කෘත්‍රිම බුද්ධි අභියෝග ජයගැනීමට මිනිසා යන්ත්‍ර හා බද්ධවිය යුතුයි - Tesla / Space X අධිපති ඊලෝන් මස්ක්


පසුගිය සතියේ ඩුබායි හිදී පැවැත්වුනු "2017 World Government Summit " සමුලුවේදී දේශණයක් පැවැත්වූ ටෙස්ලා ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අධිපති හා ස්පේස් එක්ස් රොකට් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක්, මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම තහවුරු කරගැනීමට නම් අනිවාර්යයෙන්ම මානවයින් යන්ත්‍ර හා බද්ධව දෙමුහුන් මානවයින් බිහිවිය යුතු බව පැවසුවා.

ඉතා ඉක්මණින්ම කෘත්‍රිම බුද්ධිය මානව බුද්ධිය අභිබවා යනු ඇති බවත් එවිය මෙලොව ඉහලම සුපිරි බුද්ධිමතුන් කෘත්‍රිම බුද්ධි පරිගණක වන බවත් මෙවැනි අවස්ථාවක යල්පැනගිය වර්ගයක් නොවන්නටනම් මානව මොළය කෘත්‍රිම බුද්ධි පරිගණක හා බද්ධකොට මිනිස් මොලය හා කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ඒකාබද්ධකල හැකි අතුරුමුහුණත් (interface) තාක්ෂණයක් බිහිකල යුතු බවටත් මස්ක් යෝජනා කරනවා. එසේ නොමැතිව අතිශය බුද්ධිමත් පරිගණක හා තරඟ කිරීමට කිසිදු හැකියාවක් මානවයින්ට නොලැබෙනු ඇති.


නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි පරිගණක හා බුද්ධිමත් රොබෝවන් නිසා අතිවිශාල රැකියා වියුක්තියක් ඇති වන බවට දැනටමත් අනාවැකි පලකොට තිබෙන අතර මිනිසාට කල හැකි බොහෝදෑ ඉතා හොඳින් කිරීමට පරිගණකවලට හැකිවන යුගයක මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කොට මානව ජීවිතවලට අරුතක් හා පලදායි කාර්යභාරයක් ලබාගත හැකි එකම ක්‍රමය පරිගණක යන්ත්‍ර හා බද්ධකොට ඒවායේ ශක්තිය මිනිස් මොළයට ලබාගෙන ඒ අනුව පරිගණකවලට ඇති හැකියාවට වඩා ඉහලින් සිටීම බව මස්ක් ගේ යෝජනාවේ සඳහන් වෙනවා.

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments