2014 වසරේ එලිදැක්වීමට නියමිත විද්‍යාප්‍රබන්ධ හා ත්‍රාසජනක චිත්‍රපට...

RoboCop        [February 2014]






























මෙය 1987 වසරේ තිරගතවුනු රොබෝකොප් චිත්‍රපටයේ 21 වැනි ශතවර්ශය සඳහා වන යාවත්කාලීන නිමැවුම (updated edition) ලෙස හැඳින්වේ. වර්ශ 2028දී අමෙරිකාවේ ඔම්නි-කෝප් සමාගම අතිදැවැන්ත බහුජාතික සමාගමක් ලෙස වැජඹෙයි. රොබෝ තාක්ශණයේ හිනිපෙත්තේ සිටින ඔවුන් අමෙරිකාවේ ඩෙට්‍රොයිට් නගරයේ දරුණු අපරාධ මැඩලීමේ නියතව සිටියදී දැඩිලෙස තුවාල ලැබූ ඇලෙක්ස් මර්ෆී නම් දක්ශ පොලිස් නිළධාරියෙකුහට තුවාල ලබා විනාශවූ සිරුර වෙනුවට රොබෝ සිරුරක් ලබාදේ. මේ අනුව ඇලෙක්ස් මර්ෆි මිනිස්-රොබෝ මුහුවක් හෙවත් හයිබ්‍රිඩ් රොබෝවෙකු බවට පත්වී නැවත සිය පොලිස් රාජකාරි අරඹයි..





Captain America: The Winter Soldier      [April 2014]


































201දී තිරගතවූ Captain America: The First Avenger චිත්‍රපටයේ දෙවන කොටස ලෙස එලිදැක්වෙන මෙම චිත්‍රපටය 2011දී තිරගතවූ  චිත්‍රපටයේ දෙවන කොටස ලෙස එලිදැක්වෙන මෙම චිත්‍රපටයේදී ඔහු ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ රුසියානු කේ.ජී.බී ඔත්තු සේවා ඒජන්තවරියක් ලෙස අප හමුවට ආ නටාශා රොමනොෆ් සමග අභිරහස් සිද්ධිමාලාවක සුළමුල සොයා යයි.






X-Men: Days of Future Past   [May 2014]






X Men කථාමාලාවේ අලුත්ම කථාංගය වන මෙය කාල-හූය (timelines) දෙකක් අතර දිවෙයි. එකක් 1960 ගණන්වල X මෙන් කථාමාලාව ඇරඹූ සමයේ වන සිදුවීම් හා බැඳී පවතින අතර අනෙක වර්තමානය හා නුදුරු අනාගතය තුල සිදුවෙයි. Mystique's Brotherhood ලෙසින් හඳුන්වාගන්නා රුදුරු මියුටන්ට්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා බොහෝ රටවල්වලින් මියුටන්ට් වරුන් පලවාහැර ඔවුන් විනාශකිරීමේ මෙහෙයුම් දියත්වෙන බව, අනාගතයේ එවැනි timeline එකක සිට අණතුරු ඇඟවීමක් ලැබේ. තවමත් එවැන්නක් සිදුවී නැතත් අතීතයේ සමාන්තර එකක සිදුවිය හැකි Mystique's Brotherhood මියුටන්ට්වරුන් සිදුකරණ ප්‍රචන්ඩ ක්‍රියා නිසා එවැනි අනාගතයක් බිහිවිය හැකිබව පණිවුඩයේ කියවේ. මෙවැනි අනාගතයක නීතිය හා සාමය රැකිම "Sentinel" රොබෝ හමුදාවකට පැවරෙන අතර ඔවුන් සියලු මියුටන්ට්වරුන් සතුරන් ලෙස සලකා රුදුරුලෙස මර්ධනය කිරීම සඳහා නිර්මාණය කොට ඇත.

2014 මැයි එලිදැක්වීමට නියමිතය





---/---

Jupiter Ascending        [July 2014]



ජුපිටර් ජෝන්ස් රුසියාවෙන් අමෙරිකාවට ඇතුලුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයෙකි. ඉතා දුගී ජීවිතයක් ගතකරන ඇය රැකියාව ලෙස කරන්නේ වැසිකිලි පිරිසිදු කිරීමයි. හදිසියේම ඇය සොයා කේන් නම් අමුත්තෙකු පැමිණේ. ජාන ඉන්ජිනේරු තාක්ශණයෙන් නිර්මාණය කල පුද්ගලයෙකු වන ඔහු සුපිරි සෙබලෙකි. ජුපිටර් කෙරෙහි සෙනෙහසක් උපදවාගන්නා ඔහු ඇය සොයා පැමිණි කාරණය ඇයට පවසයි.

ඔහු පැමිණියේ ඇයව මරාදැමීමට බවත්, ඔහුව එවන ලද්දේ මානවරූපි බුද්ධිමත් ජීවීන් ගෙන් පිරුණු, විශ්වය පුරා පැතිරුනු අති දියුණු ශිෂ්ඨාචාරයක රැජිණිය විසින් බවත් ඔහු හෙලිකරයි. ජුපිටර්ගේ ජාන සංයුතිය හා ඇය උපන් අවස්ථාවේ පිහිටි ග්‍රහචාරය අනුව ඇය අනාගතයේ විශ්වයේම රැජින වීමට හැකියාව ඇති බව දැනගත් රැජිණ, ඇය මරාදැමීමට ඔහුව එවන ලද බවන් කේන් හෙලිකරයි.

ජුපිටර්ගේ අනාගතය මුක්තිය ගැන දැනගන්නා රැජිණ ඇය කෙරෙහි උපන් ඊශ්‍යයාවෙන් ඇය කෙසේ හෝ විනාශ කිරීමට උත්සහගනු ඇතැයි කේන් ඇයට අණතුරු අඟවයි.

සුපිරි දෘශ්‍ය ප්‍රයෝගවලින් සපිරි මෙම චිත්‍රපටය 2014 ජූලි මස දොරට වැඩීමට නියමිතය








Edge of Tomorrow     [June 2014]


































නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්" ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය, කෲර සටන්විලාශයත් නිසා කිසිදු මිනිස් හමුදාවකට ඔවුන්හා සටනින් ජය නොලැබේ. පෘථිවියේ සෑම දියුණු නගරයක්ම සුන්බුන් බවට හැරෙද්දී කිසිදා සටන්බිමක අත්දැකීම් නැති නවක සෙබලෙකු වන බිල් කේජ් ඔහුගේ අණදෙන නිළධාරියා විසින් මෙහෙයුමකට යවයි. සටනට බට ඔහු මිනිත්තු කිහිපයකින් මියගියත් ඔහු මියයන්නේ පිටසක්වලයින්ගේ අණදෙන නිළධාරියෙකුද මරාගෙනය.

මීලඟ රූපරාමුවේ මියගිය බිල් කේජ් නින්දකින් මෙන් ඇහැරෙන් ආකාරය පෙන්වන අතර ඔහුගේ අණදෙන නිළධාරියා ඔහුව යලිත් සටනට යවයි. සටනට බට ඔහු යලිත් මිය යන නමුත්, මෙවර ඔහු වැඩිකාළයක් සටන්වැදීමට සමත්වෙයි. නැවතත් නින්දකින් මෙන් ඇහැරෙන බිල් සටනට යයි. බිල් කේජි මියයන මුල්ම අවස්ථාවේ ඔහු පිටසක්වලයෙකු සමග පොරබදා මරාගෙන මැරෙන බැවින් පිටසක්වලයා සමග ශාරීරික ගැටුමක් (physical contact with an alien) සිදුවීමේ හේතුවෙන් යම් ආකාරයක කාල චක්‍රයකට (time loop) හසුවී ඔහුගේ අවසන් සටන යලියලිත් සිදුවේ... මියගොස් යලි කාලචක්‍රය අලුත්වී යන සෑම අවස්ථාවකම ඔහුට පෙරට වඩා වැඩිකාළයක් සටන්වැදීමේ හැකියාව ලැබේ. මේ අතර ඔහුගේ සහයට  රීටා ව්‍රටාස්කි නම් අති දක්ශ කොමාන්ඩෝ සෙබළියක් එක්වේ. ඇය ඔහුව පිටසක්වලයන් හා සටනට පුහුණු කරවයි...





Dawn of the Planet of the Apes    [July 2014]


































මෙම චිත්‍රපටය 2011 වසරේ තිරගතවූ "Rise of the Planet of the Apes" චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය කොට තිබෙනවා. "Rise of the Planet of the Apes"චිත්‍රපටයේ අවසන් රූපරාමු කිහිපය ඔබට මතකයට නගාගත හැකිනම්; සුපිරි බුද්ධියක් ලබාගන්නා "සීසර්" චිම්පන්සියා සිය සටන් සගයින් සමග කැළයට යන ආකාරයත් උස ගසක මුදුනේ සිට ඈතින් පෙනෙන නගරය දෙස බලා සිටින ආකාරයත් ඔබට මතක් වනු ඇති. මේ චිත්‍රපටය ආරම්භවන්නේ මේ රූපරාමු පෙලට පසු ඊලඟට එන රූපරාමු කිහිපය පාදක කොට ගෙනයි.

චිත්‍රපයටයේ කථානායක ආචාර්ය විලියම් රොඩ්මන්ගේ අසල්වැසියෙකු වන ඩග්ලස් හන්සිකර් පැරීසිය බලා පියාසර කිරීම සඳහා සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපොලට පිවිසෙන ආකාරයත්, එහිදී ඔහු "සිමියන් වෛරස්" හෙවත් මාරන්තික වානර වෛරසය ආසාදනය වී නාසයෙන් ලේගලමින් සිටින ආකාරයත් පෙන්වයි. පැරීසිය බලා යාමට ගුවන්ගත වන ඔහු ගුවන් මගීන් සියල්ලටම රෝගය බෝ කරන අතර පැරිස් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මගීන් සමග මේ මාරාන්තික වෛරසය ලොව පුරා විහිදී ගොස් බිලියන ගණනක් ජනතාව මිය යයි.

ඉතිරිවන කුඩා ජන කණ්ඩාමයක් හා සීවර්ගේ බුද්ධිමත් වානර හමුදාව සමග පෘථිවියේ ආධිපත්‍යය උදෙසා මිනිසුන් හා බුද්ධිමත් වානරයින් අතර වන අරගලය මේ චිත්‍රපටයෙන් විදහා දැක්වේ.








Comments