AIR COMBAT : USAF's Tanker Paradox : එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඉන්ධන පිරවුම් ටෑන්කර් යානා පිළිබඳ උභතෝකෝටිකය
එක්සත් ජනපද ගුවන් හමුදාවේ (U.S. Air Force) උපක්‍රමශීලී ගුවන් බල ආකෘතිය (tactical airpower model) ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ එක් තීරණාත්මක පූර්ව නිගමනයක් මත ය: එනම්, ඕනෑම මොහොතක ගුවනේදී ඉන්ධන පිරවිය හැකි 'ටැංකර්' (refueling tankers) ගුවන් යානා යොදවා ප්‍රහාරක යානාවල ප්‍රහාරක අරය (combat radius) දිගුකල හැකි බවයි.
ඇමරිකාවෙ මෙන්ම නේටෝව සතු නූතන ප්‍රහාරක ගුවන් යානා තාක්ෂණික අතින් ඉතාමත් දියුණු මට්ටමක පැවතුණද, ගුවනේදී ඉන්ධන නැවත නොපුරවා පියසර කළ හැකි කෙටි දුර ප්‍රමාණය (short range) නිසා, ඉන්දු-පැසිෆික් වැනි විශාල කලාපීය යුධ පිටි තුළදී ඒවා යම් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙනවා.
විශේෂයෙන්ම දැනට ගල්ෆ් කලාපයේ මෙහෙයුම්වල යෙදෙන ප්‍රහාරක යානාද ගල්ෆ් කලාපයෙන් බැහැර ගුවන් කඳවුරුවලින් පිටත්විය යුතු නිසා (ගල්ෆ් කලාපයේ ඇමරිකන් කඳවුරු නිරන්තර ඉරාන ප්‍රහාරවලට ලක්වෙන නිසා ) ඒවාවලට ඉරානයට පහදී නැවැත ආපසු යාමට ටෑංකර් ඉන්ධන අත්‍යාවශ්‍යයි.
චීනයත් සමග පැසිෆික් සාගර කලාපයේ ඇතිවන ගැටුමකදී තායිවානය හා මිත්‍ර රටවල් ආරක්ෂාකරගැනීමට ඇමරිකන් බල ප්‍රක්ෂේපනයේදී මෙම ගැටලුව වඩත් උග්‍රවන්නේ අති විශාල පැසිෆික් සාගරය හරහා ගුවාම් වැනි ඇමරිකන් කඳවුරු වලින් පිටත්වෙන යානාවලට ටෑංකර් ඉන්ධන නොමැතිව තායිවානයට ලඟාවීමටවත් නොහැකිවන නිසා.
උදාහරණ ලෙස;
F-22 Raptor: ගුවනේදී නැවත ඉන්ධන නොපුරවා යා හැකි මෙහෙයුම් දුර (combat radius) කිලෝමීටර් 850 ක සිට 1,000 දක්වා ප්‍රමාණයකි.
F-35A Lightning II: ගුවනේදී නැවත ඉන්ධන නොපුරවා යා හැකි මෙහෙයුම් දුර කිලෝමීටර් 1,090 ක සිට 1,200 දක්වා ප්‍රමාණයකි.
F-15E Strike Eagle ප්‍රහාරක යානයේ මෙහෙයුම් දුර ප්‍රමාණය (combat radius) කිලෝමීටර් 1,463කි.
මේ අතර ගුවාම් දූපතේ ඇමරිකන් ගුවන් කඳවුරේ සිට තායිවානය දක්වා ඇති දුර එක් අතකට කිලෝමීටර් 2700ක් පමණ වන අතර තායිවානය අසල මෙහෙයුමක් සිදුකොට නැවත ගුවාම් බලා යන F22, F35 හෝ F15 යානයකට කිලොමීටර් 5400ක් ගමන් කලයුතු වෙනවා. ඒ මෙහෙයුමේ පියාසැරි සඳහා අවශ්‍ය කිලෝමීටර් ගණන නොසලකා හැරිය පසුයි.
එබැවින්, ටැංකර් යානාවල සහය නොමැතිව ප්‍රහාරක ගුවන් යානාවලට මෙහෙයුම් සිදු කළ නොහැකියි.
සෑම ගුවන් මුර සංචාරයක්, ප්‍රහාරක මෙහෙයුමක් සහ දිගු දුර බාධා කිරීමේ මෙහෙයුමක්ම (long-range intercept) සාර්ථක කරගැනීමට නම් මන්දගාමීව පියාසර කරන, ස්ටෙල්ත් තාක්ෂණය නොමැති පහසුවෙන් ඉලක්ක කරගත හැකි, අති විශාල KC-135 Stratotanker, KC-46 Pegasus ටැංකර් යානා මත යැපීමට සිදුවීම අති විශාල උපක්‍රමීය අවාසියක් බව මේ අනුව ඔබට පැහැදිලි ඇති.
සෑම ප්‍රහාරක මෙහෙයුමකම යෙදෙන යානා කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති සතුරු රේඩාර්වලට පහසුවෙන් පෙනෙන, හෙමින් ගමන් කරන අතිවිශාල ටෑංකර් යානා සමග සම්බන්ධවීම අනිවාර්යයෙන් සිදුවිය යුතු අතර මෙම අවස්ථාවේදී චීන PL-15 සහ PL-21 වැනි දිගුදුර මිසයිල ප්‍රහාරවලට ටෑංකර් යානා මෙන්ම ඒවායෙන් ඉන්ධන ගන්නා ස්ටෙල්ත් යානාද ගොදුරු වන්නට පුලුවන්.
ගැටලුවට යෝජනා වී ඇති හා දැනට සංවර්ධනය කරමින් තිබෙන විසඳුම්
සතුරු තර්ජන ඇති ගුවන් කලාපවලදී (contested airspace) non-stealthy ගුවන් හමුදා ඉන්ධන පිරවුම් යානා මත යැපීමට සිදුවීමෙන් ඇති වන ව්‍යුහාත්මක අවදානමට පිළියම් යෙදීම සඳහා, ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය සහ නූතන ගුවන් හමුදාවන් තාක්ෂණික, උපක්‍රමික සහ ආකෘතිමය වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින් උපායමාර්ග සකස් කරමින් සිටී.
ඊළඟ පරම්පරාවේ රහසිගත සහ ස්වයංක්‍රීය ඉන්ධන පිරවුම් යානා
NGAS (ඊළඟ පරම්පරාවේ ගුවන් ඉන්ධන පිරවුම් පද්ධතිය)
වාණිජ ගුවන් යානා පදනම් කරගත් ඉන්ධන පිරවුම් යානා (KC-46 වැනි) වෙනුවට, සටන් බිම ඉදිරිපස සතුරු රේඩාර් ආවරණ කලාප ආසන්නයේ වුවද සුරක්ෂිතව ක්‍රියාත්මක විය හැකි low-observable / stealthy ඉන්ධන පිරවුම් යානා වෙත යොමු වීම.
නෞකා පදනම් කරගත් ස්වයංක්‍රීය ඉන්ධන පිරවුම් යානා (MQ-25 Stingray)
ප්‍රහාරක ගුවන් යානාවල මෙහෙයුම් පරාසය වැඩි කිරීම සඳහා සහ නියමුවන්ගේ ජීවිත අවදානම අවම කිරීම වෙනුවෙන්, නෞකාවල සිට ගුවන්ගත කළ හැකි MQ-25 Stingray වැනි ස්ටෙල්ත් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා ප්‍රදේශයේ ඉන්ධන පිරවීමේ කර්තව්‍යයන් සඳහා එක් කර ගැනීම.
උපක්‍රමික සහ මිසයිල ආරක්ෂණ ප්‍රවර්ධනයන්
සෘජු ප්‍රහාරාත්මක ආරක්ෂණ ක්‍රමවේද (Hard-Kill Defenses)
පවතින ඉන්ධන පිරවුම් යානා සඳහා අධෝරක්ත ප්‍රති-පියවර (DIRCM), රේඩාර් මඟහැරීමේ පද්ධති සහ එල්ල වන දිගු දුර ගුවන්-සිට-ගුවන් මිසයිල විනාශ කළ හැකි කුඩා වළක්වන මිසයිල පද්ධති සවි කිරීම.
ආරක්ෂක අනුගමන උපක්‍රම (Escort Tactics)
ඉන්ධන පිරවුම් යානා සහ AWACS වැනි ඉහළ වටිනාකමකින් යුත් ගුවන් යානා (HVAAs) සතුරු මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත ආරක්ෂක ගුවන් යානා සහ සහායක ඩ්‍රෝන යානා (loyal wingman) යෙදවීම.
Comments
Post a Comment