අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

සෝලාර් වෝඩන්: පිටසක්වල තාක්ෂණයෙන් නිපදවූ අභ්‍යවකාශ යානා බළකාය | Solar Warden: The Secret Space Fleet Built with Alien Technology |


2001 වසරේදී ගැරී මැකිනොන් නම් බ්‍රිතාන්‍ය ජාතික පරිගණක හැකරුවෙකු නාසා ආයතනයේ හා අමෙරිකාණු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් පරිගණක ජාල 97කට ඇතුලු වුනා. ඔහුගේ අරමුණ වුනේ අමෙරිකාව රහසේ නිර්මාණය කොට, තවමත් ලොවට හඳුන්වාදුන්, ඉතා ලාභදායි ලෙස බලශක්තිය නිපදවන "free energy" නම් බලශක්ති ප්‍රභවය පිලිබඳව තොරතුරු සොයාගෙන ඒවා ලොව වෙත මුදා හැරීමයි. 

මැකිනොන්ට "ෆ්‍රී එනර්ජී" බළශක්ති ප්‍රභවය පිලිබඳව තොරතුරු හමුනොවුනත් ඊට වඩා බොහෝ වැදගත් තොරතුරක් හමුවූ බව පැවසෙනවා.

ඔහු විසින් ඇතුලුවුනු එක් රහසිගත දත්ත ගබඩාවක "non-terrestrial officers" ලෙසින්  හැඳින්වූ නම් ලයිස්තුවක් හමුවූ අතර යම් ආකාරයක අභ්‍යවකාශ යානා සමුදායක් (spaceship fleet) පිලිබඳව සටහන් හමුවුනා. Terrestrial යන වචනයෙන් "පෘථිවිය මත" නැතහොත් "පෘථිවියේ හටගත්" යන්න අදහස් වන අතර ඒ අනුව "non-terrestrial" යනු "පෘථිවියෙන් එපිට" යන අදහස ගත හැකියි. එනම් මෙහි "non terrestrial officers" යනුවෙන් හඳුන්වන්නේ "පෘථිවියෙන් එපිට සේවයේ යෙදී සිටින නිළධාරීන්" යන්න බව විශ්ලේෂකයින්ගේ අදහස වන අතර ඒ අනුව මෙම හමුදා නිළධාරීන් රහසිගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක හෝ පෘථිවියෙන් පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරන යම් ආකාරයට යානා වල සේවයේ යෙදී සිටින නිළධාරීන් වශයෙන් සැළකිය හැකියි.

මෙම නම් ලයිස්තුව පිලිබඳව ඉමහත් කුතුහලයට පත් ගැරී මැකිනොන් එම නම්, අමෙරිකානු ගුවන්, නාවික හා ආරක්ශක දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවල ඇති නම් හා සන්සන්දනය කල බව පැවෙසෙන අතර, එහෙත් එම නම් ලයිස්තුවේ ඇති නිළධාරීන්ගේ නම් වෙනත් කිසිදු පරිගණක දත්ත ගබඩාවක නොතිබූ බව පැවසෙනවා. ඒ අනුව ගැරී මැකිනොන් විශ්වාස කරන්නේ මෙම නම්, මානව නිළධාරීන් නොව අමෙරිකානු ආරක්ශක හමුදා සමග ඒකාබද්ධව යම් ආකාරයක අභ්‍යැවකාශ යානා හමුදාවක් පවත්වාගෙන යන බවයි.

මෙම ඒකාබද්ධ අභ්‍යවකාශ යානා බළකාය "Solar Warden" නම් කොට ඇති බව මැකිනොන් ඇතුලුවූ දත්ත ගබඩාවල තිබූ තොරතුරු වල සඳහන් වනවා. එම බළකායේ මිනිස් නිළධාරීන් මෙන්ම පිටසක්වලයින්ද සේවයකරන බවට අදහසක් වනවා.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments