත් වසර 10,000-15,000 පමණ පැවතී යලිත් අයිස් යුගයක් එළඹෙන බව විද්‍යාඥයින් විශ්වාස කරති. පෘථිවියේ අවසාන අයිස් යුගය මීට වසර 100,000 පමණ පෙර ඇරඹී වසර 10,000කට පමණ පෙර අවසන් විය.

පසුගිය අයිස් යුගය පුරාවට උතුරු අර්ධගෝලයේ මෙගා-ෆෝනා (mega fauna - ෆෝනා යනු වනසතුන්ට යෙදෙන නාමයකි-මෙගා ෆෝනා යනු විශාල වනසතුන් යන්නයි) ලෙස විද්‍යාඥයින් හඳුන්වන විශාල ක්ශීරපායි සතුන් රාශියක් පැතිරී සිටි අතර මොවුන්ගෙන් සමහරක් අයිස් යුගය අවසාන වන විට වඳවී ගියේය. මැමත් හස්තියා (wooly mammoth), ලෝම රයිනෝසිරස් (wooly rhinoceros), වල් අශ්වයා (wild horse) මෙලෙස වඳවී ගිය විශාල ක්ශීරපායින් අතර ප්‍රධානය. අධික ශීතලෙන් යුතු, ආහාර හිඟවුනු අයිස් යුගයේ හොඳින් ජීවත්වුනු මෙම සතුන් අයිස් යුගය අවසන්වි ආහාර සුළභවන අවස්ථාවකදී වඳවී යාමට හේතු විද්‍යාඥයින් අතර විශාල විවාදයකට තුඩුදී තිබේ. 

මෙම විවාදය තවත් ගැඹුරුවන්නේ මෙම වඳවී ගිය සතුන් ජීවත්වුනු කාලයේම, එම පරිසරයේම ජීවත්වුනු බයිසන් ගවයා, පිනිමුවා, මස්ක් ඔක්ස් ගවයා වැනි විශාල සතුන් වඳවී නොයාමයි. ඔවුන් අදටත් උතුරු අමෙරිකාවේ හා උතුරු යුරෝපයේ හොඳින් ජීවත්වෙයි.

පසුගිය වසර සියය පුරා විද්‍යාඥයින් මෙම තේජවන්ත සතුන් වඳවී යාමට හේතු ලෙස විවිධ තර්ක ඉදිරිපත් කල අතර එම තර්ක වලින් සමහරක් පහත දැක්වේ.
  • වේගයෙන් උණුසුම් වෙමින් තිබෙන දේශගුණයට හැඩ ගැසීමට නොහැකි වීම
  • යුරෝපීය හා උතුරු අමෙරිකානු තණබිම්වල වේගයෙන් පැතිරෙමින් සිටි නූතන මිනිසාගේ දඩයමට ගොදුරුවීමෙන් වඳවී යාම
  • වේගයෙන් පැතිරීගිය වෛරස් රෝගයක් හෝ වෙනත් රෝගයක්
  • උල්කාපාතයක් හෝ වෙනත් ව්‍යසනයක්
"අප ඉහත සියලු තර්ක ඉතා හොඳින් පර්යේශණයට බඳුන්කලා, ඉහත එක් කල්පිතයකට හෝ පසුගිය අයිස් යුගය අවසානයේ සිදුවුනු මහා වඳවීයාම සම්පූර්ණයෙන්පැහැදිලි කරන්නට බෑ" 

මේ වඳවීයාම් පිලිබඳව මෙතෙක් සිදුකොට ඇති දැවැන්තම පර්යේශණ ව්‍යාපෘතියට මූලිකත්වය දුන් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්යාලයේ මහාචාර්ය එස්කී විලර්ස්ලෙෆ් පවසනවා.

වෙනස්වන දේශගුණය හා මිනිසා විසින් දඩයම්කිරීමෙන් ලෝම රයිනෝසිරස්ගේ වඳවීම සිදුවිය


මැමත් හස්තියාගේ වඳවීම තවමත් නොවිසඳුනු අබිරහසකි


මැමත් හස්තීන් හා ලෝම රයිනෝසිරසයින් හා සමකාලීනව එම ප්‍රදේශවලම ජීවත්වූ පිනිමුවා වඳවී ගියේ නැත


  වල් අශ්වයාගේ පූර්ණ වඳවී යාමද ගැටලු සහගතය


මස්ක් ඔක්ස් ගවයා දඩයක්කරුවන් සිටි ප්‍රදේශවලින් ඉතා ඈතට සංක්‍රමණය වුනු බැවින් වඳවීයාමෙන් ගැලවුනිද?


