අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Video ඩවුන්ලෝඩ් මල්ලිලා වෙනුවෙන්ම හදපු අලුත්ම Torch වෙබ් බ්‍රව්සරය


ටෝර්ච් මීඩියා නැමති සමාගමක් මගින් නිර්මාණය කොට ඇති නවතම ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් මුදෘකාංග රාමුව උපයෝගීකරගෙන නිර්මාණය කොට ඇති   , පරිගණකයේ ප්‍රොසෙසරයට එතරම් බරක් නොදෙන කුඩා බ්‍රව්සරයකි. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය ආකාරයටම නිර්මාණය කොට ඇති මෙය ඒආකාරයෙන්ම ක්‍රියාත්මක වනවා පමණක් නොව ඔබගේ ගූගල් ගිණුමට සම්බන්ධවී ඔබගේ ක්‍රෝම් බ්‍රවුසරයේ බුක්මාර්ක්ස් හා සෙටින්ග්ස් සියල්ලම යාවත්කාලීන කරගත හැකි ලෙස නිපදවා ඇත.

ටෝර්ච් බ්‍රව්සරය ගූගල් ක්‍රෝම් හෝ ෆයර්-ෆොක්ස් බ්‍රව්සරවලට වඩා ඇති පහසුකම් ...

මා ටෝර්ච් බ්‍රව්සරය අත්හදා බලන්නට පෙළඹවූ වැදගත්ම හේතුව වන්නේ ටෝර්ච් නිර්මාපකයින් එම බ්‍රව්සරය තුලින්ම, වෙනත් ආධාරක (plugins) නොමැතිව බාගත කල හැකි බව දක්වා තිබීමයි. මෑතක සිට රූපවාහිනී කථාමාලා (tv series) මෙන්ම චිත්‍රපට ටොරන්ට් ආධාරයෙන් බාගත කරගෙන නරඹනවා වෙනුවට ඒවා ස්ට්‍රීම් මීඩියා (streaming media) ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ නැරඹීම පටන්ගත් මට එලෙස ඔන්ලයින් නරඹන සමහර චිත්‍රපට හා රූපවාහිනි කථාංග ඩවුන්ලෝඩ් කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් හටගෙන තිබුණි.

අලුත් ඒවා පයරට්-බේ (piratebay) වැනි ටොරන්ට් සෙවුම් යන්ත්‍ර මගින් පහසුවෙන් සොයාගත හැකි වුවත්, මා වඩාත් ප්‍රියකරන පැරණි චිත්‍රපට හා රූපවාහිනී කථාමාලා එලෙස ලබාගත නොහැකිවන්නේ ඒවැනි පැරණි ඒවා බීජනය-කරන්නන් (seeders) හීඟවීම නිසා එවැනි ටොර්‍රෙන්ට් බාගත නොහැකිවන බැවිනි.

අන්තර්ජාලයේ නොමිලයේ ලැබෙන විවිධ ස්ට්‍රීමින් මීඩියා ඩවුන්ලෝඩර් අත්හදා බැලුවත් එම මෘදුකාංග වලින් ලැබෙන ප්‍රයෝජනයට වඩා එම මෘදුකාංග මගින් රහසින් එකතු කරන වෙනත් මෘදුකාංග, ටූල්බාර් මෙන්ම බ්‍රව්සරයේ හෝම්-පේජ් ආදිය වෙනස් කිරීම මහත් හිරිහැරයක් බැවින් එය අතහැර දැම්මෙමි.

Torch බ්‍රව්සරය මේ ගැටලුව ඉතා ප්‍රසන්න ආකාරයට විසඳා තිබුණි. බ්‍රව්සරයටම බද්ධකොට ස්ට්‍රීමින් මීඩියා ඩවුන්ලෝඩරයක් එහි ඇති අතර ඇඩ්‍රස්-බාර් (address-bar) එකට දකුණු පසින් මීඩියා ලෙස ඇති කුඩා බොත්තම, බ්‍රව්සරය ස්ට්‍රීමින් වීඩියෝවක් දර්ශණය කරන්නට පටන්ගත් විට සජීවනය (animate) වන අතර එවිට එය ක්ලික් කිරීමෙන් වෙනත් කිසිදු ක්‍රියාදාමයකින් තොරව වීඩියෝ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරයට බාගත වේ (රූපය බලන්න) දැනට මා මෙය යූටියුම් හා අන්තර්ජාල චිත්‍රපට සේවාවවන් දෙකක අත්හදා බලා ඇති අතර මේ වනවිටනම් එය හිතුවාටත් වඩා හොඳින් ක්‍රියාත්මකවේ.

Firefox බ්‍රව්සරය මගින් add-on එකක් එකතුකර ගැනීමෙන් යූටියුබ් වීඩියෝ ඉතා පහසුවෙන් බාගත කරගත හැකි බවද පැවැසිය යුතුය. එහෙත් සෑම ස්ට්‍රීමින් වීඩියෝ අඩවියකින්ම බාගත කිරීම කල නොහැකිවීම බාධාවකි. ඔබ ෆයර්ෆොක්ස් භාවිතාකරන්නෙක් නම් හා ඔබට වැඩියෙන්ම අවශ්‍යවන්නේ යූ ටියුබ් වීඩියෝ බාගත කරගැනීමට නම්, ඒ සඳහා මේ බ්‍රව්සරය භාවිතා කරනවාට වඩා ෆයර්ෆොක් ඇඩ්-ඔන් එකක් මගින් ගැටලුව විසඳාගත හැකිය.


මෙලෙසම වෙනත් ටොරන්ට් මෘදුකාංග නොමැතිව බ්‍රව්සරය තුලින්ම ටොරන්ට් බාගත කරගත හැකිබව පැවසේ. මා එය අත්හදා බලානැත. ඔබට ටෝර්ච් බ්‍රව්සරය බාගත කිරීමට අවශ්‍යනම් http://www.torchbrowser.com/ වෙත පිවිසෙන්න.

Comments

  1. nic browser!මම හිතන්නේ මේකේ media කියන එකට file එක තෝරන්න තිබුනානම් හරි!
    bt anyway this is a googd broswer for video seekers!

    ReplyDelete

Post a Comment