අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ප්‍රෝටීනවලින් අනූන පළගැටි බැදුම!


එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food & Agricultural Organisation - FAO) නිකුත්කල වාර්තාවකට අනුව දැනට ලොව ජනගහනය බිලියන 7ක් වන අතර 2050දී එය බිලියන 9ක් දක්වා වැඩිවිය හැකියි. මෙම බිලියන 7න් එක් බිලියනයක් පමණ දිනපතා කුසගින්නේ ගතකරනවා. තවත් අතිවිශාල ප්‍රමාණයක් දිනකට ලැබිය යුතු ප්‍රෝටීන ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය ලැබෙන්නේ නෑ.

මෙම වාර්තාවට අනුව, දිනෙන්දින වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර, විශේෂයෙන්ම ප්‍රෝටීන් නිශ්පාදනය විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙනවා. කුකුළන්, ගවයින් හා ඌරන් දැනට ලොව විශාලම සත්ව ප්‍රෝටීන ප්‍රභව වන අතර මෙම සතුන් ඇතිකිරීම පරිසරයට අතිවිශාල හානියක් සිදුකරන අතර දැනටත් හරිතාගාර සංසිද්ධිය (greenhouse effect) සඳහා විශාල දායකත්වයක් දෙන මීතේන් වායුව වැඩියෙන්ම වායුගෝලයට මුදාහැරෙන්නේ මස් හා කිරී පිණිස ඇතිකරන ගවයන්ගෙන්.

එමෙන්ම ගවයන්, ඌරන් හා කුකුළන් ලබාදෙන අහාර, ප්‍රෝටීන බවට හැරවීමේදී ඉතා අකාර්යක්ශම වනවා. උදාහරණයක් ලෙස ගවමස් කිලෝවක් නිපැදවීම සඳහ ගව අහාර කිලෝ 5-7 අතර ප්‍රමාණයක් වැය වනවා. එමෙන්ම ඌරුමස් කිලෝවක් නිපදවීමට ආහාර කිලෝ 3-4ක් පමණ අවශ්‍යවනවා. කුකුළන් සඳහා මෙය කුකුල්මස් කිලෝවකට ආහාර කිලෝග්‍රෑම් 2-3 අතර වනවා. එහෙත් ප්‍රෝටීන අතින් හරක්මස් හා ඌරුමස් වලට වඩා කුකුලුමස්වල ප්‍රෝටීන ප්‍රමාණය අඩුයි. කුකුලුමස් ග්‍රෑම් 100කින් ප්‍රෝටීන ග්‍රෑම් 18ක් පමණ ලැබෙන අතර මෙය ඌරුමස් සඳහා ග්‍රෑම් 25කුත්, හරක්මස් සඳහා ග්‍රෑම් 36කුත් වනවා.

එමෙන්ම ගවමස් කිලෝවක් නිපැදවීම සඳහා ජලය ලීටර් 15,000ක් පමණ වැයවන බවට ගණන්බලා තිබෙනවා. ලොව පුරාම වියලි, නියඟ කාළගුණය පැතිරෙමින් පවතින වකවානුවක මෙවැනි ජල පාරිබෝජනයන් විශාල නාස්තින් ලෙස පරිසර සංවිධාන නම් කරනවා.

බැදපු පළගැටි හා බැදපු පටපණු පිලවුන්
ලොව වැඩිවන ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන ලබාදීම සඳහා යෝජනාවක් ලෙස ලෝක ආහාර හා කෘශිකර්ම වැඩසටහන කෘමිසතුන් ආහාරයට ගැනීමට යෝජනා කරනවා. දැනටමත් අමෙරිකාව වැනි රටවල මේ සඳහා විශාල වශයෙන් පර්යේෂණ මෙන්ම මිනිසුන්ගේ ආකාල්ප වෙනස් කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාතමක වනවා. පළගැටියන් වැනි කෘමි සතුන් අධික ප්‍රෝටීන හා හිතකර මේධ අම්ල මෙන්ම විටමින් හා ඛණිජලවණ වලින්ද පොහොසත් බව පර්යේෂණ වලින් හෙලිවී තිබෙනවා. එමෙන්ම එම සතුන් වගාකිරීම, ඉතා අඩු වියදමක්, අඩු ඉඩක් හා අඩු පරිසර හානියකින් සිදුකල හැකියි.

පළගැටියන් ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වලදී පළගැටියන් ග්‍රෑම් 100ක ප්‍රෝටීන ග්‍රෑම් 20-30 පමණ ප්‍රමාණයක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම මොවුන් ඉතා ප්‍රණීත ලෙස  පිසගත හැකිබවත්, ආහරයේදී කිසිදු අප්‍රසන්න රසයක් නොමැති බවත් සොයාගෙන තිබෙනවා.


එපමණක් නොව, මස් පිණිස ඇතිකරන සතුන්ගේ සිරුරේ බරින් ආහාරය සඳහා යොදාගත හැකි ප්‍රතිශතය අතින්ද පළගැටියන් ඉදිරියෙන් සිටිනවා. පළගැටියෙකුගේ සිරුරේ බරින් 80% ආහාර සඳහා යොදාගත හැකි අතර, ගවයකුගේ සිරුරේ බරින් 60%ම ආහාරයට ගත නොහැකි ඇට, සම් වැනි ද්‍රව්‍යවන අතර ප්‍රයෝජනයට ගත හැක්කේ 40%ක් පමණයි.


Comments