අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Area 51 අභිරහස් කඳවුරට හොරෙන් ඇතුල් වෙන්න හැදුවොත් වෙනදේ මෙන්න! [ඡායාරූප / වීඩියෝ සමගින්]





















'We are going to give you guys a chance. You turn around and get the f*** outta here'

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති ඒරියා 51 ලංකාවේ කොන්ස්පිරසි තියරි විශ්වාසකරන, පිටසක්වල යානා ගැන ජීවීන් ගැන උනන්දුවක් දක්වන අය අතර ජනප්‍රියයි. 

මේ ලඟදි ඒරියා 51 අභිරහස් කඳවුරට පිවිසෙන එක් කැලෑ මාර්ගයකි කඳවුර අසලට යන්න උත්සහ කරපු ත්‍රාසය සොයමින් ගිය මෝටර්සයිකල් කරුවන් දෙදෙනෙකුට වුන අකරතැබ්බය ඔවුන්ගෙන් එක් අයෙකුගේ බයික් හෙල්මටයේ සවිකර තිබූ වීඩියෝ කැමරාවට හසුවුනා.

ඇතුලුවෙන්නට කොහොමටවත් බැරි, ඇතුලුවෙන්න උත්සහ කලොත් මරණය සිදුවිය හැකිතරමට බලය පාවිච්චිකොට ඔවුන්ව නවත්වනවා යයි දැනුන් දෙන අණතුරු ඇඟවීමේ නිවේදන බහුල මේ ප්‍රදේශය පුරාව සන්නද්ධ භටයින් පැය 24ම සේවයේ නිරතව ඉන්නවා.

මේ මෝටර්සයිකල් කරුවන්දෙදෙනා පවසන අන්දමට ඔවුන් ගිය කැලෑබද මාර්ගයේ අණතුරු ඇඟවීමේ පුවරුවක් තිබූ අතර එය පසුකල ඔවුන් මදක් නැවතී එම ස්ථානය වීඩියෝ කරමින් සිටියා. තත්පර කිහිපයකින් සන්නද්ධ භටයින් දෙදෙනෙකු රැගත් පික්-අප් රථයක් ඔවුන්ගේ මග අවුරා නැවතුනා. මේ භටයින් දෙදෙනා මොවුනට ආයුධ එල්ල කරමින්, ඔවුන්ව පරීක්ශාවට ලක්කොට වහාම ආපසු හැරි යනලෙස අණකොට තිබෙනවා.








__________________________________________________________________________ Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments