අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Intel THUNDERBOLT Technology



තන්ඩර්බෝල්ට් යනු ඉන්ටෙල් සමාගම මගින් දියුණු කරණ ලද දත්ත හුවමාරු තාක්ශණයකි (Data Transfer Technology). දැනට පරිගණක හා එයට සවිකරන කැමරා, මවුස්, එක්ස්ටර්නල් හාර්ඩ්-ඩිස්ක් වැනි උපාංග අතර දත්ත හුවමාරුව සිදුවන්නේ USB 2.0 ක්‍රමයටයි. USB 2.0 ක්‍රමයට අනුව තත්පරයකට මෙගාබයිට් 60ක වේගයෙන් දත්ත හුවමාරුව සිදුවේ.

ඉන්ටෙල් සමාගමේ තන්ඩර්බෝල්ට් තාක්ශණය මගින් මේ දත්ත හුවමාරු වේගය තත්පරයකට ගිගාබිට් 10කි. මේ අනුව ගිගාබයිට 2ක් පමණ විශාලවන HD ක්‍රමයේ චිත්‍රපටයක් තත්පර 10කටත් අඩු කාලයකදී තන්ඩර්බෝල්ට් තාක්ශණයම මගින් හුවමරුකර ගත හැක.


තන්ඩර්බොල්ට් තාක්ශණය ක්‍රියාත්මකවෙන ආකාරය



තන්ඩර්බොල්ට් උපකරණ සවිකරණ තන්ඩර්බෝල්ට් "පෝර්ට්" එකක් දිස්වෙන ආකාරය


දැනට භාවිතයේ පවතින දත්ත හුවමාරු තාක්ශණයන් හා තන්ඩර්බෝල්ට් තාක්ශණයේ දත්ත හුවමාරු වේගයන් සන්සන්දනය

Comments

  1. HDMI ගැනත් ලියන්න. වටින විස්තරයක්..

    ReplyDelete

Post a Comment