අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

OPEN AI CHAT GPT-5 : නරක විචාර නිසා Open AI දැඩි අපහසුතාවයකට

 


2025 අගෝස්තු 07 බ්‍රහස්පතින්දා, OpenAI සමාගම, එහි බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි GPT-5 කෘත්‍රිම බුද්ධි ආකෘතිය එලිදැක්වූවා. මෙය නොමිලේ භාවිත කළ හැකි "තර්කන" ආකෘතියක් වන අතර, Open AI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් ප්‍රකාශ කළේ මෙය කේතීකරණයට (coding) සහ ලිවීමට (wiriting) ලෝකයේ හොඳම ආකෘතිය බවයි.

සෑම් ඕල්ට්මන් ගේ පූර්ව ප්‍රචාර කෙසේ වෙතත් මේ වන විට නව මෙවලම සම්බන්ධයෙන් පරිශීලකයින් පුදුම සහගත ලෙස කලකිරී සිටින අතර, මේ අනපේක්ෂිත තත්ත්වය නිසා, සුපිරි බුද්ධිමත් කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම සඳහා AI විශේෂඥයින්ට සහ යටිතල පහසුකම් සඳහා වැඩි වැඩියෙන් මුදල් ආයෝජනය කරමින් සිටින අවධියක මේ ආයෝජනවල ප්‍රතිලාභ අඩු වීම පිළිබඳ ප්‍රශ්න මතු වෙමින් පවතිනවා.

"GPT-5 ඉතා අසාර්ථකයි" යනුවෙන්, ChatGPT subreddit හි දැනට වඩාත්ම upvote ලැබී ඇති පළකිරීම්වලින් එකක සඳහන් වෙනවා.

මෙය තවත් සංකීර්ණ කරන අඥාණ තීරණයක්ද ඕපන් ඒ.අයි විසින් ගනු ලැබුවා. OpenAI සමාගම සිය පැරණි මාදිලි භාවිතයෙන් ඉවත් කරන බව ප්‍රකාශයට පත් කරමින් සිය පරිශීලකයින්ට GPT 5 මාදිලිය පමණක් ලබාදෙමින් GPT 4o වැනි මාදිලි අක්‍රියකරනු ලැබුවේ බොහෝ දෙනා කෝපයට පත්කරමින්.

GPT-5 යනු ප්‍රබල පොරොන්දුවක් මත මත ගොඩනැඟුණු දුර්වල ඉදිරිපත් කිරීමක් බවට පොදු එකඟතාවක් පවතින බව පෙනෙනවා. සමහර පරිශීලකයින් චෝදනා කරන්නේ, Open AI ආයතනය GPT-5 හි ප්‍රතිචාර කෙටි හා සරල කිරීම මගින් පිරිවැය අඩු කිරීමට තීරණය කර ඇති බවයි. 

මීට අමතරව, OpenAI හි GPT-5 පද්ධති කාඩ්පත (system card) හෙවත් එහි හැකියාවන් සහ සීමාවන් ගෙනහැර දක්වන සවිස්තරාත්මක ලේඛනය පැහැදිලිවම Altman ගේ පෙර ප්‍රකාශයන්ට පටහැනි බවද පැහැදිලි වෙනවා. ඕල්ට්මන් GPT 5 ලොව හොඳම AI කේතීකරණ සහායකයා බවට වූ ප්‍රකාශය මේ මාදිලියේ සැබෑ ක්‍රියාකාරිත්වය මගින් මුලුමනින්ම බොරුවක් බව පෙන්වාදී තිබෙනවා.

Comments