අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට රැකියා අහිමිකල හැකි නිර්වින්දක රොබෝ මැශිම

මහාන්ත්‍රයේ (colon) ස්කෑන් පරීක්ශාවක් සඳහා මෙම කාන්තාව නිර්වින්දනය කරන ලද්දේ මෙම යන්ත්‍රය මගිනි.
බහුජාතික ඖශධ හා වෛද්‍ය තාක්ශණ සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද "සිඩසිස් - Sedasys" නම් නිර්වින්දක රොබෝවාට අමෙරිකානු ආහාර හා ඖශධ පාලන අධිකාරිය (Food & Drug Administration) මගින් රෝහල්වල භාවිත සඳහා අවසර ලබාදී තිබෙනවා. දැනට අමෙරිකාවේ රෝහල් හතරක භාවිතය ආරම්භ කොට ඇති අතර දැනට සංකූල නොවන, සරල නිර්වින්දන කාර්යන් සඳහා පමණක් අවසර ලැබී ඇති බවයි වාර්තාවන්නේ. එවැනි අවස්ථාවලදී පවා හදිසි සංකූලතාවලදී ඉක්මණින් ගෙනවාගත හැකි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහල තුල සිටින අවස්ථාවලදී පමණයි යන්ත්‍රය භාවිතා කිරීමට FDA අවසරය ලැබී තිබෙන්නේ.

ප්‍රොපොෆොල් නම් නිර්වින්දක ඖශධය එන්නත්කොට රෝගියෙකු නිර්වින්දනය කිරීමට හැකි ලෙස මෙම යන්ත්‍රය නිර්මාණය කොට ඇති අතර, සෙමින් එන්නත ලබාදෙන අතරේදී රෝගියාගේ රුධිරපීඩනය, රුධිර ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්ධනය වැනි අත්‍යාවශ්‍ය දත්ත නිරන්තරයෙන් සුපිරික්සමින්, එම දත්ත ආරක්ශිත පරාසවල (safe parameters) පවතින බවට තහවුරු කරගන්නවා. යම් ආකාරයකින් මෙම දත්ත අන්තරායකාරී පරාසවලට යොමුවන්නේ නම් එවිට ඖශධ මාත්‍රාව අඩුකිරීමට හෝ එන්නත් කිරීම නවතාදමා අණතුරු ඇඟවීමේ සංඥා නිකුත් කිරීමට යන්ත්‍රයේ ප්‍රෝග්‍රෑම් කොට තිබෙනවා.


වොශින්ටන් පෝස්ට් පුවත්පත වාර්තාකරන අන්දමට මෙවැනි යන්ත්‍ර භාවිතා කිරීම රෝහල්වලට මෙන්ම රෝගීන්ටත් ඉතා ලාභදායි වනවා. එක් රෝගියෙකු නිර්වින්දනය කිරීම සඳහා නිර්වින්දන වෛදවරයෙකු යොදාගැනීමේදී අමෙරිකානු ඩොලර් 2000ක් පමණ වැයවන අතර මෙම යන්ත්‍රය මගින් එය ඩොලර් 150-200 දක්වා සුවිශාල ලෙස අඩුකොට තිබෙනවා.


මෙම යන්ත්‍රයට අමෙරිකානු නිර්වින්දන විශේෂඥයින්ගේ සංසදය කලක් දැඩි විරෝධය පලකලද දැන් ඔවුන් එම ස්ථාවරය වෙනස් කොට, යන්ත්‍රයේ භාවිතය දැඩි නියාමනයන්ට යටත් කොට භාවිතා කිරීමට විරුද්ධ නොවීමට එකඟවී තිබෙනවා. නිර්වින්දන විශේෂඥයින් පවසන අන්දමට මෙම යන්ත්‍රයට,  වසර ගණනාවක් පුහුණුවීම් හා අද්දැකීම් ඇති නිර්වින්දන විශේෂඥයෙකු සතු වෘත්තීමය දැනුම හා පලපුරුද්ද නොමැති බැවින් සංකීර්ණ ශල්‍යකර්මවලදී නිර්වින්දන කටයුතු සඳහා යොදාගත නොහැකියි.

Comments