අමෙරිකාව උතුරු කොරියාවට පහරදීමට සූදානම්වේ! ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දැනටමත් දකුණු කොරියානු කඳවුරුවල!

F-22 Raptor in Osan Airbase, South Korea


යම් හෙයකින් උතුරු කොරියාවේ නායකත්වය ඔවුන් දැනට තර්ජනය කරමින් සිටිනා ආකාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ත්‍රිවිධ හමුදාව නිහඬව සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.

දැනටමත් අමෙරිකාවේ නවතම F-22 රැප්ටර් ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඕසාන් ගුවන් කඳවුරේ ස්ථානගත කොට ඇති අතර ජපානයේ අමෙරිකානු ගුවන් කඳවුරක් වන කැඩීනා ගුවන් කඳවුරෙහිද මේවන විටත් පුහුණුවීම පියාසැරි වල නිරතවෙන බව යුධ පුවත් වාර්තා පවසයි.

එමෙන්ම ස්ටෙල්ත් බෝම්බ ප්‍රහාරක යානාවක් වන B-2 යානා ගණනාවක් හා දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානාවක් වන B-52 දිගුදුර බෝම්බ ප්‍රහාරක යානා මේවන විටත් කොරියානු අර්ධද්වීපය ඉහලින් දකුණු කොරියානු ගුවන් හමුදාව හා එක්ව පුහුණුවීම් පියාසැරිවල නිරතවෙයි.

මේ අතර උත්තර ධ්‍රැවය ඉහලින් අමෙරිකාවට එල්ලවිය හැකි උතුරු කොරියානු මිසයිල විනාශකොට දැමීම සඳහා ඇලස්කානු මුහුදු තීරය වෙත මිසයිල විනාශකල හැකි යුධ නැව් (missile interceptors) 14ක් යැවීමට අමෙරිකානු ආරක්ශක ලේකම්වරයා කටයුතු කොට තිබේ.

ගුවන් ආරක්ශක තොරතුරු විශ්ලේෂණ සඟරාවක් The Aviationist වන පවසන ආකාරයට F-22 යානා උතුරු කොරියාවේ රේඩාර් හා ගුවන් ආරක්ශණ පද්ධති විනාශ කිරීම සඳහාත් ස්ටෙල්ත් හැකියාව නොමැති B-52 බෝම්බ හෙලන යානා වලට ආරක්ශාව සැපයිම සඳහාත් උපයෝගී කරගනු ඇත.

වාර්තාවන ආකාරයට උතුරු කොරියාවේ ලාබාළ ආඥාදායක කිම් ජන්ග් අන් අමෙරිකාවේ ස්ථාන කිහිපයකට බැලිස්ටික් මිසයිල එල්ල කිරීම සඳහා අවසර ලබාදී ඇත. මෙම ස්ථාන නම් අමෙරිකානු ප්‍රාන්තයක් වන පැසිෆික් සාගරයේ හවායි දූපතේ අගනුවර වන හොනලුලු නගරය (සුප්‍රකට පර්ල් හාබර් නම් අමෙරිකානු නාවික කඳවුර මෙහි පිහිටා ඇත), කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ නුවර (සැන් ඩියේගෝහි දැවැන්ත අමෙරිකානු නාවික කඳවුරු කිහිපයක් පිහිටා ඇත ), අමෙරිකාවේ අගනුවර වන වොශිංටන් හා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයයි.

උතුරු කොරියාවේ අමෙරිකානු ඉලක්ක...
සිය ජෙනරාල් වරුන් දෙපසින් තබාගත් කොරියානු නායකයා අමෙරිකානු ප්‍රහාර සැලැස්ම පරීක්ශා කරන ආකාරය පහත ඡායාරූපයේ දැක්වේ. මෙම ලාබාල නායකයා දෙපසින් සිටිනා ජෙනරාල්වරු, අමෙරිකානු මහද්වීපය තෙක් දීර්ඝ ගමනක යෙදිය හැකි අන්තර්-මහද්වීපික බැලිස්ටික් මිසයිල උතුරු කොරියාව සතුව නැතිබව ඔහුගෙන් වසංකොට ඇති බව නිසැකය.


මේ අතර අමෙරිකානු ස්ටෙල්ත් ප්‍රහාරක යානාවලට මුහුණදී ඒවා පලවා හැරීමට උතුරු කොරියාව භාවිතා කිරීමට අපේක්ශා කරන ප්‍රහාරක යානා පුහුණු අභ්‍යාසයක ඡායාරූප උතුරු කොරියානු රාජ්‍ය පුවත් ඒජන්සිය විසින් නිකුත් කොට ඇත. තුරු කොරියානු නායකයා ඉදිරියේ පැවැත්වුනු මෙම පුහුණුවීම සඳහා සහභාගි වූයේ 1959 වසරේ සෝවියට් රුසියානු ගුවන්හමුදාවට එක්වුනු මිග්-21 ප්‍රහාරක යානයකි. තුන්වැනි ලෝකයේ රටවල් ගණනාවක් තවමත් මෙම යානා භාවිතා කරතත් රුසියානු මිග් සමාගම මෙම යානා නිශ්පාදනය නවතා දැන් දශක ගණනාවක් ඉක්ම ගොසිනි. පහත ඡායාරූපවල කිම් ජන්ග් අන් ඉතා සාඩම්බරයෙන් මිග්-21 යානාවක් ගුවන්ගත වන ආකාරය නරඹනු දැකිය හැකිය.

F-22 හා සසඳන විට ෆුට්-සයිකල් කටුවක් වන් මේ උතුරු කොරියන් මිග්-21 යානාවලට වැරදීමකින් හෝ F-22 යානයක් බිම හෙලාගත හැකිවුව හොත්, සියලු ගැටලු වලට අධිතාක්ශණ ශෝට්-කට් සොයනා අමෙරිකානු හමුදා ලොකු-ලොක්කන් හට ගෙලවැළලාගෙන මියැදෙන්නට සිදුවනු ඇත....




Comments

  1. "F-22 හා සසඳන විට ෆුට්-සයිකල් කටුවක් වන් මේ උතුරු කොරියන් මිග්-21 යානාවලට වැරදීමකින් හෝ F-22 යානයක් බිම හෙලාගත හැකිවුව හොත්, සියලු ගැටලු වලට අධිතාක්ශණ ශෝට්-කට් සොයනා අමෙරිකානු හමුදා ලොකු-ලොක්කන් හට ගෙලවැළලාගෙන මියැදෙන්නට සිදුවනු ඇත...." හිහ් හිහ් නියම කතාව.

    මොනව උනත් ඔය රටවල් අතර යුද්ධයක් ඇතිඋනොත් අපිට ඒක කොයි ආකාරයෙන් බලපානවද කියල ලිපියක් ලියනවද? ඒ වගේම උතුරු කොරියානු මිත්‍ර පාර්ශව ගැනත්.

    ReplyDelete
  2. meka amarikan gahi gon post ekak

    ReplyDelete

Post a Comment