අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ලොව ප්‍රථම රොබෝ ටැක්සි සේවය ඩුබායි වෙතින්!



රියැදුරන් රහිත ටැක්සි සේවාවක් හඳුන්වාදීමේ අරමුණින් ඩුබායි රජය ඇමරිකාවේ ටෙස්ලා සමාගමෙන් ටෙස්ලා Model S හා Model X මෝටර් රථ 200ක් මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා. ඩුබායි රජයට අයත් "Dubai Taxi Corporation" හි සේවය යෙදවීම සඳහායි මෙම රථ මිළදිගෙන තිබෙන්නේ.

2016 වසරේ සිට නිපදවෙන සෑම ටෙස්ලා රථයකටම රියදුරන් රහිතව ධාවනය කිරීම සඳහා අවශ්‍ය දෘඩාංග (hardware) හා කෘත්‍රිම බුද්ධි මෘදුකාංග (AI software) සහිතව නිපදවන බව ටෙස්ලා සමාගම පසුගිය වසරේ ප්‍රකාශකලා.

මුලින් රියදුරෙකු, රියදුරු අසුනේ හිඳිමින් මෙම ටැක්සි ස්වයංක්‍රීයව ධාවනය කරවන අතර පසුව රියදුරා මුලුමනින්ම ඉව්ත් කෙරෙනු ඇති. 

2020 වනවිට ඩුබායි නගරය ලොව ප්‍රමුඛතම අධිතාක්ෂණික නගරය කිරීමේ සැලැස්මට අනුව මෙම රොබෝ ටැක්සි සේවාව ආරම්භවුනු ඇති.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments