අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

OpenAI chairman compares AI Boom to the 1995-2000 dot-com boom

 

ධනවත් රටවල්වල, විශේෂයෙන්ම ඇමරිකාවේ ආයෝජකයින් උන්මාදයක් ලෙස කරන AI ආයෝජන ඉක්මණින් බිඳ වැටිය හැකි AI Boom-Bust සංසිද්ධියක් බව  Open AI සභාපති බ්‍රෙට් ටේලර් ACQ2 පොඩ්කාස්ට් එක සමග සිදුකල සාකච්ඡාවකදී පැවසූවා. මේ AI Boom සංසිද්ධිය 1995 Netscape සමාගමේ කොටස් නිකුතුවත් (IPO) සමග ඇරඹී 2000දී දරුණු කඩාවැටීමකට ලක්ව ආයෝජකයින්ට බිලියන ගණනින් පාඩු කල Dot-com උන්මාදයට සමාන බව ඔහු පවසනවා.

ඩොට් කොම් උන්මාදය යනු 1995දී නෙට්ස්කේප් සමාගම ඇතුලු අන්තර්ජාල වෙළඳාම හා ඒ හා බැඳුනු ව්‍යාපාර මොඩල (business model) ආශ්‍රිතව ගොඩ නැගුනු අන්තර්ජාල ව්‍යාපාර වලට ආයෝජකයින් උන්මාදයක් ලෙස බිලියන ගණනින් ආයෝජනය කිරීමයි.

New Economy හෙවත් නව ආර්ථිකය ලෙස අන්තර් ජාල හා සම්බන්ධ ව්‍යාපාර හැඳින්වුනු අතර අද බොහෝ ආයෝජකයින් හා දැවැන්ත සමාගම් කෘතිම බුද්ධි තාක්ෂණය ගැන ඇති අන්ධ විශ්වාසයෙන් සිදුකරන දැවැන්ත ආයෝජනවලට සමානව එකලද ඩොට් කොම් අන්තර් ජාල ව්‍යාපාරවල ආයොජන සිදුවූ අතර බොහෝ ආයොජකයින්ට සිය ආයෝජන අහිමිවී පාඩු විඳින්නට සිදුවුනා.

1995-2000 ඩොට්කොම් උන්මාදය වැනි ආයෝජන රටාවක් වර්තමාන AI ආයෝජන උන්මාදයේද දකින්නට තිබෙන බව බ්‍රෙට් ටේලර් පවසනවා. එයද අවසන් විය හැක්කේ ඩොට් කොම් උන්මාදය අවසන්වූ ආකාරයටම අනුවන ආයෝජකයින්ට බිලියන ගණනින් අහිමි කරමින් වියහැකි බවට ඔහු අණතුරු අඟවනවා.

Comments