- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
පසුගියදා නයිරෝබි නුවර සිදුවූ බිහිසුණු ත්‍රස්තප්‍රහාරය මැඩපැවැත්වීමට කෙන්යානු පොලීසිය හා ආරක්ෂක හමුදා කටයුතු කරද්දී, ඔවුන්ගේ උදව්වට අත්භූත පුද්ගලයෙකු එක්වුනා. සිවිල් ඇඳුමකින් සැරසී, විශේෂ බළකා උපයෝගීකරගන්නා වෙඩිනොවදින කබා හා වෙනත් උපාංගවලින් සැරසී මුහුණ ආවරණය කරගෙන සිටි ඔහු ත්‍රස්තයන් සැඟවී සිටින තැන් ඉලක්ක කරමින් වෙඩි තබන අයුරුත්, ප්‍රහාරයට මැදිවූ සිවිල් වැසියන් ආරක්ෂිත ස්ථාන වලට ගෙනයන අයුරුත්, කෙන්යානු ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන ආකාරයත් ත්‍රස්ත ප්‍රහාරය වාර්තා කිරීම සඳහා ඒ අවට රැඳී සිටි වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්වී තිබුණා. ඔහුගේ රුව ප්‍රහාරය සිදුවෙමින් පවතිද්දීම ට්විටර් පණිවුඩ හරහා ලොවපුරා පැතිරී ගිය අතර ඔහුගේ අනන්‍යතාවය පිලිබඳව වාද විවාද හටගැනුනා.
මොහුගේ අනන්‍යතාවය තවම හෙලිවී නැතත්, ඔහු සතුව තිබූ අවි හා ඔහුගේ සටන් විලාශය නිරීක්ෂණය කල යුධ විශේෂඥයින්, ඔහු බ්‍රිතාන්‍ය SAS විශේෂ බළකායේ හෝ ඇමරිකානු නේවි සීල් විශේෂ බළකායේ මෙහෙයුම් කරුවෙකු බවට විශ්වාස කරනවා.
බ්‍රිතාන්‍ය පුවත්පත්වලට අනුව ඔහු බ්‍රිතාන්‍ය එස්.ඒ.එස් විශේෂ බළකා මෙහෙයුම්කරුවෙකු වන අතර කෙන්යානු විශේෂ බළකාය පුහුණු කිරීම සඳහා එරටට පැමිණි කණ්ඩායමේ සමාජිකයෙකු බවට විශ්වාස කෙරෙනවා. ඇමරිකානු මාධ්‍ය පවසන්නේ ඔහු කෙන්යාවේ ක්‍රියාත්මක වන ඇමරිකානු නේවි සීල් කොමාණ්ඩෝ කණ්ඩායමක සාමාජිකයෙකු බවයි.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps
Comments



කවුරු උනත් මොකද විපතකට වුන අයට උදවු කරපු1 ලොකු දෙයක්
ReplyDeleteවිද්‍යාගවේශන සේනා දදල ගැනත් හොද ලිපියක් කරන්න පුලුවන්ද>
මේ අයගෙ අනන්‍යතාවය හෙලි කරන්නෙ නැහැ දන්න විදිහට ... 🙂
ReplyDelete+++++++++++
ReplyDelete