අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

දුම් පානය කරන්නන්ට හා අධික ස්ථූලතාවයෙන් යුතු පුද්ගලයින්ට මිළ අධික ප්‍රතිකාර හා ශල්‍යකර්ම නොකිරීමට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සැරසෙයි!!!


දුම් පානය කරන්නන්ට හා අධික ස්ථූලතාවයෙන් යුතු පුද්ගලයින්ට මිළ අධික ප්‍රතිකාර හා ශල්‍යකර්ම නොකිරීමට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සූදානම් වන බවට වාර්තා වෙනවා. දැනටමත් යෝක්ෂයර් ප්‍රාන්තය, හර්ට්ෆර්ඩ්ෂයර් ප්‍රාන්තය හා උතුරු ලන්ඩනයේ සෞඛ්‍ය සේවා මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙනවා.

National Health Service (NHS) හෙවත් ජාතික සෞඛ්‍ය සේවය 1948දී ස්ථාපනය කරන ලද අතර, එමගින් ධනවතුන්ට හා විජාතිකයින්ට හැර අනෙක් බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සෞඛ්‍ය සේවා හා රෝහල්ගතවීම් නොමිලයේ ලැබෙනවා.

අරමුදල් හා ආයෝජන හිඟවීම නිසා අර්බුධවලට මුහුණදී සිටින NHS සේවය, මෙම තීරණය ගෙන ඇත්තේ අධික ස්ථූලතාවය ඉතා විශාල සෞඛ්‍ය අර්බුධයක් බවට පත්වෙමින් තිබෙන නිසයි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම ආයතනයට අනුව බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන්  සතර දෙනෙකුගෙන් එක් අයෙක් යම් ආකාරයක ස්ථූලතාවයකින් (obesity) පෙලෙනවා. Body Mass Index (BMI) 25-29 අතර අය ස්ථූල පුද්ගලයින් ලෙස වෛද්‍යවරු හඳුන්වනවා. එමෙන්ම, මහා බ්‍රිතාන්‍යයේ ජනගහණයෙන් 61.7% පුද්ගලයින් ප්‍රමාණයක් තම සිරුරේ උසට, වයසට හා ස්ත්‍රී පුරුෂ භාවයට ගැලපෙන ආකාරයට වඩා වැඩි ශරීර බරකින් යුතු පුද්ගලයින් (over weight) බවට ජාතික සෞඛ්‍ය සේවය පවසනවා.

ස්ථූලභාවය හා බරවැඩිවීම බ්‍රිතාන්‍යයේ පාසැල් දරුවන් අතරත් වැඩිවෙමින් යනවා. දැනටමත් පාසැල් දරුවන් ගෙන් 1/3ක් බර වැඩි කුළකයේ පසුවන අතර 16%ක් ස්ථූල බවට හඳුනාගෙන තිබෙනවා. දිනකට අවම මිනිත්තු 20ක්වත් ශාරීරික ක්‍රියාකරකම් වල යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බළධාරීන් මහජනතාවට අවවාද කලද වයස 16 වැඩි පුද්ගලයින් අතරින් 33%-45% ප්‍රමාණයක් මෙම දෛනික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් සිදුකරන්නේ නෑ.

එමෙන්ම දුම්බීම නිසා සිදුවන රෝගී තත්වයන්ට, බදු ගෙවන්නන්ගේ මහජන මුදල් වලින් ප්‍රතිකාර කිරීමද අසාධාරණ බවට විශාල මතයක් පැතිරෙනවා. 

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments