අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

මුලම ඩයිනසෝරයා මිහිපිට ඇවිදින විටත් සපුෂ්පික ශාක බිහිවී තිබුණා?

පැරණි සපුෂ්පික ශාකයක් ලෙස සැළකෙන Yellow water lily (Nuphar advena) ජලජ ශාකය
මෙතෙක් කාළයක් විද්‍යාඥයින් අනුමාන කරගෙන සිටියේ මල් හටගන්නා ශාක එනම් සපුෂ්පික ශාක බිහිවූයේ ඩයිනසෝරයින් මිහිපිට බිහිවී වසර මිලියන 100කට පමණ පසුව බවයි. එහෙත් මෑතකදී ස්විට්සර්ලන්තයේ භූගත සිදුරකින් ලැබුණු, ඉතා හොඳින් සංරක්ශණය වී තිබූ ෆොසිල සාම්පල දෙකක, නූතන ශාක පරාගවලට ඉතා සමාන පරාග දක්නට ලැබී තිබෙනවා. මේවා වසර මිලියන 245 පැරණි බවට ගණන් බලා තිබෙනවා, එනම් දැනට ලැබී තිබෙන ෆොසිල සාක්ශි අනුව මුල්ම ඩයිනසෝරයා ලෙස අනුමාන කරන ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) ඩයිනෝසරයා ජීවමානව සිටියදීද ලොව සපුශ්පික ශාක වලින් ගහන වන්නට ඇතැයි දැන් අනුමාන කෙරෙනවා. න්‍යාසාසෝරස් ඩයිනෝසරයා ජීවත්වී ඇත්තේ මීට වසර මිලියන 240කට පමණ පෙර මධ්‍යම ට්‍රියාසික යුගය ලෙස හැඳින්වෙන යුගයේදීයි.

ටැන්සානියාවේ න්‍යාසාසෝරස් (න්‍යාසා විලේ උරගයා) 

Comments

  1. හැම දාම වගේ වටින ලිපියක්
    ______
    ස්තුතියි !!

    ReplyDelete

Post a Comment