අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

බොස්ටන් Pressure Cooker බෝම්බය - දළ සටහනක් (අනුග්‍රහය USAToday / Popular Science)


ප්‍රෙෂර් කුකරයක් භාවිතයෙන් බෝම්බයක් තනාගන්නා ආකාරය පිලිබඳව විස්තර හා රූපසටහන් අල්ඛයිඩාවේ නිළ ඉංග්‍රීසි ප්‍රකාශණයක් වන "ඉන්ස්පයර්" සඟරාවේ විස්තර හා රූපසටහන් බගින් දක්වා ඇති නමුදු, බොහෝ දෙනා විශ්වාස කරන පරිදි හෝ සමහර පුවත්පත් මගින් වාර්තාකරන ආකාරයට ප්‍රෙෂර් කුකර් බෝම්බය අල්ඛයිඩා නිර්මාණයක් නම් නොවේ.

ප්‍රෙෂර් කුකරයකින් බෝම්බයක් තනා ගන්නා ආකාරය මුල්වරට විස්තර කොට තිබුනේ "Anarchist's Cookbook" නම්වූ විවිධ පුපුරණ ද්‍රව්‍ය හා ඒවායින් බෝම්බ වැනිදෑ තනාගන්නා ආකාරය විස්තරකල අත්පොතෙනි. විලියම් පවෙල් නැමත්තෙකු විසින් රචනා කරන ලද මේ අත්පොත මුල්වරට අමෙරිකාවේදී නිකුත්වූයේ 1971 වසරේදීයි. ඔහු අමෙරිකානු යුධහමුදා සෙබළෙකු වන අතර වියට්නාම් යුද්ධයේ සටන් වැදුනු යුධ අත්දැකීම් ඇති පුද්ගලයෙකි.


අමෙරිකාවේ ආයතනය නිකුත්කල වාර්තාවක් අනුව ප්‍රෙෂර් කුකර් බෝම්බ ඉන්දියාවේ හා නේපාලයේ මාඕවාදී කැරලිකරුවන්, කාශ්මීර සටන්කාමීන්, පාකිස්තානයේ හා ඇල්ජීරියාවේ සටන්කාමීන්ද භාවිතා කොට ඇති අතර මේ අතර අල්ඛයිඩාව බිහිවීමට වසර ගණනාවකට පෙරද මෙවැනි බෝම්බ භාවිතාවී ඇත.


Comments