________________________________________![Click to enlarge](https://images.sciencedaily.com/2016/09/160928213732_1_540x360.jpg)
![Click to enlarge](https://images.sciencedaily.com/2016/09/160928213732_1_540x360.jpg)
අනුරාධපුර පැත්තේ ඉන්නවා කියන වෑල්ඩිං වෙදා කැඩිච්ච ඇටකටු වෑල්ඩිං කරනවා වගේ හදලා දෙනවා කියල හුඟ දෙනෙක් කියනවා. උන්නැහෙ ඒ වැඩේ කොහොම කරනවාද කියලා දන්නේ එයාම විතරයි. ඒ වගේම වෑල්ඩිං වෙදතුමා ලඟට ගිහිල්ලා වැඩේ හරිගිය අය ගැන ආරංචිවෙනවා මිසක් වැඩේ වන වෙලා ආන්ඩුවෙ ඉස්පිරිතාලේ විකලාං අංශයේ දීර්ඝකාලීන නේවාසික රෝගීන් වුනු අය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.
ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයෙනුත් මේ වගේම ඇටකටු වෑල්ඩිං වැඩක් ආරංචි වෙනවා. මෙතනදි වෙන්නේ ත්‍රිමාණ මුද්‍රණ ක්‍රමයට අස්ථි බිඳීම් හා උපතින් විකෘති ලෙස අස්ථි පිහිටීම් ඇතිව උපදින අයට අලුත් අස්ථි කොටස් නිපදවීම.
මේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්, මිනිස්/සත්ව අස්ථි නිර්මාණය වී ඇති කැල්සියම් ෆොස්පේට් හා කැල්සියම් කාබනේට් හා කොලෑජන් නම් ප්‍රෝටීනයට බොහොම සමාන, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකට දමා ත්‍රිමාණ හැඩයකට මුද්‍රණය කල හැකි ද්‍රව්‍යයක් නිපදවා තියෙනවා. මේ ද්‍රව්‍යය ආධාරයෙන් ඕනෑම විකලාංග සැත්කමකට අවශ්‍ය ආකාරයේ අස්ථි කොටස් ඉතා ඉක්මණින් මුද්‍රණය කරගන්න පුලුවන්.
Science Translational Medicine කියන සඟරාවට ලිපියක් සපයන මොවුන් හදිසි අණතුරුවලට බඳුන්වුනු සතුන්ට මෙම ත්‍රිමාණ මුද්‍රිත අස්ථි කොටස් බද්ධ කරලා සිදුකරපු පර්යේෂණ කිහිපයක ප්‍රථිපල විස්තර කර තිබුණා. ඔවුන් පවසන අන්දමට මෙම කෘත්‍රිම මුද්‍රණ ද්‍රව්‍යයෙන් මුද්‍රණය කරපු ඇට ඉතා ඉක්මණින් සිරුරේ ඇට හා හාවෙලා පටක වර්ධනයට උපකාරී වෙන බව නිරීක්ශණය කර තිබෙනවා.
මිනිස් ඇට මෙන්ම ඉතා ශක්තිමත්, එහෙත් කම්පණය දරාගත හැකි, වගේම සැහැල්ලු මේ ද්‍රව්‍යය විවිධ විකලාංග රෝග සහිතව ඉපදෙන දරුවන්... උදාහරණයක් විධියට කොඳු ඇට පෙලෙහි ආබාධ ඇතුව, කකුලක් කොට, නැතහොත් අතක හෝ කකුලට අස්ථි වර්ධනය වී නොමැතිව ඉපදෙන දරුවන්ට සම්පූර්ණ සුවය ඉක්මණින් ලබාදීමට මෙම කෘත්‍රිම අස්ථි වට හැකියාව තියෙනවා.
__________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment