WARFARE : බිමහෙලූ සතුරුගුවන් යානා සළකුණු සහිත පකිස්ථාන් ගුවන් හමුදා ජෙට් යානා | Pakitan Airforce Jets Spotted with "Kill Markings"
Squadron Leader Hassan Anees Sitara-i-Jurat
ඉහත ඡායාරූපයේ පෙන්නෙන්නේ පකිස්ථානු ගුවන් හමුදාවට අයත් චීනයේ නිර්මාණය කල J-10C ප්‍රහාරක ජෙට් යානයකි. මෙහි නියමුවා ලෙස දැක්වෙන්නේ බළගණ නායක (Squadron Leader) හසන් අනීස් බව යානයේ සටහන් කර තිබෙනවා.
එසේම ඔහුගේ නමට අගින් SJ යනුවෙන් සටහන් කර ඇති අතර ඒ උර්දු භාෂාවෙන් Sitara-i-Jurat ( Star of Courage) යන ගෞරව සම්මානය ඔහු දිනාගෙන ඇති බවට සළකුණයි.
සිතාරා-ඒ-ජුරාත් සම්මානය පකිස්ථාන ත්‍රිවිධ හමුදා නිළධාරියෙකුට දිනාගත හැකි තුන්වන උසස්ම රණශූර සම්මානයයි. පාකිස්ථාන ගුවන්, නාවික හෝ යුධ හමුදා නිළධාරීන් සටන්බිමේ දැක්වූ එඩිතර කම හා සුවිශේෂ දක්ෂතා අගැයීමට මෙම සම්මානය පුදකරනවා.
මෙහි වැදගත් කම නම්, බළගණ නායක හසන් අනීස් මෙම සම්මානය දිනාගන්නට ඇත්තේ කෙසේදැයි සළකුණක් ඔහුගේ යානයේම සටහන් කර තිබීමයි. එහි වම් කෙළවරේ කලුපැහැති ගුවන්යානයක සළකුණක් හා ඒ මත රතු-සුදු කවයක් තිබෙනවා. සාමාන්‍ය ගුවන් හමුදා සම්ප්‍රදායන් අනුව, මෙම සළකුණ Kill Marking ලෙස හැඳින්වෙන අතර Kill Markings යානයකට යොදන්නේ එම යානයේ නියමුවා වෙඩිතබා හෝ මිසයිල ප්‍රහාරයකින් බිමහෙලූ බවට තහවුරුවන සතුරු ගුවන් යානා ගණන පෙන්වීමටයි.
සම්මානය හා බිමහෙලූ යානා සළකුණ එකට ගෙන බලන විට, පසුගියදා ඇතිවූ ඉන්දීය-පාකිස්ථාන් ගුවන් සටනේදී පාකිස්ථාන ගුවන් හමුදාව බිමහෙලූ බවට තහවුරුවී ඇති ඉන්දීය ගුවන් හමුදාවේ Mirage 2000 හෝ MiG-29 යානා දෙකෙන් එකක් බළගණ නායක හසන් අනීස් බිමහෙලා ඇති බව සිතාගන්න පුලුවන්.
Squadron Leader Asshad Amir Sitara-i-Jurat
තවත් එවැනිම Kill Markings සහිත පාකිස්ථාන් J-10C යානයක්ද එම ඡායාරූප ශිල්පියාම හසුකරගත් අතර එම යානයේ නියමුවා බළගණ නායක අෂාඩ් අමීර් බව යානයේ සටහන් කර තිබෙන අතර ඔහුද සිතාරා-ඒ-ජුරාත් සම්මානය දිනාගෙන තිබෙනවා.
Kill Marking එක හා සම්මානය ගත්කල ඉන්දීය ගුවන්හමුදාවේ දෙවන යානය බිමහෙලූ පාකිස්ථාන් නියමුවා බළගණ නායක අෂාඩ් අමීර් වියයුතුයි.


Comments
Post a Comment