අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ඇමරිකන් හමුදාවේ රොබෝ ට්‍රක්


ඇමරිකන් හමුදාව විශාල ලෙස රොබෝ තාක්ෂණයට යොමු වන්නට එක් හේතුවක් වන්නේ මරණ අඩුකර ගැනීමයි. විදෙස් මෙහෙයුමවල යෙදෙන තරුණ අමෙරිකානු සෙබලුන්ගේ මළ සිරුරු රටට පැමිණීම එරට දේශපාලකයින් ජනතාවගේ දැඩි අප්‍රසාදයට බඳුන්වනවා.

අනුන්ගේ යුද්ධ වලට යවා තම දරුවන් මරාදමන බවට එල්ලවන චෝදනාවලින් ගැලවීමටත්, මිනිස් සෙබලුන් සඳහා වන පිරිවැය එන්න එන්නම ඉහල යාමත් නිසා විවිධාකාරවූ රෝබෝ තාක්ශණයන් දියුණු කිරීමට අමෙරිකාව පෙළබිලා තියෙනවා.

මෙම රොබෝ තාක්ශණයන් අතරින් වැඩිම ආයෝජනයක් සිදුකරලා තියෙන්නේ රොබෝ ට්‍රක් රථ නිර්මාණය කිරීමටයි. ඇෆ්ඝනිස්තානය ඉරාකය වැනි සතුරන් ගහන රටවල හමුදාකඳවුරු පවත්වාගෙන යාම සඳහා ඉන්ධන,ආහාර හා පතරොම් ගෙන ඒම සඳහා විශාල ට්‍රක් රථ තවලම් (convoys) යොදා ගන්නා අතර මේවා සතුරන්ගේ පහසු ඉලක්ක වනවා. පාර දෙපස ඇටවූ මර උගුල්, බිම් බෝම්බ මෙන්ම ප්‍රහාර සඳහා ඉතා පහසු ඉලක්ක වන මෙම රථ තවලමකට පහරදීමෙන් ඒවා පදවන හා ආරක්ශාව සපයන පිරිස මරාදැමීමට හැකිවනවා.

ප්‍රවාහන තවලම් වලට එල්ලවූ ප්‍රහාරවලින් වැඩිම විනාශයක් අමෙරිකානු හමුදාවලට සිදුවුනේ ඉරාකයේදී. මෙම ප්‍රහාරවලින් සිදුවුනු අමෙරිකානු ජීවිත හානි කොතරම්ද යත් 2004දී අමෙරිකානු යුධ තාක්ශණ නිර්මාණ ආයතනය වන ඩාර්පා ආයතනය, විශාල දුරක් තනිවම ධාවනය කල හැකි රෝබෝ ට්‍රක් රථයක් නිර්මාණය කිරීම සඳහා තරඟයක් සංවිධානය කොට ඩොලර් මිලියනයක තෑග්ගක් ඉදිරිපත් කලා.


දැනට අමෙරිකා වේ ගූගල්, ටෙස්ලා ආදී සමාගම් පරීක්ෂණවලට බඳුන්කරන රියදුරන් රහිත වාහන තාක්ශණයට අඩිතාලම වැටුනේ මෙම ඩාර්පා ආයතනයේ අභියෝගය නිසා කියලා විචාරයකයින් පවසනවා.

මාර්ග සළකුණු ඇති, න්යමාකාරයට සකසන ලද මහාමාර්ගවල ධාවයන දැන් රොබෝ රියදුරන්ට එතරම් අමාරු නැතත් යුධ බිම්වල, කාන්තාරවල, බොරළු පාරවල්වල, වලගොඩැලි, මඩ ගොහොරු මැදින් වාහනයක් නිරුපද්‍රිතව ගෙනයන්ට තරම් මෙම රොබෝ තාක්ශණය තවම දියුණු වෙලා නෑ.

මේ නිසා දැන් ඩාර්පා ආයතනයත්, පෙන්ටගනයත් නියමු වාහනයක් (lead vehicle) පසුපස යා හැකි රොබෝ ට්‍රක් රථ තාක්ශණය පරික්ශා කරමින් සිටිනවා. ඉදිරියෙන් යන වාහනය මිනිසෙකු ධාවනය කරන අතර ඊට පිටුපසින් තවත් රොබෝ රියදුරන් ධාවනය කරන වාහන 7ක තවලම් මේ දිනවල පරීක්ශණයට බඳුන් කරන බවයි ඇමරිකාවෙන් වාර්තා වන්නේ.

එවිට මිනිස් රියදුරා නිවැරදිව වාහනය ධාවනය කරද්දී රොබෝ අනුගාමිකයින් සිය ට්‍රක් රථ එය අනුගමනය කරමින් පසුපසින් යනවා. ඒ අනුව සිදුවිය හැකි ජීවිත හානි 1/7කින් අඩුකරගැනීමට ඇමරිකන් හමුදාව බලාපොරොත්තු වන අතර තාක්ශණය දියුණු වහාම 100% රොබෝවරුන් ධාවනය කරන ඇමරිකන් වාහන තවලම් විදෙස් යුධ බිම්වල දකින්නට ලැබෙන ඇති.

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments