ELECTRONIC WARFARE: Did Ukranian hackers trick a Russian air defense system to fire at a Su-57 Stealth Fighter (PAK - FA)?
මොස්කව් සිට කිලෝමීටර 50 ක් පමණ බටහිරින් පිහිටි ස්වෙනිගොරොඩ් (Zvenigorod) ආසන්නයේ සිදු වූ පුහුණු මෙහෙයුමකදී රුසියානු අභ්‍යවකාශ බලකායට (VKS) අයත් පස්වන පරම්පරාවේ Su-57 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇත. රුසියානු රාජ්‍ය නිලධාරීන් මුලදී මෙයට හේතුව සාමාන්‍ය "තාක්ෂණික දෝෂයක්" ලෙස දක්වමින් ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළද, රුසියානු හමුදා බ්ලොගර්වරුන්ගේ (Z-channels) පොදු මතය වන්නේ මෙය ප්‍රදේශයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් අත්වැරදීමකින් තම යානයටම පහර දීමේ (friendly-fire) සිදුවීමක් බවයි.
BARS-Moscow පද්ධතියේ පුහුණු දත්ත ලබාගැනීම් (feeds) සහ ජාල ව්‍යුහය (network architecture) පිළිබඳ පූර්ව විශ්ලේෂණය මගින් මෙම මෙහෙයුම සාර්ථක වූ බව InformNapalm සේවාව තමන්ට දැනගැනීමට ලැබුන බවට පවසන තොරතුරු අනුව කියවෙනවා. ගුවන් ආරක්ෂණ පද්ධතියේ පාලන පරාමිතීන් (control parameters) වෙනස් කිරීමෙන් හෝ අසත්‍ය ඉලක්ක තොරතුරු (false target telemetry) ඇතුළත් කිරීමෙන්, පහරදුන් පාර්ශවය විසින් ගුවන් ආරක්ෂක මෙහෙයුම්කරුවන්ට අර්බුදකාරී තීරණාත්මක කාල රාමුවක් නිර්මාණය කරන්නට ඇති අතර ව්‍යාකූලත්වය හේතුවෙන් ඔවුන් පහරදීමට පද්ධතිය විසින් සිදුකරන ඉල්ලමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම නිසා පද්ධතියේ කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමය ස්වයංක්‍රීයවම ප්‍රහාරය දියත් කරන්නට ඇත.
සක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධති තුළ සිදුවන මෙවැනි ගැඹුරු සයිබර් විකෘති කිරීම් පිළිබඳව ස්වාධීන තහවුරු කිරීමක් ලබා ගැනීම රුසියානු ආරක්ෂක අංශවලින් කිසිසේත්ම බලාපොරොත්තු වන්නට බෑ.
කෙසේ වෙතත්, මෙය සෘජු මෘදුකාංගමය අක්‍රමිකතාවයක් නිසා සිදු වූවක් වුවද, නැතහොත් නොකඩවා පැමිණෙන ඩ්‍රෝන තර්ජන හමුවේ ඇති වූ කලබලකාරී වැරදි ලෙස හඳුනාගැනීමක් නිසා සිදු වූවක් වුවද, මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ අධි-වේගී බහු-ක්ෂේත්‍ර යුධමය තත්ත්වයන් (high-tempo multi-domain warfare) මගින් ස්ථරගත ආරක්ෂක සම්බන්ධීකරණය පිරිහීමට ලක්වන ආකාරයයි


Comments
Post a Comment