මානවයින් මීට වසර 45,000කට පෙර සයිබීරියාවේ මැමත් ඇතුන් දඩයම්කරලා

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
මානවයින් මීට වසර 45,000කට පෙර සයිබීරියාවේ මැමත් ඇතුන් දඩයම්කරලා


The discovery of a weapon marks on a Siberian woolly mammoth carcass may provide evidence that humans were present in the Arctic 10,000 years before previously imagined. The frozen remains of the animal suggest it was hunted to its death, which would mean humans colonised the region at the time, 45,000 years ago

මෑතකදී සයිබීරියාවෙන් හමුවූ මැමත් හස්තියෙකුගේ සිරුරක මානව දඩයක්කරුවන්ගේ හෙල්ල පහරවල්වල සළකුණු ඇති අස්ථි හමුවී තිබෙනවා. මීට පෙර විද්‍යාඥයින් අනුමාන කලේ මානවයින් දැඩි ශීතලක් ඇති සයිබීරියාවට ඇතුලුවන්නටට ඇත්තේ මීට වසට 35,000කට පෙර බවයි. එහෙත් කාළ නිර්ණයට අනුව මෙම මැමත් ඇතා මීට වසර 45,000කට පෙර මියගොස් තිබෙනවා. ඒ අනුව ඌ මියයන්නට ඇත්තේ වසර 45,000කට පෙර දුනු, ඊතල හා හෙල්ල ආධාරයෙන් ශීතල සයිබීරියාවේ සැරිසැරූ මානව දඩයක්කාරයින් අතින් බව දැන් විශ්වාස කෙරෙනවා.



මෙම මැමත් සිරුර රුසියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ මධ්‍යම සයිබීරියාවේ යැන්සෙයි බොක්ක ආශ්‍රිත ප්‍රදේශයෙනුයි. රුසියානු විද්‍යා ඇකඩමියේ විද්‍යාඥ ව්ලැඩ්මීර් පිටුල්කෝ පවසන අන්දමට මෙම ඇතාගේ අස්ථිවල තියුණු ආයුධවලින් සිදුකරන ලද පහරදීම්වල සළකුණු තිබෙනවා. විශාල සතුන්වන මැමත් ඇතුන්ගේ මස් මෙම දඩයක්කරුවන්ට ශීත සෘතුව ගතකිරීම සඳහා මහත් පිටිවහලක් වන්නට ඇති අතර, ඝණ ලොම් වලින් වැසුනු ඔවුන්ගේ සම් ඇඳුම් සඳහා මෙම්ම කූඩාරම් තනාගැනීම සඳහාද යොදාගන්නට ඇති.

According to Russian scientists, the Ice Age beast had spear wounds and damage to its tusk, suggesting its killers had attempted to chop it off. Advances in hunting techniques may have allowed the early Arctic settlers to survive in the harsh and freezing conditions

මැමත් ඇතුන් දඩයම් කිරීමට ඉගෙන ගැනීමත් සමග අති දුශ්කර සයිබීරියාව පුරා පැතිරීමට මානවයන්ට හැකිවූ බව විශ්වාස කෙරෙන අතර, නැගෙනහිර සයිබීරියාවේ කෙළවරේ ඇති බීරිං සමුද්‍ර සංධිය හරහා ආදිමානවයින් උතුරු අමෙරිකාවට ඇතුලුවන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.





Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments