අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TECH JOBS AND AI - නව තොරතුරු තාක්ෂණ (IT) සහ මෘදුකාංග උපාධිධාරීන් අතර විරැකියාව ඉහල යයි


නව තොරතුරු තාක්ෂණ (IT) සහ මෘදුකාංග උපාධිධාරීන් අතර විරැකියාව ඉහල යයි

අලුතෙන් පරිගණක විද්‍යාව හදාරා උපාධිය ලැබූවන් 6.1%ත් 7.5%ත් අතර විරැකියා අනුපාතයකට මුහුණ දී සිටින බවත්, එය ජීව විද්‍යාව සහ කලා ඉතිහාසය වැනි විෂයයන් හදාරන්නන්ට මුහුණ දීමට සිදු වන විරැකියා අනුපාතය මෙන් දෙගුණයක් බවත් නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. දරුණු තත්ත්වය පැහැදිලි කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියකින් මේ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි වෙනවා.

ඇමරිකාවේ නව තොරතුරු හා මෘදුකාංග උපාධිධාරීන්ගෙන් ඇසෙන මැසිවිලි සිතාගත නොහැකි තරම්ය. ක්ලෙයාර් මෙනවිය (ඇයගේ සැබෑ නම නොවේ), 21 හැවිරිදි, පර්ඩියු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ විශාල ආරම්භක වැටුප් පොරොන්දු වීමෙන් පසුවය, නමුත් ඇයට සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇරයුම් ලැබෙන්නේ එක් වරක් පමණි. ඒ, ක්ෂණික සේවා අවන්හල් දාමයක් වන චිපොට්ල් වෙතින්ය. (ඇයට එම රැකියාව නොලැබුණි.) 

ජැක් ජෝන්ස් (ඔහුගේ සැබෑ නම නොවේ) 2023 දී ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ දා සිට තාක්ෂණික රැකියා 6,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අයදුම් කර ඇති අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා ඇරයුම් ලැබෙන්නේ 13 වතාවක් පමණි, නමුත් රැකියා අවස්ථා කිසිවක් ලැබී නැත. “අත්දැකීම් මදිකම” හේතුවෙන් ඔහු මැක්ඩොනල්ඩ්ස් ආයතනය විසින් පවා ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තත්ත්වයට වගකිව යුතු යැයි කියනු ලබන පිරිස කවුද? නව උපාධිධාරීන් සහ සමහර කර්මාන්ත විශේෂඥයන් පවසන්නේ කනිෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සහ කේතන තනතුරු නැති කිරීමට AI කේතන මොඩියුල හේතු වී ඇති බවයි. Amazon, Meta සහ Microsoft වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් රැකියා කප්පාදු කරන ආකාරය අප දැක තිබෙනවා. 

සිසුන් පවසන්නේ ඔවුන් “AI Doom Loop” හසු වී ඇති බවයි. ඔවුන් රැකියා සඳහා අයදුම් කිරීමට AI භාවිතා කරන අතර, සමාගම් විනාඩි කිහිපයක් ඇතුළත ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට AI භාවිතා කරනවා.

ඇයි මේ? 

ආර්ථිකමය පීඩනයන්: සේවකයන් අඩුකිරීම් සඳහා ප්‍රධාන හේතු වන්නේ වෙළඳපොල දුර්වලවීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතා, සහ දැවැන්ත AI ආයෝජන, පිරිවැය කළමනාකරණය සමඟ සමතුලිත කිරීමේ අවශ්‍යතාවය කැපී පෙනෙනවා.

උපායමාර්ගික ප්‍රතිසංවිධානය: සමාගම් විසින් AI මඟින් මෙහෙයවන වර්ධනයට ප්‍රමුඛත්වය දීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින අතර, අත්‍යවශ්‍ය නොවන හෝ ස්වයංක්‍රීය කළ හැකි යැයි සැලකෙන තනතුරු අඩුකර, විශේෂිත AI තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකිරීමේ ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා.

පුනරාවර්තන කාර්යයන් (repetitive tasks) වඩා වේගයෙන් සහ අඩු වියදමකින් ඉටු කරන AI මෙවලම් මගින් කනිෂ්ඨ ඉංජිනේරුවන්ගේ අවස්ථා අහිමිකර තිබෙනවා. 

කෝඩින් වලට පමණක් සීමා නොවී, පහළ මට්ටමේ රැකියා ස්වයංක්‍රීයකරණය සිදුකිරීමේ විශාල ප්‍රවනතාවයක්ද දකින්නට ලැබෙනවා. කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පරිපාලන, විශ්ලේෂණ, සහ පාරිභෝගික සේවා වැනි රැකියා ස්වයංක්‍රීය කරනය සිදුකරමින් තිබෙනවා.

මේ අනුව ඇතැම් කර්මාන්තවල රැකියා වලින් 25% ක් දක්වා ස්වයංක්‍රීයකරණය කළ හැකි බවට අනාවැකි පලවෙනවා. 

Anthropic සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, Dario Amodei, පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපය තුළ කෘත්‍රිම බුද්ධිය මඟින් පහළ මට්ටමේ සුදු කරපටි රැකියා (white-collar jobs) වලින් අඩක් පමණ නැති කළ හැකි බවත්, විරැකියා අනුපාතය 10-20% දක්වා ඉහළ යා හැකි බවත් ය.

කාර්යසාධනය මත පදනම් වූ අඩුකිරීම්: උදාහරණයක් ලෙස Microsoft සමාගම, ඉහළ කාර්යසාධනයක් සහිත සංස්කෘතියක් අවධාරණය කරමින්, වන්දි ගෙවීමකින් තොරව කාර්යසාධනය මත පදනම් වූ සේවක අඩුකිරීම් සිදුකර තිබෙන බව පෙනී යනවා. නව පරම්පරාව රැකියාවට දැඩි කැපවීමකට වඩා සිය දුවිය සුවබර කරගැනීමටත්, ජීවිතය විඳීමටත් වැඩ බරක් තැබීම මෙලෙස කාර්යසාධනය අඩුවීමට එක් හේතුවක් විය හැකියි.

Comments