ඇමරිකාවේ ප්‍රමුඛතම කෘතිම බුද්ධි මාදිලි වන Anthropic සමාගමේ Fable 5 සහ OpenAI සමාගමේ GPT-5.6 Sol යන බලකණුවලට අභියෝග කළ හැකි මට්ටමේ නවතම AI මාදිලියක් වන Kimi K3, චීනයේ Moonshot AI සමාගම විසින් සිකුරාදා දිනයේදී ලොවට නිරාවරණය කළේය.
මෙම අලුත්ම හෙළිදරව්වත් සමඟ, ලෝක AI තරඟාවලියේ ඇමරිකාව සතු අධිපත්‍යය චීන සමාගම් විසින් ශීඝ්‍රයෙන් බිඳදමමින් පවතින බවට වන බිය සහ සැකය යළිත් වරක් තදින්ම ඉස්මතු වී තිබෙනවා. මධ්‍යස්ථ ඇමරිකන් විචාරකයින් පවසන්නේ චීනය ඇමරිකාවට පිටුපසින් සිටින්නේ ඉතා සුළු කාලයක් පමණක් බවයි.
Moonshot සමාගම පවසන පරිදි, Kimi K3 හි සමස්ත ක්‍රියාකාරීත්වය Fable 5 සහ GPT-5.6 Sol වලට වඩා තවමත් මඳක් පසුපසින් තිබුණද, විවිධ පරීක්ෂණ මට්ටම්වලදී එය සැබෑ පෙරමුණේ බලපෑමක් පෙන්වීමට සමත්
OpenAI සමාගම ජූලි 9 වැනිදා Sol මාදිලියත්, Anthropic සමාගම ජූනි 9 වැනිදා Fable 5 මාදිලියත් කරළියට පැමිණවීමෙන් අනතුරුව චීනය මෙම ඇමරිකන් මාදිලි සමකර තිබෙනවා.
ඇමරිකාව මෙන්ම චීනයද මෙම තාක්ෂණික යුද්ධය දකින්නේ තමන්ගේ ආර්ථික සහ ජාතික ආරක්ෂාවේ තීරණාත්මක සාධකය ලෙසයි. දෙරටේම සමාගම් එකිනෙකා පරයා යන අලුත්ම මාදිලි නිතිපතා වෙළඳපොළට මුදාහරින අතර, මෙම තරඟයෙන් ඇමරිකාව බලහත්කාරයෙන් තහංචි දමා ඉදියෙන් සිටීමේ වෑයම මුළුමනින්ම බිඳවැටී තිබෙනවා.
උදාහරණයක් ලෙස, මාදිලි පුහුණුව සඳහා යොදාගන්නා බලසම්පන්න එන්විඩියා බ්ලැක්වෙල් වැනි GPU චීනයට යැවීම තහනම් කර තිබුණත්, චීනය ඉන්ෆරන්ස් නම් ක්‍රියාවලියක් හරහා අධිබල GPU නොමැතිව තම මාදිලි පුහුණු කිරීම සිදුකරනවා. එමෙන්ම චීනයේ ස්වායත්ත (independant) GPU නිර්මාණ ක්‍රියාවලියත් ඉතා වේගයෙන් ඉදිරියටම යනවා.
තාක්ෂණික ලෝකයේ ආධිපත්‍යය සඳහා කෙරෙන මෙම සටනින් දෙරටේ දැවැන්තයින් මෙම තාක්ෂණය දෙස බලන මූලික ආකල්පමය වෙනසද කැපී පෙනේ.
OpenAI, Anthropic සහ Google වැනි ඇමරිකානු දැවැන්තයින් මුදල් ගෙවා පමණක් භාවිත කළ හැකි රහසිගත (proprietary closed-source) මාදිලි නිර්මාණය කරද්දී, චීනයේ Moonshot සහ DeepSeek වැනි සමාගම් තමන්ගේ නිර්මාණ ඕනෑම අයෙකුට නොමිලේ බාගත කර තමන්ට රිසි සේ වෙනස් කරගත හැකි විවෘත (open-weight) මෘදුකාංග ලෙස ලෝකයට මුදාහරියි.
කෙසේ වෙතත්, මෙම විවෘත මාදිලි ලබාදෙන සමාගම්ද පාරිභෝගිකයාගේ සර්වර් මත මෘදුකාංගය ධාවනය කිරීමේදී හෝ මහා පරිමාණ වාණිජ කටයුතු සඳහා භාවිත කිරීමේදී යම් මුදලක් අය කිරීමට කටයුතු කරයි.
නමුත් රහසිගත මෘදුකාංගවලට සාපේක්ෂව මෙවැනි විවෘත මාදිලි නඩත්තු කිරීම බෙහෙවින් ලාභදායී බැවින්, AI තාක්ෂණය වෙනුවෙන් වැයවන අතිවිශාල පිරිවැය කළමනාකරණය කරගැනීමට වෙහෙසෙන ව්‍යාපාරිකයින්ට Kimi K3 වැනි නිර්මාණ මහඟු ආකර්ෂණයක් වී තිබේ.
විශේෂයෙන්ම Kimi 3 මෙතරම් කැළඹීමක් ඇති කරන්නේ එහි ඇති ඉහළ තාක්ෂණික හැකියාවටත් වඩා, GPT-5.6 සහ Fable 5 ට සාපේක්ෂව එය භාවිත කිරීම සඳහා වැයවන්නේ ඉතාම අඩු පිරිවැයක් වීම නිසාය. සාමාන්‍යයෙන් AI සමාගම් මිල ගණන් තීරණය කරන්නේ භාවිත වන ටෝකන මිලියන ගණන (tokens) පදනම් කරගෙනය. (ටෝකනයක් යනු කුඩා වචනයක් හෝ විශාල වචනයක කොටසකි.)
Moonshot AI සමාගම පවසන්නේ තමන් වෙත යොමු කරන විමසීම් (input tokens) මිලියනයක් සඳහා ඩොලර් 3ක්ද, මාදිලිය මඟින් ලබාදෙන පිළිතුරු (output tokens) මිලියනයක් සඳහා ඩොලර් 15ක්ද අය කරන බවයි.
නමුත් ඇමරිකාවේ Anthropic සමාගම Fable 5 හි input මිලියනයකට ඩොලර් 10ක් සහ output මිලියනයකට ඩොලර් 50ක් අය කරයි. OpenAI සමාගම GPT-5.6 Sol හි input මිලියනයකට ඩොලර් 10ක් සහ output මිලියනයකට ඩොලර් 45ක් අය කරනු ලබයි.
කෙසේ වෙතත්, Moonshot AI හි මෙම ගමන සම්පූර්ණයෙන්ම නිදොස් එකක් නොවේ. පසුගිය පෙබරවාරි මාසයේදී Anthropic සමාගම විසින් Moonshot, DeepSeek සහ MiniMax යන සමාගම්වලට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කළේය. ඔවුන් පවසා සිටියේ මෙම චීන සමාගම් සංවිධානාත්මක ලෙස තමන්ගේ උසස් AI මාදිලිය වංචනික ලෙස සොරකම් කර "පිරිපහදු" (distill) කර ඇති බවයි.
මාදිලි පිරිපහදුව (Model distillation) යනු විශාල හා බලවත් AI මාදිලියක් ආශ්‍රයෙන් වඩාත් කුඩා සහ ලාභදායී මාදිලියක් නිර්මාණය කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයකි.
එය ලෝකයේ පිළිගත් සංවර්ධන ක්‍රමයක් වුවද, Anthropic සමාගම චෝදනා කරන්නේ මෙම චීන සමාගම් ත්‍රිත්වය තම අවසරයකින් තොරව ව්‍යාජ ගිණුම් 24,000ක් පමණ අටවා, Claude පද්ධතිය සමඟ මිලියන 16ක සංවාද පවත්වමින් මෙම දත්ත සොරකම් කර ඇති බවයි.
එවැනි කූට උපක්‍රම හඳුනා ගැනීමට සහ ඒවා වැළැක්වීමට තමන් කටයුතු කරමින් සිටින බව පැවසූ Anthropic සමාගම, මේ සඳහා වහාම මැදිහත් වන ලෙස නීති සම්පාදකයින්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Comments
Post a Comment