බයිසන් ගවයින්ද මස්ක් ගවයින් මෙන්ම ඈත ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවිගලවා ගත්හ


















1 comments:

වසර 31,000 පැරණි බීජ පැලකරවූ රුසියානු විද්‍යාඥයෝ

මේ පැලෑටියේ මවු ශාකය එම බීජ නිපදවන විට මැමත් නම් යෝධ ඇතුන් මෙම පැලෑටියේ ජන්ම භූමිය වුනු සයිබීරියාව සිසාරා සැරිසරමින් සිටියහ!
වසර 31,800කට පෙර රුසියානු සයිබීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ කොලීමා ගංගාව අසල යම් ස්ථානයක නම් arctic ground squirrel ලේනුන් විශේෂයට අයත්  ලේනෙකු ශීත සෘතුවේදී ආහාරයට ගැනීම සඳහා ඇට වර්ග ගණනාවක් ඌ විසින් පොලොව යට හාරන ලද කුඩා උමගත් තුල තැම්පත් කලේය. අවසාන අයිස් යුගයට (වසර 10,000 පෙර මෙය අවසන් විය) අයත් වුනු මේ කාළයේ ගිම්හාන සෘතුව ඉතා කෙටි වුනු අතර ආහාර වැළලූ ස්ථානය ලේනාට අමතක වුනු බැවින් ශීත සෘතුව එළඹීමත් සමග පොලව ඝනීභවනය වී අයිස් බවට පත්වීමෙන් මේ බීජවල ජීව ගුණය සුරැකී තිබිණි.

Arctic Ground Squirrel


කොලීමා ප්‍රදේශය, ඊසානදිග සයිබීරියාව, රුසියානු ෆෙඩරේශණය
මෑතකදී මෙම ප්‍රදේශයේ ගවේශණයක යෙදුනු රුසියානු විද්‍යාඥයින් කණ්ඩායමකට අඩි 38 ගැඹුරු පස්තට්ටුවක් යටින් මේ බීජ හා තවත් පැලෑටි කොටස් හමුවිය. කාබන් කාළ නිර්ණ පරීක්ශාවකින් පසු මෙම බීජ වසර 31,000 පමණ පැරණි බව තහවුරු වුනු අතර පැළෑටි පොහොර ද්‍රාවණයක පෙඟෙන්නට හැර තිබුණු මෙම බීජ වලින් මුල් ඇදෙන බව දැකගන්නට හැකිවිය.

මුල් ඇදෙමින් තිබුණු බීජ විද්‍යාගාරය තුලදී කුඩා පෝච්චි වලට මාරු කරන ලද අතර ඒවා ඉතා හොඳින් වැඩී මල් හටගෙන ඇති ආකාරය ඔබට පෙනෙන්නට ඇත. මෙම පැලෑටිය මල් පමණක් නොව බීජ පවා නිපදවමින් ඇති ඇතර මෙනිසා වසර 31,000 පෙර අයිස් යුගයන් පසු අභාවයට ගොස් තිබූ මෙම පැලෑටි වර්ගය යලිත් සාර්ථකව බෝ කරගැනීම විද්‍යාඥයින් හට හැකිවී ඇත. මේ අනුව දැනට ලොව මල් හටගන්නා පැරණිම ශාකය ලෙස මේ කුඩා පැලෑටිය වාර්තාවක් තබා ඇත.

මේ සොයාගැනීමේ ඇති වඩාත්ම වැදගත් භාවය නම් අධික ශීතලට නිරාවරණය කලවිට ශාක බීජ වලට වසර දස දහස් ගණනාවක් ජීව ගුණය රඳවාගෙන නැවත රෝපනය වීමට ඇති හැකියාව තහවුරු වීමයි.

අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයකදී ලොව වැදගත් ආහාර ධාන්‍ය හා වෙනත් වැදගත් ශාක බීජ ශීත කොට ආරක්ශා කිරීමේ ව්‍යාපෘති විද්‍යාඥයින් විසින් ක්‍රියාත්මක කොට ඇති අතර මේ ව්‍යාපෘති සාර්ථක විය හැකි බව වසර 31,000ක් පැරණි බීජ වලින් යලි රෝපනය වුනු මේ පැලෑටිය මගින් තහවුරු කොට ඇත.

යෝධ මැමත් ඇතුන් අයිස් යුගයේදී සයිබීරියානු තැනිතලාවල රංචු වශයෙන් ගැවසුනි.


0 comments:

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ


නාසා ආයතනයේ සූර්ය විදුලි ජනක චන්ද්‍රිකාව

වේගයෙන් වර්ධනය වන ලෝක බලශක්ති අවශ්‍යතාවයට පිලියමක් වශයෙන් අභ්‍යවකාශයේදී සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවා එම විදුලිබලය මයික්‍රෝ-වේව් තරංග බවට පරිවතනය කොට පොලවට සම්ප්‍රේශණය කිරීමේ තාක්ශණයක් නාසා ආයතනය නිර්මාණය කරමින් පවතින බව වාර්තාවේ.

හිටපු නාසා ඉන්ජිනේරුවකු වන ජෝන් මැන්කින්ස් විසින් නිර්මාණය කරන ලද මේ තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගිකව භාවිතා කල හැකිදැයි සොයා බැලීම සඳහා මැන්කින්ස්ට අයත් Artemis Innovation Management Solutions නම් සමාගමට මුදල් ප්‍රධානයක් ලබාදී තිබේ. නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ ගවේශණ නිර්මාණය හා පාලනය කිරීම් සිදුකරන "Jet Propulsion Laboratory (JPL)" හි විසිපස් වසරක සේවාවක අත්දැකීම් ඇති මැන්කින්ස් පවසන ආකාරයට ඔහු විසින් නිර්මාණය කරමින් පවතින මේ අභ්‍යවකාශ බලශක්ති තාක්ශණය අභ්‍යවකාශයේදී බලශක්තිය නිපැදවීමේ ලොව පලමු ප්‍රායෝගික තාක්ශණය වනවා.

Solar Power Satellite via Arbitrarily Large PHased Array හෙවත් SPS-ALPHA ලෙස හඳුන්වන මෙය අභ්‍යවකාශයේ ස්ථායි කක්ශයක (Geo-stationary orbit) ගමන් කරන විශාල චන්ද්‍රිකාවක් වනවා. වයින් වීදුරුවක හැඩයක් ගන්නා මෙහි දර්පණවලට වැටෙන ආලෝකය ඇතුලතින් ඇති සූර්ය කෝශ වලට යොමුකරවන අතර එම සූර්ය කෝශ මගින් හිරුඑලිය විදුලිය බවට හරවා, ඉන් අනතුරුව එම විදුලිය මයික්‍රෝ-වේව් (ක්ශුද්‍ර තරංග ) බවට හරවා පොලොවේ ඇති ග්‍රාහක ඇන්ටෙනා වලට සම්ප්‍රේශණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම චන්ද්‍රිකාවේ දර්පණ තනා ඇත්තේ වීදුරුවලින් නොව ඉතා තුනී පරාවර්තක පටල (thin film mirrors) වර්ගයකිනි. ඉතා විශාල චන්ද්‍රිකාවක් වන මෙය කොටස් වශයෙන් අභ්‍යවකාශගත කොට අභ්‍යවකාශයේ එකලස් කිරීමට බලාපොරොත්තුවේ.

0 comments:

ජලය ගැන ඔබ නොදන්නාදේ [What you dont know about water]

ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි. ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝශක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම විද්‍යාඥයින් හට හමුවී නොමැත.
ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.

දැන් අපි ජලයේ මේ සුවිශේෂී ගුණය වය ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්‍රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය ගැන සිතමු. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්‍රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටී.

යම් හෙයකින් අයිස්, ජලයට වඩා ඝණත්වයෙන් වැඩිවූවානම් අයිස් වන ජලය මුහුදු පතුලට කිඳා බසින අතර නැවත ජලයේ උඩ පෘශ්ටය නැවත අයිස් වෙයි. මෙලෙස නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුනු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුලු සාගරයම පතුලේ සිට මතුපිටටම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශවී යන්නට ඉඩ තිබුණි.








2 comments: