අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!


ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..



Comments

  1. ආතර් සී ක්ලාක් මහත්තයගේ අර ප්‍රසිද්ධ කියමන මතක් වුනා!

    ReplyDelete
  2. ඉතාමත් වටින ලිපියක් ස්තුතියි සහෝ

    ReplyDelete
  3. බටහිර විද්‍යාව බුදු දහමට සමපාත වෙනවා කියල ඔබ ලොකු වරදක් සිදු කරලා එය නිවෙරදි කරන්න

    ReplyDelete
  4. https://www.facebook.com/photo.php?fbid=435372396584481&set=a.223071684481221.48122.100003351740943&type=1&theater

    ReplyDelete
  5. මේ ලිපිය මට හරිම වැදගත්. මගේ මස්සිනා මේ තත්වයට වැටිලා දැං මාස5ක් වෙනවා. මට උදවු කරන්ඩ.

    ReplyDelete

Post a Comment