කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණයේ මූලික අඩිතාලම ඇමරිකාවේ පර්යේෂණාගාරතුල හා ඇපල්, ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත සමාගම් හරහා සිදුවුනත් මේ වනවිට ඇමරිකාව අභිබවා චීනය, ප්‍රංශය හා කැනඩාව මේ තාක්ෂණයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.
අදවනවිට චීනය වැනි රටවල රජයේ මූලිකත්වයෙන් හා පෞද්ගලික සමාගම්වල සහභාගිත්වයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කොට වැඩ ගැනීම සඳහා අතිවිශාල ආයොජනයන් සිදුකරමින් සිටියත්, ඇමරිකාව එම තාක්ෂණ දියුණු කිරීම පෞද්ගලික සමාගම වලට භාරදී කරබාගෙන සිටින ආකාරයක් පෙන්නුම් කලා.
මේ ආකාරයෙන් ඇමරිකාවට යුධමය හා ආථිකමය ලෙස අභියෝග කල හැකි රටවල් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නිම් වලලු පුලුල් කරගනිමින් සිටියදී ඇමරිකාව පසුබා සිටිම විශාල තර්ජනයක් බව එරට බුධිමතුන් දැඩිලෙස අදහස් පලකරනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් මයිකල් මැටිස්, නුදුරු අනාගතයේ ඇමරිකානු රාජ්‍ය ආරක්ෂාව තහවුරුකර ගැනීම සඳහාත්, ඇමරිකානු ආරක්ෂක හමුදාවල අද්විතීය ස්ථානය රඳවාගැනීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය සඳහාත් වහාම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කිරීමේ ජාතික වැඩපිලිවක් අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප්ට ලිඛිතව දන්වා තිබෙනවා. ඔහු මේ බව අවධාරණය කලේ 2017දී චීන රජය එලිදැක්වූ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ජාතික වැඩපිලිවෙල අධ්‍යයනය කිරීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.
මේ සියල්ල සැලකිල්ලට ගෙන ඇති ජනාධිපති ට්‍රම්ප්, සිය වාර්ශික ජාතිය ඇමතීමේ කතාවේදී (State of the Nation Address, 2019) අනාගත කර්මාණ්ත සඳහා ඇමරීකාව සූදානම් කිරීමේ දැවැන්ත වැඩපිලිවලක් නුදුරේදී ඉදිරිපත්කරන බව ප්‍රකාශකලා. මෙම අනාගත කර්මාණ්ත; කෘත්‍රිම බුද්ධිය, 5G සන්නිවේදන තාක්ෂණය හා ක්වන්ටම් පරිගණක තාක්ෂණය මත බිහිවෙනු ඇතැයි ඔහු අනාවැකි පලකොට සිටියා.
මෙහි පලමු පියවර ලෙස ට්‍රම්ප් රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය "American AI Initiative" නම් ජාතික කෘත්‍රිම බුද්ධි පත්‍රිපත්තිමාලාවක් එලි දක්වා තිබෙන අතර ඊට අනුබද්ධ ජනාධිපති නියෝග රැසක් ඉඩිරියේදී නිකුත්වීමට නියමිතයි.
ඇමරිකන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ප්‍රතිපත්තිමාලාවේ සාරාංශය මෙලස සටහන් කල හැකියි.
1. ප්‍රතිපාදන වැඩිකිරීම හා දැනට ලබාදී ඇති ප්‍රතිපාදන කෘතිම බුද්ධි තාක්ෂණ පර්යේෂණ සඳහා අනුගත කිරීම
2. ඇමරිකානු රජය සතු අතිවිශාල පරිගණක මධ්‍යස්ථාන, පර්යේෂණ දත්ත හා වෙනත් තාක්ෂණ සම්පත් කෘත්‍රිම බුද්ධි පර්යේෂකයින් වෙත නිදහස් කිරීම.
3. රජය අනුබද්ධ National Institute of Standards and Technology (NIST) හරහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා තාක්ෂණ සම්මතයන් නිර්මාණය කිරීම
4. අමෙරිකානු ශ්‍රම බළකාය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩගැනීමට හා ඒ හා බද්ධව ක්‍රියාකිරීමට පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම
5. කෘත්‍රිම බුද්ධි පර්යේෂණ හා තාක්ෂණ ක්ශේස්ත්‍රයේ ජාත්‍යන්තර සහයෝගීතාවය ඇමරිකානු ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීම
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Thank you sir..very frequently started to read these articles ..apprappreci your service
ReplyDelete