අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

දෙසැම්බරයේ හික්කඩුවේ කරණම්ගහන තල්මසුන් බලන්න යන්න...


නිල් තල්මසා... මේ තමයි ලෝකයේ ඉන්න ලොකුම ක්‍ෂීරපායි සතා. ක්‍ෂීරපායි සතුන් අතර විතරක් නොවෙයි අනෙක් සෑම සතුන් අතරත් ලොකුම සතා නිල් තල්මසා කිව්වොත් ඒක හරි. ඉතින් මේ නිල් තල්මසුන්ව දෑසින්ම දැක ගන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු වාසනාවක්ද?

ඒ අවස්ථාව අපට පසුගියදා උදාවුණා. ඒ දකුණු මුහුදු තීරයේදී. මීට පෙරත් මම එක් වතාවක් නිල් තල්මසුන් බලන්න ගිහින් තියෙනවා. ඒ ගාලු වරායෙන් පිටත්වන නාවික හමුදාවට අයත් නෞකාවෙන්. ඒ නෞකාව සකසලා තියෙන්නේ තල්මසුන් බලන්න යන චාරිකා සඳහාමයි. හැබැයි අපි මේ පාර තල්මසුන් බලන්න මුහුදු ගියේ නැවකින් නම් නොවෙයි. බෝට්ටුවකින්. හික්කඩුවේ ඩායා ට්‍රාන්ස් හෝටලයේ නැවතිලා හිටපු අපිත් එක්ක තල්මසුන් බලන්න යන්න, එහි පරිසරවේදී සම්පතුත් එකතු වුණා.

හික්කඩුවෙන් ගමන් ඇරැඹූ අපි මිරිස්ස දක්වා අපේ වෑන් එකෙන් ගියා. මිරිස්සෙදී තමයි අපි බෝට්ටුවට ගොඩවුණේ. රළ ගහන මහ මුහුදේ බෝට්ටුවකින් තල්මසුන් බලන්න යන එක අවදානම්ද කියලත් වෙලාවකට හිතුණා. මොකද තල්මසෙක්වත් ඇවිත් බෝට්ටුවේ වැදුණොත් අපි කාටවත් පීනන්නවත් බැහැ. ඒත් ජීවිතාරක්ෂක කබා පැලැඳ සිටි නිසා කිසිම අවදානමක් නැහැ. අනිත් එක, අපිව ගැඹුරු මුහුදට එක්කන් යන බෝට්ටුවේ කප්පිත්තා බොහොම පළපුරුදු කෙනෙක්.


ඔන්න දැන් අපි මුහුදු රැලි අතරින් හිමින් හිමින් අෑත දියඹට යාත්‍රා කරනවා. උදයෙම පිටත් වුණු නිසා තවම හිරු රශ්මිය දැඩි වෙලා නැහැ. මුහුදු සුළඟ ඇඟේ දැවටෙන්නේ දිවගට ලුණු රසයක් එකතු කරමින්.
අන්න... අන්න... වතුර මලක් තිස්ස කෑ ගැහුවා. ඇත්තටම ඒ වතුර මලක් නෙවෙයි. තල්මසුන් ඉන්න බවට හොඳ සලකුණක්. උන් හුස්ම ගනිද්දී ඔය විදියට වතුර මලක් වගේ උඩට විසි කරනවා. ඒ කියන්නේ වතුර මල පේන හරියේ නිල් තල්මසා ඉන්නවා. ඒ වගේ වතුර මල් දෙක තුනක්ම දැන් අපට වරින් වර අප අවට තැනින් තැන දකින්න ලැබෙනවා. ඒ කියන්නේ තල්මස් පවුලක්ම ඉන්නවද දන්නේ නැහැ.

අන්න.. පැන්නා.... අන්න පැන්නා...හසිතගේ කෑ ගැසීමත් එක්ක හැමෝම ඒ පැත්ත බැලුවා. මහ මුහුදේ දැවැන්තයා අපව පිළිගන්නද මන්දා මහා සාගරය මැද හොඳ පිම්මක් පැන්නා මම හැරෙනකොට ඔළුව යට ගිහින්. කඳ හරිය විතරයි දැක්කේ. ඊට පස්සේ වලිගය මුහුදෙන් උඩට මතු වෙලා තත්පර 15ක් විතර තිබුණා. නිල් තල්මසා දන්නවද දන්නේ නැහැ එයාගේ පින්තූර 'මව්බිමේ පළ වෙනවා කියලා. එහෙම දන්නවා නම් මීට වඩා ලොකු පිමි දෙක තුනක් පැනලා පෙන්නයි.

අර ඕෂන් ගර්ල් කතාවේ දැරියට වගේ තල්මසුන් එක්ක කතා කරන්න අපටත් පුළුවන්කම තිබ්බා නම් අපටත් තිබ්බා තල්මසාගෙන් විස්තර ටිකක් දැන ගන්න. කොහොම වුණත් දියඹට ආපු ගමන්ම නිල් තල්මසකු දැක ගන්න ලැබීම අපේ ලොකු වාසනාවක් කියලයි අපිත් එක්ක ගිය සම්පත් කිව්වේ.

හැබැයි මම නම් දන්නවා අපි කොහොමත් වාසනාවන්තයි කියලා. අපි කිව්වේ තිස්සයි මමයි. මොකද මාස තුන හතරකට කලින් යාල ගිහින් කොටි බලන්න යද්දී සෆාරි ජීප් එකේදී නින්ද ගිය මටයි තිස්සටයි හරියටම කොටියා ආපු වෙලාවේදී ඇහැරුණේ වාසනාව නිසා නොවෙයිද? කොටි බලන්න ආපු සුද්දියොත් තිස්සවයි මාවයි පෙන්න පෙන්නා හිනා වෙවී ගියා කියලා කිව්වේ හසිත. ඒ අය හිතන්න ඇති අපි පිටරටවල ඉඳන් යාල එනවා කොටි බලන්න ඒත් මේ ලංකාවේ ගොබිලෝ දෙන්නා කොටි බලන්නේ නැතිව නිදි කියලා. ඉතින් එදා ඒ විදියට කොටි බලන්න අපි දෙන්නා වාසනාවන්ත වුණා වගේ දියඹට ආපු ගමන් නිල් තල්මසුන් බලන්න වාසනාව ලැබණේ තිස්සගෙයි මගෙයි වාසනා ශක්තිය නිසා කියලයි අවසානයේදී හැමෝම තීන්දු කළේ.

ඡායාරූප : අශාන් ගමගේ
සම්පත් ගුණසිංහ

උපුටා ගැනීම : http://www.mawbima.lk/31-44096-news-detail.html

Comments