GSM ජංගම දුරකථන තාක්ෂණ නිර්මාණ සම්බන්ධීකරණය සඳහා පිහිටුවාගෙන තිබෙන GSM Association සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන Mobile World Congress තාක්ෂණික ප්‍රදර්ශණය ලෝකයේ අලුත්ම ජංගම දුරකථන තාක්ෂණය එලිදැක්වීමේ බිහිදොර බවට පත්ව තිබෙනවා.
මෙවර ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී පැවැත්වෙන මේ ප්‍රදර්ශණය මුල්තැන 5G තාක්ෂණයට, VR හෙවත් වර්චුවල් රියැලිටි තාක්ෂණ උපාංගවලට හා නැමිය හැකි තිර ඇති fold-able screen තාක්ෂණයට ලැබෙනු ඇතැයි අනාවැකි පලවෙනවා. දැනටමත් සැම්සුන්ග් හා හුආවී සිය තාක්ෂණයේ දුරකථන එලිදක්වා ඇති අතර ඒවා පිලිබඳ වැඩිදුර තොරතුරු මේ ප්‍රදර්ශණයේදී හෙලිකෙරෙනු ඇතැයි තාක්ෂණ වාර්තාකරුවන් විශ්වාස කරනවා.
සැම්සුන්ංග්, හුආවී, ඔපෝ, මයික්‍රෝසොෆ්ට්, එල්.ජී, සෝනී, ක්වල්කොම්, සියෝමී වැනි සමාගම් සිය අලුත්ම තාක්ෂණයන් මෙහිදී එලිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.
Mobile World Congress 2019 දී මේවන විට හඳුන්වාදී ඇති අලුත්ම දුරකථන හා උපාංග කිහිපයක්
නැමිය හැකි හුවාවී මේට් X දුරකථනය.
කැමරා පහක් ඇති, DSLR කොලිටියේ ඡායාරූපගත හැකි Nokia 9 PureView
මයික්‍රොසොෆ්ට් හොලෝ ලෙන්ස් 2 VR හෙඩ්සෙට් උපාංගය
චීනයේ සයෝමී සමාගම හෙලිදැක්වූ ඔවුන්ගේ පලමු 5 ස්මාර්ට්ෆෝනය Xiaomi 5G Mi Mix 3
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment