අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

හෙලි-ප්ලේන්: හෙලිකොප්ටර් නිර්මාණයේ අලුත්ම සංකල්පය

ඩාර්පා (DARPA) හෙවත් යුධමය තාක්ශණය දියුණු කිරීම සඳහා අමෙරිකානු ආරක්ශක අමාත්‍යාංශය මගින් ස්ථාපිත කරන ලද ඒජන්සිය (Defense Advanced Research Projects Agency) හා අමෙරිකාවේ ලෝකප්‍රකට බෝයිං සමාගම මගින් යුධ මෙහෙයුම් සඳහා යොදාගත හැකි නවතම තාලයේ හෙලි-ප්ලේන් යානයක් හෙවත් අධිවේගී ගුවන් යානයක හා හෙලිකොප්ටරයක ගුණාංග මුහුවකින් සැකසුන යානයක් නිපදවමින් තිබෙනවා.

DiscRotor Retractable-Blade Heliplane නැතිනම් DiscRotor Compound Helicopter යන නාමයන් දෙකෙන්ම හඳුන්වන මෙම හෙලි-ප්ලේන් යානයේ ක්‍රියාකාරිත්වය මෙසේයි.

ඉහත ඡායාරූපයේ පෙනෙන ආකාරයට මෙම යානයට හෙලිකොප්ටරයක් මෙන් ඉහල නැගිය හැකියි. අවශ්‍ය උසට ලඟාවුනු විට නියමුවාට යානයේ අවරපෙති, ඒවා සවිකර ඇති තැටිය තුලට ගත හැකියි. ඒත් සමගම යානයේ දෙපස ඇති එන්ජින් ක්‍රියාත්මක වන අතර යානය ගුවන් යානයක් මෙන් අධික වේගයෙන් ඉදිරියට ගමන්කිරීමේ හැකියාව ලබාගන්නවා.


අමෙරිකානු යුධ හමුදාව පවසන ආකාරයට මෙම යානයේ අධික වේගයත්, හෙලිකොප්ටරයක් මෙන් එකතැන ගොඩ බැස්වීමට ඇති හැකියාවත් නිසා මෙවැනි යානා නුදුරු අනාගතයේදී රහසිගත මෙහෙයුම් වල යෙදීසිටින අමෙරිකානු කොමාන්ඩෝ භටයන්ට විශාල යුධමය වාසියක් (tactical advantage) ලබාදෙනු ඇති


හෙලි-ප්ලේන් යානයේ ක්‍රියාකාරිත්වය පෙන්වන යූ-ටියුබ් වීඩියෝව නරඹන්න (මෙම විඩියෝව හඬ රහිත - silent - වීඩියෝවකි )

Comments